ජනතාව කුණු දාපු ගමන් එකතු කරන්න අපට බෑ..- කඩුවෙල නගරාධිපති


 කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති විවේචනවලට පිළිතුරු දෙමින් නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසා සිටියේ, ජනතාව කසළ බැහැර කළ සැනින් ඒවා එකතු කිරීමට නගර සභාවට තාක්ෂණිකව නොහැකි බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

කසළ එකතු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් සහ ක්‍රමවේදයක් පවතින බව පෙන්වා දුන් නගරාධිපතිවරයා, සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ මාර්ග අසල තබන කසළ පසුදින පෙරවරු 10 ත් දහවල් 12 ත් අතර කාලය තුළ එකතු කරන බව සඳහන් කළේය. එම කාල පරාසය තුළ කසළ මාර්ග අසල තිබීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.

ඇතැම් පිරිස් සහ මාධ්‍ය ආයතන මෙම කාලසීමාව ඉලක්ක කරගනිමින්, කසළ එකතු කිරීමට පෙර එම ස්ථාන වීඩියෝ ගත කර නගර සභාවේ අකාර්යක්ෂමතාවයක් පවතින බවට රටට වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

"මේක සැලසුම් සහගතව, ඉලක්කගතව කරන වැඩක්. කුණු ගොඩවල් පෙන්නලා රටට වැරදි අවබෝධයක් දෙන්න දරන උත්සාහයක් අපි දකිනවා" යැයි ද ඔහු පැවසීය.

කඩුවෙල නගර සභාව සිය උපරිම ශක්තිය යොදවා කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව සිදුකරන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් ජනතාව නොමඟ නොයන ලෙසත් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


6 Comments

  1. එකතු කරන්න බැරිනම් , ඇවිල්ල කාපන ගල මූසලා පල් බලු වේසිගෙ පුතා . කලක්කනි පාහරයෝ බොරු කියලා බලේ අරගෙන දැන් මහා එකකගේ ඉඳලා පාපිස්සා දකවා රීගෙන .. නොදකින් .. ශික්

    ReplyDelete
  2. එකතු කරන්න බැරිනම් , ඇවිල්ල කාපන් ගල් මූසල පල් බලු වේසිගෙ පුතා . කාලක්කනි පාහරයෝ බොරු කියලා බලේ අරගෙන දැන් මහා එකාගේ ඉඳලා පාපිස්සා දක්වා රෙද්දේ රීගෙන දඟලනවා .. නොදකින් .. අශික්කිතයින්. ලජ්ජා නැද්ද ඕයි

    ReplyDelete
  3. මම මෙක ලියන්නෙ 3වන වතාව. මම ඉන්නේ කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ. මීට කලින් නාගරික කොමසාරිස් කෙනෙක් යටතේ සෑහෙන කාලයක් කුණු එකතු කළා. එකල නොතීබු ගැටළුවක් දැන් තියෙනවා. සමහර මාසවල සති දෙකකට වඩා යනතුරු කුණු ගන්න ආවෙ නැහැ.අපෙ ප්‍රදෙශයෙ ඉස්සර කුණු එකතු කරන්න ආවෙ ඉරිදට. දැන් කිසිම පිලිවෙළක් නැහැ. මිනිස්සු රෑට කුණු එළියට දාන්නෙ නැහැ. ඉරිදා උදෙට කුණු දාන්නෙ. නැත්නම් සත්තු අදිනවා රෑට.කුණු ගන්න ආවෙ නැත්නම් ඒ ටික එළියෙ. සත්තු අදිනවා රෑට. පසුගිය මාස කිහිපයම එහෙමයි වුනෙ. මුන්ට වැඩ බැහැ. කයිය,වැඩ වර්ජන සහ උද්ගොෂණ විතරයි පුළුවන්. වැඩ බැරි ඒකාට බැහැම තමයි.

    ReplyDelete
  4. මම ඉන්නේ කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ.. කලින් අපේ පැත්තට එන්නේ සෙනසුරාද දවස් වල විතරක් දවල්ට... දැන් එහෙම නැහැ දවස් වෙනස් වෙනවා.. කඩුවෙල පොළ ලඟින් කැළණි ගඟ දෙසට ගලන කුඩා ඇලපාරක් තියෙනවා.. ඒක ගොඩ කාලෙකින් සුද්ද කරලා නැහැ plastic බෝතල් බෑග් වගේ දේවල් වලින් ඒක වැහිලා... මාලිමා පාලනය යටතේ සාමාන්‍ය ජනයාට දැනෙන වෙනසක් නම් උනේ නැහැ..

    ReplyDelete
  5. මිනිහෝ මේවා දාපු ගමන් කුනු නෙමෙයි සති 2 3 පරණ කුණු බොරු බයිලා ගහන්න එපා

    ReplyDelete
  6. Reepu gaman hodannath epa ban poddak dry wenna deela hoda ganin pakaya

    ReplyDelete
Previous Post Next Post