කටාන, දාගොන්න ප්රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් කෝපයට පත් ප්රදේශවාසීන් අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයට ගිනි තබා විනාශ කර තිබේ.
අද අලුයම 1.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බහාලුම් ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙනි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කටාන පොලිසිය තහවුරු කළේය.
අනතුරින් පසු ප්රකෝප වූ ප්රදේශවාසීන් කන්ටේනර් රථයට ගිනි තැබීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් සහ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
සිද්ධිය සැලවූ වහාම ක්රියාත්මක වූ කටාන පොලිස් නිලධාරීන් සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව කන්ටේනර් රථයේ පැතිර ගිය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
අනතුරුව පොලිසිය මැදිහත් වී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කර ප්රදේශයේ සාමය තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Two Young Lives Lost in Fatal Accident in Katana
A tragic accident in the Dagona area of Katana has claimed the lives of two young men, igniting outrage among local residents who subsequently set fire to the container truck involved in the incident.
The collision, which occurred around 1:45 AM today, involved a motorcycle crashing into a container truck transporting goods.
The Katana Police have confirmed that both young men riding the motorcycle succumbed to their injuries at the scene of the accident.
Following the crash, angry locals protested by igniting the container truck, creating a tense and heated atmosphere in the vicinity.
Emergency response units, including Katana Police and the fire service from the Minuwangoda Urban Council, promptly arrived to extinguish the fire that spread from the container truck.
Authorities intervened to control the enraged crowd and restore order in the area, ensuring peace amidst the chaos.
The Katana Police are conducting further investigations into the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොන්න ගොඩේ ගන්කබරයෝ මලකඩ හීනේට කලින්ම ගිනිතිව්වා නම් ඔහොම වෙන්නේ නෑනේ. බයික් පොන්නයෝ පාරක යන්න දන්නේ නැති අමු නූගත් හැත්තක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮
ReplyDeleteබයික් වල යන අයව විශාල වාහන වලට පේන විදියට යන්න. කන්ටේනර් ගිනිතියපු එවුන්ව හිරේ දාන්න. ජවිපාවුන් නීතිය අතට් ගැනීම නවත්වනු
ReplyDeleteකන්ටේනර් කාරයො වාහන පදවන්නේ ත්රීවීල් පදවනව වගේ. උගත් කමක් නැති අයට බර වාහන ලයිසන් ඕක තමයි ප්රතිඵලය. ඔය කන්ටේනර් වල ඉදිරිපස සිට පසුපසට ලයිව් එකක් ගහල තියනව ඒ ලයිට් එක පිටුපසින් එන වාහනයට වැදුනම පාරෙ කිසිවක් පේන්නේ නැහැ. පොලීසිය මේ පිළිබදව අවධානය යොමු කල යුතුය.
ReplyDeleteලප පච කොටාගේ සාපය
ReplyDelete