රුසියාවේ ලිපෙට්ස්ක් ප්‍රදේශයේ පිහිටි එරට විශාලතම වානේ කම්හල අසල දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. ගින්න හටගැනීමට පෙර එම ප්‍රදේශයෙන් ප්‍රබල පිපිරීම් හඬවල් කිහිපයක් ඇසුණු බවත්, ඒ සමඟම ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු බලධාරීන් සඳහන් කරන පරිදි, මෙම ගින්න ලිපෙට්ස්ක් බලාගාරය සහ රුසියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන නොවොලිපෙට්ස්ක් වානේ කම්හල අතර පිහිටි කාර්මික කලාපයක වර්ග මීටර් 2,500ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇත.
ලිපෙට්ස්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර ගින්න හටගත් බව තහවුරු කළ ද, එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව විමර්ශන පවත්වන බවත් ප්‍රකාශ කළේය.
ප්‍රදේශවාසීන් පවසන්නේ ගින්න හටගැනීමට පෙර ප්‍රබල පිපිරීම් කිහිපයක් ඇසුණු බවත්, ඉන් අනතුරුව මුළු ප්‍රදේශයම ගිනි ජාලාවකින් වැසී ගිය බවත්ය.
බුද්ධි තොරතුරු කණ්ඩායම් පෙන්වා දෙන්නේ ගින්න විදුලි බලාගාරය සහ NLMK කම්හල් සංකීර්ණය ආසන්නයේ හටගෙන ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ නිශ්චිත ස්ථානය කුමක්ද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
මෙම ගින්න කිසියම් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් බවට රුසියානු බලධාරීන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, සිද්ධියට හේතුව ද මෙතෙක් තහවුරු කර නොමැත.
යුක්රේන - රුසියානු යුද වාතාවරණය හමුවේ රුසියාවේ ප්‍රධාන පෙළේ කාර්මික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙවැනි සිදුවීමක් වාර්තා වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
Massive Blaze Erupts Near Major Steel Plant in Russia
A colossal fire has broken out in the Lipetsk region of Russia, reportedly near the country's largest steel mill. Before the flames erupted, several loud explosions were heard in the area, followed by warnings of air raids, according to foreign media reports.
Officials have indicated that the fire has spread across an industrial zone, covering approximately 2,500 square meters between the Lipetsk metallurgical plant and the Novolipetsk Steel mill, the top steel producer in Russia.
The governor of the Lipetsk region confirmed the outbreak of the fire but stated that the cause has yet to be determined, with investigations currently underway.
Residents reported that prior to the fire, they heard multiple loud explosions, after which the entire area was engulfed in flames.
Intelligence reports suggest that the fire originated near the electrical substation and the NLMK industrial complex. However, the exact location of the targeted strike remains unclear.
As of now, Russian authorities have not officially confirmed whether this incident is the result of an attack, nor have they established the cause of the incident.
This occurrence has drawn international attention against the backdrop of the ongoing Ukraine-Russia conflict, focusing on industrial centers in Russia.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ට්‍රම්ප් නෙතන්යානූ සෙලෙන්ස්කි තම සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් ඔවුන්ට වහ වහා වෛද්‍ය උපදෙස් මත ඔවුන්ට අවශ්‍යකරණ ඖෂධ හා ශල්‍යකර්ම ජනපති පුටින් සහ සි ජින් පින්ගේ අධීක්ෂණය යටතේ ලබාදෙන ලෙස කරුණාවෙන් එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරමු.
ReplyDelete