ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා අගෝස්තු 05 වන දින සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ පෞද්ගලික හේතු කිහිපයක් පදනම් කරගෙනය.
අද (30) මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේසිංහ මහතා සඳහන් කළේ, සිය වයස සහ පවතින කායික වෙහෙස මෙන්ම ඉදිරි නිර්මාණ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
"මගේ පෞද්ගලික හේතූන් මත, විශේෂයෙන්ම මගේ වෙහෙසත් වයසත් ගැන සලකලා සහ මගේ නිර්මාණ කටයුතු පිළිබඳවත් සලකලා මම තීරණය කළා මේ ධුරයෙන් ඉවත් වෙන්න. මෙයට වෙනත් කිසිදු හේතුවක් බලපා නැති බව මම අවධාරණය කරනවා," යැයි ඔහු පැවසීය.
වත්මන් රජය සහ ජනාධිපතිවරයා කෙරෙහි තමා තැබූ විශ්වාසය කිසිසේත්ම අඩු වී නොමැති බවත්, ඉදිරියේදී ද රජයේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජය සමඟ කිසිදු අමනාපයක් නොමැති බවත්, පෞද්ගලික නිදහස සහ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
පසුගිය 2024 දෙසැම්බර් මාසයේදී මෙම ධුරයට පත් වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා, මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රකට කිවිවරයෙකු සහ ගේය පද රචකයෙකු ද වේ.
Prominent Literary Figure Resigns as Chairman of National Library and Documentation Services Board
Renowned literary scholar Rathna Sri Vijesinghe has resigned from his position as Chairman of the National Library and Documentation Services Board, effective August 5. His decision comes after considerable reflection on personal matters.
In a statement to the media today, Vijesinghe revealed that his resignation was prompted by a combination of his age and ongoing physical fatigue, as well as a desire to dedicate more time to upcoming creative projects.
“After considering my personal reasons, particularly my fatigue and age, and reflecting on my creative endeavors, I have decided to step down from this position. I want to emphasize that there are no other influencing factors,” he said.
He assured that his trust in the current government and the President remains intact and expressed his readiness to continue supporting government initiatives in the future.
Vijesinghe clarified that there are no grievances against the government; rather, his decision stems from a need for personal freedom and dedication to literary activities.
Since taking up the role in December 2024, Vijesinghe has been a prominent figure in the literary field in Sri Lanka, known for his significant contributions as a writer and lyricist.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නැව ගිලෙන්න ඉස්සර පැන ගන්න එක යහපති.
ReplyDeleteපෞද්ගලික හේතු කිහිපයක්
ReplyDeletehamotama eka hethuway
වයස හින්දා අස්වනවා නම් මොකද ආණ්ඩුව විනිසුරුවරුන්ගේ වයස වැඩි කරන්න හදන්නේ
ReplyDeleteගොන් ප්‍රසන අහන්න එපා,
Deleteගෙදර යතුරක්වත් දෙන්න එපා කිව්වා මතක නැද්ද
පක්ෂයේ විධායක සභික නීතීඥ ලාල් විජේනායක මහතා වගේ ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්න හැමෝටම බැහැ.
Deleteඒකට හොඳ කොන්දක් තියෙන්න ඕනෙ.
පත්වීම අරගෙන අවුරුදු දෙකක් යන්නත් ඉස්සර ඔච්චර වයසට ගියේ කොහොමද?.
ReplyDeleteහාකෝ එහෙනම් ඔයාට මොකුත් කියන්න බැහැ ඔය රටට වැඩක් කරපූ එකෙක්
ReplyDeleteThanks a lot boss
අපිට හෙණ ගහනවා වගේ බදු ගහලා ඒවා දෙනවා ජේවීපී කාරයොන්ට.
ReplyDeleteමේක අවංක ප්‍රකාශයක් නම් අස්වීමේ ලිපිය දෙන්නට පෙරයි කියන්නෙ.
ReplyDeleteඑකෙන්ම උගතෙක්. ජෙප්පන්ට කන අත ගා කනට ගැසු වැඩක්. එතුම ලියපු සිංදුත් ඒ වගේ. “ මම විශ්‍රාම වයස වැඩි කරනවට කැමති නෑ…” කෙලින් කියනව වෙනුවට එතුමා රිටයර් වෙනව. හේතුව මම වයසයි. ඕව තේරෙන උන් නම් දැන් ආන්ඩුවෙ නැ
ReplyDelete