ආසියාවේ වැඩිම රථවාහන තදබදයක් පවතින රට ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට...


 2026 වසරේ මැද භාගය සඳහා නිකුත් කරන ලද 'Numbeo' රථවාහන දර්ශකයට අනුව, ආසියාවේ වැඩිම රථවාහන තදබදයක් පවතින රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

මෙම නවතම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රථවාහන තදබදය අතින් ලකුණු 254.5ක් ලබා ගනිමින් ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව බංග්ලාදේශය (246.2), ඉරානය (215.3), ඉන්දියාව (205.1) සහ ඉන්දුනීසියාව (191.1) යන රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම අගෞරවනීය වාර්තාවට හිමිකම් කියා ඇත.

ආසියානු කලාපයේ වැඩිම රථවාහන තදබදයක් සහිත රටවල් 10 අතරට ජෝර්දානය, තුර්කිය, ලෙබනනය, පිලිපීනය සහ පකිස්ථානය ද ඇතුළත් වේ. කෙසේ වෙතත්, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ වියට්නාමය වැනි රටවල සාපේක්ෂව අඩු රථවාහන තදබදයක් පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

ගෝලීය මට්ටමින් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ලොව තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, එහිදී නයිජීරියාව (320.3) ප්‍රථම ස්ථානයත්, කොස්ටාරිකාව දෙවැනි ස්ථානයත් ලබාගෙන ඇත. බංග්ලාදේශය සහ කෙන්යාව ලෝකයේ වැඩිම තදබදයක් සහිත රටවල් පහ අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ගමන් බිමන් සඳහා ගතවන කාලය, තදබදය හේතුවෙන් අපතේ යන කාලය, ඉන්ධන භාවිතයේ අකාර්යක්ෂමතාව සහ රථවාහන තදබදය නිසා සිදුවන කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනය යන සාධක පදනම් කරගනිමින් මෙම 'Numbeo' රථවාහන දර්ශකය සකස් කර තිබේ.

මෙමගින් ආසියානු කලාපය පුරා වර්ධනය වෙමින් පවතින මාර්ග තදබදය පිළිබඳ බරපතළ අභියෝගය මැනවින් පිළිබිඹු වේ.





Sri Lanka Ranks First in Asia for Traffic Congestion, Says 'Numbeo' Index

According to the latest traffic index released by Numbeo for mid-2026, Sri Lanka has earned the dubious distinction of having the highest traffic congestion in Asia.

With a score of 254.5, Sri Lanka takes the lead in the region, surpassing Bangladesh (246.2), Iran (215.3), India (205.1), and Indonesia (191.1) in terms of vehicle congestion.

The top ten countries in Asia grappling with severe traffic congestion also include Jordan, Turkey, Lebanon, the Philippines, and Pakistan. In contrast, nations like Malaysia, Thailand, Singapore, and Vietnam are noted to experience relatively lower levels of congestion.

On a global scale, Sri Lanka ranks third, trailing behind Nigeria, which holds the first position with a congestion score of 320.3, and Costa Rica in second place. Bangladesh and Kenya are also listed among the five countries worldwide with the highest traffic congestion.

The Numbeo traffic index is formulated based on factors such as travel time, time wasted due to congestion, fuel consumption inefficiency, and carbon dioxide (CO2) emissions resulting from traffic jams.

This ranking starkly highlights the escalating challenge of road congestion pervading the Asian region.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් පදින බහුතරයක් මාර්ග නීතිය බල්ලට දාල තියෙන නිසා තමයි අපි කප් එක ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. වමෙන් ඉස්සර කරන පාරක හරියට ය්න්නේ නැති මාර්ග නීති බල්ලට දාලා පාරේ යන බස් කැරියෝ, ලෝක පූට්ටූ කැරියෝ, බයික් කැරියෝ නිසා තමයි පාරේ ට්‍රැෆික් වැඩි. අමු නූගත් අඩුකුලේ කලු ජරාව.

      Delete
    2. තෝර පදුවගේ දේවසිරිJuly 12, 2026 at 8:52 PM

      ආ... උසස් කුලේ හොඳ උගතා ටොප් කුණුහරප ටිකක් කියලා තියෙන්නේ. අනේ පකෝ, හැමිණියන්. තෝ ඊයේ පෙරේදා පාවිච්චි කරපු මරුටියක් අරගෙන කයිය ගහනව. වරෙන් අපේ වත්ත උදලු ගාන්ඩ, තොට කන්ඩ කීයක් හරි දෙන්නම්.

      Delete
    3. දේවසිරි මැතිතුමා, අනේ පලයන් මහත්තයො යන්න.
      උඹ මේ ගෑනිත් එක්ක රන්ඩු වෙන්න ලියපු කොමෙන්ට් මේකෙ දාන්න එප, හරිද.

      Delete
    4. තෝර පදුවගේ දේවසිරිJuly 12, 2026 at 10:33 PM

      හා එහෙනම් මම යනවා, කාර් එක ඕන් නෑ නේ? එන්ඩ රෑ වෙනවා, කෑම හදලා තියපන්.

      Delete
  2. ඕකට ප්‍රධාන හේතු කිහිපයක් තියනව
    හයිවේ එකේ ඉදල කොට්ටාවට දාපූ ගමන් දකුණු පැත්තට දාල කොටනව, ගෙදර යන්න ඉස්සෙල්ලා හොර ගෑනුන්ට කෝල් දානව, ත්‍රීවීල් කාරයො එක ට්‍රැක් එකක යන්න දන්නේ නැහැ හැම පැත්තටම දානව, කොටින්ට කියනව නම් ලංකාවේ බහුතරය වාහන පදවන්න දන්නෙම නැහැ. ප්‍රයිවට් බස් ගැනනම් කතාකරලා වැඩක් නැහැ. වැල්ලවත්තෙ ඉදල කොල්ලුපිටියට එනකම් අනවශ්‍ය කලර් ලයිට්, බොහෝ රටවල කිලෝමීටර් එකකින් විතර තමයි කලර් ලයිට් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වමෙන් ඉස්සර කරන පාරක හරියට යන්නේ නැති මාර්ග නීති බල්ලට දාලා පාරේ යන බස් කැරියෝ, ලෝක පූට්ටූ කැරියෝ, බයික් කැරියෝ නිසා තමයි පාරේ ට්‍රැෆික් වැඩි. අමු නූගත් අඩුකුලේ කලු ජරාව.

      Delete
    2. තෝර පදුවගේ දේවසිරිJuly 12, 2026 at 8:52 PM

      ආ... උසස් කුලේ හොඳ උගතා ටොප් කුණුහරප ටිකක් කියලා තියෙන්නේ. අනේ පකෝ, හැමිණියන්. තෝ ඊයේ පෙරේදා පාවිච්චි කරපු මරුටියක් අරගෙන කයිය ගහනව. වරෙන් අපේ වත්ත උදලු ගාන්ඩ, තොට කන්ඩ කීයක් හරි දෙන්නම්.

      Delete
  3. වමෙන් ඉස්සර කරන පාරක හරියට යන්නේ නැති මාර්ග නීති බල්ලට දාලා පාරේ යන බස් කැරියෝ, ලෝක පූට්ටූ කැරියෝ, බයික් කැරියෝ නිසා තමයි පාරේ ට්‍රැෆික් වැඩි. අමු නූගත් අඩුකුලේ කලු ජරාව.

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිJuly 12, 2026 at 8:59 PM

      ආ... උසස් කුලේ හොඳ උගතා ටොප් කුණුහරප ටිකක් කියලා තියෙන්නේ. අනේ පකෝ, හැමිණියන්. තෝ ඊයේ පෙරේදා පාවිච්චි කරපු මරුටියක් අරගෙන කයිය ගහනව. වරෙන් අපේ වත්ත උදලු ගාන්ඩ, තොට කන්ඩ කීයක් හරි දෙන්නම්.

      Delete
  4. වැඩියෙන්ම බොරු කියන ආණ්ඩුව සහ ජනාධිපති හෙව්වනම් අපි ඒකෙනුත් එක වෙනවා. ඉතින් මේ ජනාධිපති යටතේ ලැබූ මේ ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විඳින්න. මොකෙන් හරි එකනෙ උණේ. ආසියාවෙන් විතරක් නෙමේ. ලොකෙන්ම මුල් පහ අතරෙ. ඉතින් අනිත් අය්‍යට ඔහොම කරගන්න බැරි උණානෙ කවුරු කොහොම කිව්වත්. මේ අයටනෙ අහුවුණේ මෙට්‍රො යන්නෙ එක අතකට විතරය කියලා. නැතිනම් ඕක මීටත් කළින් වෙන්නෙ. භය වෙන්න එපා. මේ අය ඕව පබ්ලිශ් කරන්නෙත් ඔය විඪ්ගියටම තමයි.

    ReplyDelete
  5. Three-wheelers and motorcycles overflowing on the roads! Unbearable nuisance!

    ReplyDelete
Previous Post Next Post