මෝටර් රථයකින් පැමිණි පිරිසක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස පිහිටි නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළවලට බරපතළ හානි සිදුව නොමැති බව පොලිසිය තහවුරු කරයි.
පොලිස් පරීක්ෂණවලට අනුව, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි උණ්ඩ කිහිපයක් නිවසේ ඉදිරිපස බිත්තියට වැදී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දෙවිනුවර ඇසළ පෙරහරේ ගමන් ගන්නා කාවඩි නර්තන කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට මුල් වී ඇති බවට සැක කෙරේ.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට ද පොලිසිය සැක පළ කරයි.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහිබාලේ මල්ලී' නමැත්තා විසින් නිකුත් කළ බවට සැක කෙරෙන හඬපටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' විසින් කතරගම බස්නායක නිලමේවරයාට තර්ජනය කරන හඬපටයක් ද මීට සමගාමීව ප්‍රසිද්ධියට පත්ව ඇත.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා සඳහන් කළේ, තමන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.
මීට පෙර ද බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු විසින් බස්නායක නිලමේවරයාගෙන් දුරකථන මාර්ගයෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙවිනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Drive-by Shooting Targets House Near Devinuwara Sri Vishnu Devalaya
A drive-by shooting occurred at a residence located behind the Sri Vishnu Devalaya in Devinuwara, perpetrated by individuals arriving in a vehicle. Following the attack, the assailants fled the scene.
Local police have confirmed that no injuries or significant property damage resulted from the gunfire, which involved a 9mm firearm. Several bullet casings were discovered lodged in the front wall of the house.
Initial investigations suggest that the attack may be linked to an ongoing dispute between two Kandy dance troupes scheduled to perform at the upcoming Devinuwara Esala Perahera. Authorities suspect this incident could stem from tensions within rival criminal gangs.
Adding to the intrigue, a voice recording suspected to belong to an organized criminal known as 'Dehibale Malli' has surfaced on social media, allegedly linked to the shooting. This recording is thought to contain threats made after the incident.
In a related matter, another audio recording has emerged featuring 'Kanjipani Imran', an organized crime figure, threatening the basnayake nilame (chief priest) of Kataragama.
In response to the alarming threats, Basnayake Nilame Thilina Madhushanka of the Devinuwara temple stated that he plans to report the threats to the police, expressing his concerns over his safety.
Prior to this, it was disclosed by the Anti-Corruption Task Force that a previously incarcerated suspect had also threatened the basnayake nilame via phone, demanding money.
The Devinuwara police continue to conduct further investigations into this troubling incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාතාල කතා බොරු. මේක කලේ ජෙප්පො.
ReplyDeleteදඹදිව තහනම් ......පෙරහැර තහනම්
Deleteදඹදිව ගියහම රටේ සල්ලි පිටරටට යනවා .....පෙරහැර නිසා විදුලිය නාස්ති වෙනවා . රාජ්‍ය අනුග්‍රයෙන් දෙන විසා අරන් මක්කම ගිහිල්ලා .......නත්තල් කාපල්ලා
ReplyDeleteබුදු පෙරහැරක් ගම වටේ නිදහසේ ගමන් කරන්න දිව්‍ය ලෝකයෙන් ආපු සෙට් එක ඉඩ දෙන්නේ නෑ.කංජිපානි=මාලිමාව.දෙකක් නෙමෙයි එකක්.රතු වරෙන්තුවක් තියෙන අල්ලන්න හිතන්නේ වත් නැති අපරාධ මිනීමරු පාතාල ලොක්කෙක්
ReplyDeleteThe Police of the Amuthu Lanthe have found that the shooting was a result of the long term fight between Gandara Suda and Wellamadame Ukkuwa.
ReplyDeleteපච ලප කොටාගේ සාපය
ReplyDelete