ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර නොදීම සහ එහි රඳවා සිටින රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් කොමිසම හමුවට කැඳවා තිබේ.
පසුගිය ජූලි 14 වැනිදා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන්ට වධහිංසා පමුණුවන බවට ලැබුණු තොරතුරක් මත, ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ගිය කොමිසමේ නිලධාරීන්ට බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලබා නොදී ඇත. මෙය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව කොමිසම මෙහිදී අවධාරණය කළේය.
පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම රැඳවුම් මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමට කොමිසමට ඇති නීත්‍යානුකූල බලය මෙහිදී අභියෝගයට ලක්ව ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් පැවති බවත්, සේවයේ යෙදී සිටියේ නිලධාරීන් හය දෙනෙකු වැනි සුළු පිරිසක් බැවින් කොමිසමේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වූ බවත් බන්ධනාගාර බලධාරීන් පවසා ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිට මාරු කර එවන ලද රැඳවියන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පැවති බැවින් එම අවස්ථාව ඉතා නොසන්සුන් වූ බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය නොකිරීම පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් සිය කණගාටුව පළ කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිට මාරු කරන ලද රැඳවියන් වධහිංසාවලට සහ අමානුෂික සැලකීම්වලට ලක්ව ඇති බවත්, ඇතැම් රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර පවා අහිමි කර ඇති බවත් කොමිසම අනාවරණය කරගෙන ඇත. එමෙන්ම, සිය දඬුවම් කාලය අවසන් කළ රැඳවියන් පිරිසක් නිදහස් නොකර තවදුරටත් රඳවා තබා ගැනීම නීති විරෝධී බව ද කොමිසම පෙන්වා දෙයි.
Commission Summons Officials Over Allegations of Prison Violence
In a significant move, top officials, including the prison superintendent, have been summoned by the Sri Lanka Human Rights Commission to address serious concerns about the security of inmates at the Welikada Prison. This follows alarming reports of violence within the prison.
The session, held on July 14, was chaired by retired judge L.T.B. Dehideniya, the commission's chairman. It appears that a prior incident on the night of July 7, where allegations of severe violence against inmates arose, prompted the commission to investigate. However, when officials attempted to enter the facility to conduct their inquiry, they were denied entry, a breach of the Sri Lanka Human Rights Commission Act of 1996.
During the discussions, the chairman highlighted that the commission's legal authority to inspect any detention facility without prior notice had been challenged. He expressed concerns about the prevailing unrest within the prison at the time of the commission's intended visit, noting that only a small number of six officers were present, which raised serious safety issues for the commission's officials.
Furthermore, it was reported that there were significant risks of violent outbreaks against inmates transferred from Meegamuwa Prison, exacerbating an already tense situation. The prison authorities admitted their failure to effectively communicate the potential dangers to commission officials, expressing regret over the matter.
The commission also revealed grave human rights violations, stating that inmates had faced severe mistreatment and inhumane conditions, with some lacking access to medical care. Moreover, the unlawful detention of multiple inmates who had completed their sentences was flagged as being in direct violation of legal standards.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
ReplyDeleteඅදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරනා,..
'
''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
ජනසමාජයක් මර්ධණයකරනා,..
ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන,..
හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය..
''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට "දේශීය" පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින්..
විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,..
''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා''
බළය රැක ගැනීම සඳහා දඩයම් සිදුකරනා,..
බළකෑදර මුග්ධ මාළිමා රජයට..
''යටත්විජිතයේ කන්සා අවනීතිය''
අවධානයට,.!
ගංජා ඉතා භයානක ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයකි. ඉතිහාසයේ ගංජා ඖශධයක් වශයෙන් සිංහල බෙහෙත් වල භාවිතා කරත් ඒ භාවිතා කරේ කොලේක ඔතා සුරුට්ටු මෙන් දුම් ඉරීමට නොවේ. ඒ භාවිතා කරේ කල්ක, අරිශ්ඨ ආදී බෙහෙත් වල අමුද්‍රව්‍යයක් ලෙස ඉතා සුළු වශයෙනි. එය දඩමීමා කර ගනිමින් ගංජා වෙලෙන්දෝ මෝඩ මිනිස්සුන්ව ගංජා බෙහෙතක් කියා පොලඹවා ගනිති.
Deleteමෝඩයෝ, පැනඩෝල් උනත් විශයි වැඩිපුර බිව්වම. ඇඟේ ගාන්න තියෙන හන්දි තෙල බිව්වම විසයි.
ඒ වගේ තමයි ගංජත්. මෝඩ තඩියා. උඹ හිතුවද මේක බලන්නේ කොන්ඩෙ බැඳපු චීනො කියලා.
ඔය ගොන් පෝස්ට් එක දාපන් ගිහින් සිරස හරි සියත හරි චැනල් එකක. මොකද ඒකෙ ඉන්න ප්‍රේක්ශකයො තණකොල කාලා පුන්නක්කු බොන උන්.
එහෙම ඉඩ දෙන්න බෑනෙ. එතකොට ඔක්කොම නාට්ටිය එලි වෙනවනේ.
ReplyDeleteඒ නිසා ඒක කරන්න දෙන්න බෑ.
මානව හිමිකම් කියන්නේ එන්.ජී.ඕ සහ කොටි ත්‍රස්ථවාදීන්ට විතරක් තියෙන එකක්.
සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම මඟුලක් නැහැ. ආන්ඩුවත් කොටි නිසා බල්ලෙක් වත් ඒ ගැන කතා කරන්නේ නැහැ.
බලය ලබා ගැනීමට නම් බටහිර ආන්ඩු වලට ගොට්ට අල්ලන්න පුරුදු වෙන්න ඕන.
Deleteහොඳටම ගොට්ට අල්ලන එකා තමයි බලය ගන්නේ.
එජාපේ තමයි මෙච්චර කාලෙකට හොඳටම ගොට්ට ඇල්ලුවේ.
ඊට පස්සේ රනිලා ඒකෙ රහස අනුරව ගෙන්නගෙන ඌට කියලා දුන්නා.
අනුර එජාපෙටයි, සජබෙටයි එහාට ගිහින් ගොට්ට අල්ලන්න ඉගෙන ගත්තා.
ඉතින් මානව හිමිකම් බල්ලො දැන් කෙඳිරි ගානව විතරයි.
සිංහල බෞද්ධ හිතවාදී ආන්ඩුවක් ආවොත් කරේ නැගලා බෙල්ල හපන්නේ.
විනිසුරු විශ්‍රාම කාලය දිගු කිරීමට ගන්නා උත්සාහය හා බන්ධනාගාර ගැටුම අතර පැහැදිලි සම්බන්ධ thawK.
ReplyDeleteඇත. මෙම සිද්ධිය ආණ්ඩුව හිතාමතාම ඇතිකර na ලද බව තේරුම් ගත යුතුයි.
අපි තේරුම් ගත්තට වැඩක් නැහැ.
Deleteබහුතරය ගොන් ගස් වලට තේරෙන්නෙ නැහැ.
උන්ට තේරෙන්නේ උන්ට කෙලවෙච්ච දවසට.
අනිත් උන්ට හෙන ගැහුවත් උන්ට ගානක් නැහැ.
විනිසුරු විශ්‍රාම කාලය දිගු කිරීමට ගන්නා උත්සාහය හා බන්ධනාගාර ගැටුම අතර පැහැදිලි සම්බන්ධ thawK.
ReplyDeleteඇත. මෙම සිද්ධිය ආණ්ඩුව හිතාමතාම ඇතිකර na ලද බව තේරුම් ගත යුතුයි.
මානව හිමිකම් යනු බලය ලැබෙනා තෙක් හෙලනා කිඹුල් කඳුලු බව මාලිමාව විසින් මනාව ඔප්පු කරන ලදි. බලය ගන්න කලින් වී වලට රුපියල් 154ක් ඉල්ලූ ගොයම් කෑ රිලා ගනින්නාට දැන් වී වල මිල රුපියල් 120කි. හිරකරුවන් මැරෙනවා නම් ආන්ඩුව වග කියන්න ඕනෑයයි කියූ තඹුත්තේගම පචයා හිරකරුවන්ට වෙඩි තිබ්බේ උන්ගේ අම්මලා, සහෝදර සහෝදරියන් සහ බිරින්දෑවරු ඉස්සරහමය. අධ්‍යාපනයට 6%ක් ඉල්ලූ හරිනි දැන් වියදම් කරන්නේ 0.6%කි. මේ පච වලට රැවටෙන මෝඩ හැත්ත අන්තිමට වැද්දන්ගෙන් බණ අසා පන්සලටද ගල් ගසමින් සිටී.
ReplyDeleteඅනිවාර්යෙන්ම. හිරේ ඇතුලෙත් අර සිරකරුවන්ට ගහනවා, වධ දෙනවා.
Deleteකාට කියන්නද ඉතින්.
මානව හිමිකම් එකේ සද්දේ බලන්න තිබුනා වෙන ආණ්ඩුවක් තිබුන නම්.
ReplyDeleteබටහිරට පුක දෙන ආන්ඩු වලට විරුද්දව උන් වැඩිය සද්දෙ දාන්නේ නැහැ.
වැලිකඩ සිරගෙදර රාත්‍රී ආරක්ෂාවට නිලධාරීන් හයක්ලු.පට්ටපල් බොරුවක් වෙන්න එපැයි දහස් ගණනක් ඉන්න තැනක හය දෙනෙක් ගාඩ් එකට දාවිද?
ReplyDeleteශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ දුක්ඛිත තත්ත්වයෙන් කොමිස් නියෝජිතයින්ට තවත් ලාභයක් උකහා ගැනීමේ උත්සාහයක්
ReplyDeleteඇමෙරිකාවේ හෝ යුරෝපයේ අඩ නිවාසවල (halfway houses) රඳවා සිටින අපරාධකරුවන් සඳහා භාවිත කරන පාද සන්නාහ (ankle monitor) උපකරණයක මිල එකම ස්ථිර මුදලක් නොවේ. එය උපකරණයේ වර්ගය, අධිකරණ බල ප්‍රදේශය සහ ගෙවීම්කරු අනුව සැලකිය යුතු ලෙස වෙනස් වේ. එහෙත් බොහෝ අවස්ථාවලදී, එම උපකරණය පැළඳ සිටින පුද්ගලයාම එහි වියදම දැරීමට බැඳී සිටියි.
පිරිවැය තීරණය කරන සාධක කිහිපයක්:
නිරීක්ෂණ වර්ගය: නිවසේ පමණක් සිටිනවාද යන්න පරීක්ෂා කරන මූලික ගුවන්විදුලි සංඛ්‍යාත (RF) නිරීක්ෂක උපකරණයක්, ඔබගේ ස්ථානය තත්‍ය කාලීනව ලුහුබඳින GPS නිරීක්ෂකයකට වඩා ලාභදායී වේ. මත්පැන් පානය හඳුනා ගන්නා විශේෂිත උපකරණයක් (SCRAM CAM) ඊටත් වඩා මිල අධික කාණ්ඩයකි.
ස්ථානය සහ සපයන්නා: අධිකරණ සහ පෞද්ගලික නිරීක්ෂණ සමාගම් තමන්ගේම ගාස්තු නියම කරයි. නිදසුනක් ලෙස, මත්පැන් නිරීක්ෂණ උපකරණයක දෛනික ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10-15 ක් විය හැකි අතර, එක්සත් රාජධානියේ GPS නිරීක්ෂකයක් සඳහා දිනකට £7.20 ක් ලෙස ලැයිස්තුගත කර ඇත.
සාමාන්‍ය පිරිවැය විශ්ලේෂණය
මෑත දත්ත මත පදනම්ව විය හැකි පිරිවැය පිළිබඳ පොදු විශ්ලේෂණයක් මෙසේය:
ගාස්තු වර්ගය පිරිවැය පරාසය (ඇමෙරිකානු ඩොලර් වලින්)
ස්ථාපන/සැකසුම් ගාස්තුව $50 – $170 (එක් වරක් ගෙවීම)
දෛනික නිරීක්ෂණ ගාස්තුව $7 – $25+ (දිනකට)
මාසික එකතුව $300 – $732+ (මසකට)
මෙම සංඛ්‍යා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු දත්ත සමඟ ගැලපේ. එම දත්තවලට අනුව එක් අපරාධකරුවෙකුගේ සාමාන්‍ය වාර්ෂික ධාවන පිරිවැය £3,130ක් (ඇමෙරිකානු ඩොලර් 4,000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 1,360,000ක් පමණ) වේ.
ගෙවීම සිදු කරන්නේ කවුද?
මූල්‍යමය වගකීම සාමාන්‍යයෙන් වැටෙන්නේ නිරීක්ෂණයට ලක්වන පුද්ගලයා මතය. අධිකරණ සාමාන්‍යයෙන් නිදහස් වීමේ කොන්දේසියක් ලෙස, පළමු වරට වැරදිකරුවන් හෝ අඩ නිවාසවල සිටින පුද්ගලයින්ට එම උපකරණය සඳහා ගෙවීමට අවශ්‍ය කරයි. කෙසේ වෙතත්, සමහර අධිකරණ බල ප්‍රදේශ ආදායම මත පදනම් වූ අනුක්‍රමික ගාස්තු ක්‍රමයක් භාවිතා කළ හැකිය, නැතහොත් සමහර අවස්ථාවලදී රජයම පිරිවැය ආවරණය කළ හැකිය. උදාහරණයක් ලෙස, කැනඩාවේ මැනිටෝබා පළාත මෙම වසරේ එහි සමස්ත ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක් අයවැයෙන් වෙන් කළේය.
වැදගත් කරුණු
අමතර ගාස්තු: උපකරණයට හානි වීම, නඩත්තුව, ගෙවීම් මග හැරීම, හෝ උපකරණය අක්‍රිය කිරීමේ උත්සාහයන් සඳහා අමතර ගාස්තු පැනවිය හැකි අතර, ඒවා සමස්ත පිරිවැයට තවත් සිය ගණනක් ඩොලර් එකතු කළ හැකිය.
මූල්‍යමය පීඩනය: මෙම වියදම සැලකිය යුතු මූල්‍යමය බරක් විය හැකිය. විශේෂයෙන්ම ඔවුන්ගේ නීතිමය තත්ත්වය හේතුවෙන් රැකියා සෙවීමේ අපහසුතාවයට මුහුණ දෙන පුද්ගලයින්ට මෙන්ම, රාජ්‍යය විසින් මෙම පිරිවැය දැරීමට සිදුවුවහොත් දැනටමත් මූල්‍යමය අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකා රජයටද මෙය විශාල බරක් වනු ඇත.
ශ්‍රී ලංකාව තක්සේරු කළ යුතුයි: පාද සන්නාහය සිරගත කිරීමට සාපේක්ෂව ලාභදායී විකල්පයක් ද යන්න. එමෙන්ම මෙය සැබෑ ප්රතිසංස්කරණයක් ද, නැතහොත් ලාභය පිණිස කොමිස් නියෝජිතයන් විසින් අපරාධකරුවන්ගේ සහ රජයේ මූල්‍යමය දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ තවත් උපායක් ද යන්න ශ්‍රී ලංකාව සෝදිසියෙන් විමසිය යුතුය.