රැඳවියන් රජයේ රැකවරණයේ සිටින්නන්ය... ඔවුනගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි..- එක්සත් ජාතීන්ගේ සංවිධානය


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.

මෙරට බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් නංවාලීම සඳහා නව ආයෝජනයන්හි අවශ්‍යතාව පෙන්වා දෙන එම සංවිධානය, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීම ද ඇගයීමට ලක් කර ඇත.

නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 100කට අධික පිරිසකට තුවාල සිදු කරමින් ඇති වූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවයි. මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පිරිනමන එම සංවිධානය, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියි.

බන්ධනාගාර නිලධාරීන් රජය සහ මහජනතාව වෙනුවෙන් අතිශය දුෂ්කර සේවාවක නිරත වන බවත්, රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පසුවන පිරිසක් බවත් එම නිවේදනයේ දැක්වේ.

බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

“මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් රජයේ රැකවරණය යටතේ සිටි පිරිසකි. බන්ධනාගාර පද්ධතිය තුළ සේවය කරන පිරිස් මෙන්ම එහි රඳවා සිටින පිරිස් ද ඉහළ ආරක්ෂාවකට හිමිකම් කිව යුතුය. එම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමකි,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බන්ධනාගාරවල පවතින අධික තදබදය, යල් පැන ගිය ක්‍රමවේද සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින දුර්වල තත්ත්වයන් වැනි දීර්ඝකාලීන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ අඛණ්ඩව ආයෝජනය කිරීමේ අවශ්‍යතාව මෙම ඛේදවාචකය මගින් මතු කර පෙන්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව රැඳවියන්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ යහපැවැත්ම ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව ද එහි සඳහන් වේ.

මෙම සිදුවීමට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, එම කමිටුවේ සොයාගැනීම් බන්ධනාගාර තත්ත්වයන්හි තිරසාර දියුණුවක් ඇති කිරීමට දායක වනු ඇතැයි එම සංවිධානය බලාපොරොත්තු පළ කරයි.

බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් කොන්දේසි වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට තමන් සැමවිටම සූදානම් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් තහවුරු කර ඇත.






UN Expresses Outrage Over Violence at Meegamuwa Prison

The recent outbreak of violence at Meegamuwa Prison has drawn a strong reaction from the United Nations' local representative in Sri Lanka, who expressed profound sorrow over the incident.

The organization highlighted the urgent need for new investments to improve the infrastructure of the country’s prison system, and commended the government's decision to establish an independent committee to investigate the matter.

At least 27 inmates lost their lives and more than 100 others sustained injuries during the brutal incident, which the UN described as deeply troubling. The organization extended its condolences to the families of the deceased and offered prayers for the swift recovery of the injured.

The announcement emphasized the challenging role prison officials play in serving the government and the public and reinforced that detainees are under state care and security.

It further underscored that ensuring the safety of both prison staff and inmates is a fundamental responsibility of the government.

"The deceased and injured inmates were individuals under government care. Both the staff serving in the prison system and those detained deserve access to a safe environment. Ensuring that safety is a primary obligation of the state," the statement continued.

The UN highlighted the pressing need to address long-standing issues within Sri Lanka's prison system, such as overcrowding, outdated procedures, and poor conditions in detention facilities.

The organization reiterated Sri Lanka's commitment to enhancing the welfare, security, and wellbeing of detainees in line with international human rights standards.

The establishment of an independent committee to investigate the incident has been recognized by the UN as a positive step, with hopes that its findings will contribute to sustainable improvements in prison conditions.

Additionally, the United Nations committed to providing necessary technical assistance to bolster prison security, improve detainee conditions, and enhance the welfare of correctional officers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. Api thama hondatama kale ..
    Hik hik jeppo

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ගේ පුකරුදය

      Delete
    2. උනුත් දන්නවා ආන්ඩුව කරන ගොන් කම් වල විශාලත්වය.
      අනේ මුන්ට නම් කියල වැඩකුත් නැහැ වගේ තමයි ලියුමේ කියල තියෙන්නෙ.

      Delete
  2. පච කොටා ෆේල්. (AKD FAIL)

    #පචකොටාෆේල් #AKDFail #NewElections #Democracy #BanJVPNPP #WorldVoice #SriLanka #LK @UNHRC #HumanRightsViolationsUnderJVPNPPGovernment #Peace #GovernmentChange #VoiceofthePeople @ArrestAKD #BanJVP

    ReplyDelete
  3. July 7, 2026 at 10:49 PM

    ආරියතිලක

    මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව පැහැදිලි ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.

    මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූවා..බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වග කීම අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.

    සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්‍රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 89, 90,91,92,93,94,95,96,97,98, 99 වෙනි වගන්තිය දක්වා ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.

    “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.

    නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත් බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට ද හෝ බැහැර වීමට අවකාශ අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවජ් නැත. දණ්ඩනීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන මත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආන්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.

    මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.

    ReplyDelete
Previous Post Next Post