ඉන්ධන මිල වැඩි කලේ ලෝක වෙලදපලේ මිල වැඩිවීම නිසාම නොවෙයි..- ලක්මාලි


 මෙරට ඉන්ධන මිල ඉහළ යාමට බලපෑවේ හුදෙක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම පමණක් නොවන බවත්, රට තුළ ඉන්ධන හිඟයකින් තොරව අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ වූ බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. 

දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කළ බව සිහිපත් කළ මන්ත්‍රීවරිය, මිල තීරණය කිරීමේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට අමතරව තවත් සාධක කිහිපයක් බලපෑ බව පෙන්වා දුන්නාය.

"ලෝක වෙළඳපොළේ මිල වැඩිවීමට අමතරව, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ ප්‍රිමියම් ගාස්තු එකවරම ඉහළ යාම නිසා විශාල අර්බුදයක් මතු වුණා. ලෝක වෙළඳපොළේ මිල සියයට සියයකින් (100%) වැඩි වෙද්දී, අපි ලංකාවේ මිල වැඩි කළේ සියයට හතළිහකින් (40%) වැනි අඩු මට්ටමකින්. ජනතාවට දරාගත හැකි මට්ටමක මිල පවත්වා ගැනීමට රජය උපරිම උත්සාහයක් ගත්තා" යැයි ඇය පැවසුවාය.

වත්මන් රජයේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් දේශපාලනය තුළ කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරත නොවන බව අවධාරණය කළ හේමචන්ද්‍ර මහත්මිය, පවතින අර්බුදය හමුවේ කිසිදු පාර්ශවයක් අයුතු ලාභ ලැබීමට කටයුතු නොකරන බව ද සඳහන් කළාය.

"අපි දේශපාලනය ඇතුළේ බිස්නස් කරන්නේ නැහැ. ඒ නිසා ලෝක වෙළඳපොළේ මිල අඩු වන සෑම අවස්ථාවකදීම එහි වාසිය සෘජුවම ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ඉන්ධන මිල සූත්‍රය සහ මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව තුළ කිසිදු සැකයක් ඇති කරගත යුතු නොවන බවත්, රජය ඉතා විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු මෙහෙයවන බවත් මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය.

9 Comments

  1. Lajja nathiwa oooka kiyanna kalin kakkussi pochchiye kata athullagena wara wesi kiwwe bana ganata denawa kiyala

    ReplyDelete
  2. මේ ගොල්ලෝ කට වහගෙන හිටියනම් අනුර සහෝදරයට වැඩේ කරගන යන්න ලේසියි මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. තඹුත්තේගම හුසේන්ගේ වසලයා කොහොමද බෝල සහෝදරයෙක් වෙන්නේ .. ඔය තක්කඩියා ගහන ගේම් තමයි මේ ඔක්කොම .. ඕකගේ මූනේ කැත ,...

      Delete
  3. ඔව් ඔව්. පොඩ්ඩක් ලොක වෙළදපොලෙ මිල බලල ඉන්න හැකරෙට කට තිබ්බට මොලයක් තියෙනවාද ?

    ReplyDelete
  4. පල කට ගඳ වපර බැල්ලි

    ReplyDelete
  5. පලයන් බල්තසාර් ඌරු දෙනත් එක්ක බෙරේ නාපපන් .. වඳුරු වේසි

    ReplyDelete
  6. හේතුව හරිම (හරිනි නෙවෙයි හොඳේ) සරලයි. අගුරු කුමාර දෙපිට කට්ටුවේ ගලතුරු පාඩුව ලාභයක් කරන්න වෙන කිසිම විදිහක් නෑ අයිබෝං. අපි මේ ගැන සෑහෙන්න 'පොඩ්ඩක් කල්පනා කරල බලලයි' මේ ලෙහෙසිම ක්‍රමය තෝරා ගත්තේ. ඕං සහසුද්දෙන්ම කිව්වා.

    ReplyDelete
  7. 'වත්මන් රජයේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් දේශපාලනය තුළ කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරත නොවන බව අවධාරණය කළ හේමචන්ද්‍ර මහත්මිය' ආප්ප වැනි පාපිසි කෑලි මන්ත්‍රි හොරුන් නිරත වන එකම ව්‍යාපාරය කොමිස් කෑමේ තරගය බවද ඉතා පැහැදිලිව සඳහන් කළාය.

    ReplyDelete
  8. English කථා කරන්න පුලුවන්කම බුද්ධිමත් කමක් ලොකු කමක් කියලා හිතාගන්න එපා.ඔයා ගොබ්බ කමේ උපත කිව්වොත් නිවැරදියි.

    ReplyDelete
Previous Post Next Post