ලෝක බැංකුව විසින් සිදුකරනු ලබන වාර්ෂික රටවල් වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව නැවත වරක් ‘ඉහළ මැදි ආදායම්’ ලබන රටක් (Upper-Middle Income Country) ලෙස උසස් කර තිබේ. 2025 වසරේ මෙරට ආර්ථික දත්ත පදනම් කරගනිමින් ලෝක බැංකුව මෙම තීරණය ගෙන ඇත.
ලෝක බැංකුව සෑම වසරකම ජූලි මස 01 වැනිදා ලොව පුරා රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) සැලකිල්ලට ගනිමින් මෙම වර්ගීකරණය යාවත්කාලීන කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 4,550ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වීම සඳහා නියමිත අවම සීමාව වන ඩොලර් 4,516 ඉක්මවා යාම මෙම උසස්වීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාව මීට පෙර 2019 වසරේදී ද ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබූ නමුත්, පසුව ඇති වූ දැඩි ආර්ථික අර්බුදය සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ 2020 වසරේදී නැවතත් ‘පහළ මැදි ආදායම්’ ලබන රටක් (Lower-Middle Income Country) ලෙස පහත හෙළනු ලැබීය.
වසර කිහිපයකට පසු ශ්‍රී ලංකාව යළිත් මෙම මට්ටමට පැමිණීම මෙරට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලක්ෂණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම නව වර්ගීකරණය හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය තහවුරු වන අතර, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ද එය හිතකර බලපෑමක් වනු ඇත.
කෙසේ වෙතත්, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමඟ ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන ඇතැම් සහනදායී ණය පහසුකම් (Concessional Loans) සීමා වීමේ ඉඩකඩක් ද පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.

නම් කරලා තියෙන්නේ ආදායම අනුවද නැත්නම් වියදම අනුවද? දන්නේ නැති නිසයි අහන්නේ.
ReplyDeleteUbalage amma dannawa athi..Ahala balapan
Deleteපරන්ගි පල්ලියටයි අනුර මහත්තයටයි පින් සිද්දවෙන්න
Deleteමාලිමවට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !
පල්ලිය හොඳාකාරවම දැනගෙන හිටියා පාස්කු බෝම්බෙ වදින බව. උන් තමන්ගේ උන්ව මැරෙන්න ඇරියා ලෝකේ අනුකම්පාව ලංකාවට අරගෙන පාප්ප තනතුර මෙහේ අර අමන තඩියට සෙට් එකරන්න. ඒකට කතෝලික පල්ලිය සම්පූර්ණ සපෝර්ට් එක අරගෙන තියෙන්නේ අන්තවාදී මුස්ලිම් උන්ගෙන්. ඒකට දේශපාලන රැකවරනය දීලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ එක්සත් ජාතික පක්ශය (UNP). මොකද ඊබ්‍රහිම් නානා JVP, වලං ශානි, රවි දෙන්න ඒ කාලේ UNP. ඔය සෙට් එකම ආපහු සෙට් නොවී පාස්කු විමර්ශන ස්වාදීනව සිද්ධ වුනොත් පල්ලියේ සම්බන්ධයත්, ජවිපෙ සම්බන්ධයත් එලි වෙනවා. එහෙම උනත් ඩෝබිලාට ඒකත් හෝදන්න පුලුවන් වෙයි, ඒ තරම් වහල් අමන හැත්තක් ඉන්නේ. දැන් ජවිපෙ, UNP එකතු වෙලා මේක හමුදාව පිට පටවලා රාජපක්ශලා ඈඳා ගත්තෙ නැතොත් උන් විනාශයි. ඒක ඉවෙන් වගේ JVP, UNP වහල්ලුන්ට තේරෙනවා. ඒකයි ඔය සලේ මරලා හරි ඔය සීන් එක ඌ පිට පටවන්න හදන්නේ.
DeleteDo not lie LankaCnews. It is lower-middle income.
Deletehttps://blogs.worldbank.org/en/opendata/understanding-country-income--world-bank-group-income-classifica
That is correct. It was lower in 2024 and upgraded to upper in 2025.
Deletehttps://blogs.worldbank.org/en/opendata/who-moves-up-and-why--a-closer-look-at-the-new-world-bank-group-
තඹුත්තේගම තක්කඩියාගේ කෙලවීමේ ආරම්බය
ReplyDeleteකුණු කෙළ පෙර පෙර දවල් හීන දකින්නෙ නැතුව නැගිටල ගිහිං කුලී වැඩක් හොයා ගනින්.
Deleteරට දියුණු වෙනකොට අනික් උන්ට ඉරිසියා කර කර පැලෙන්නේ නැතුව.
පචයා දැන් බේරිලා ඉන්නේ ඩෝබිලාගේ සේදුම් බලයෙන් විතරයි.
Deleteඌ කියාපු එක ලබ්බක් වත් කර ගන්න බැරුව ඉන්නෙ.
මෝඩයො සෙට් එකටත් ලාවට මේක තේරීගෙන ඉන්නෙ.
දැනටමත් මාලිමාවට කඩේ යන සුපිරි ගොන්නු 10% ඉතුරු වෙලා ඉන්නෙ. සමීක්ශන වලින් තහවුරු වෙලා තියෙන්නෙ.
ඒකයි ඡන්දෙ තියන්නෙ නැත්තෙ.
මිනිස්සු රට දාලා ගියාම ආදායම ඉතුරු වෙලා ඉන්න සෙට් එකෙන් බෙදුවම ඒක පුද්ගල ආදායම වැඩි වෙනව.
ReplyDeleteනැතුව රටේ විශේෂයෙන් ලබපු වෙන අමුතු ලබ්බක් නැහැනේ. කිසිම ආයෝජනයක් නැතුව, ආර්ථික වැඩපිලිවෙලක් නැතුව නිකන්ම උඩ යන්නෙ නැහැනේ. ලංකාවේ ඉන්න උන්ට ඒක තේරෙන්න එපැයි මොලේ මැරිල නැත්තන්.
යකෝ ණය වාරිකයත් එකතු කරලා ආදායම ගණන් කරන්න එපා යකූ.
ReplyDeleteබටහිර රටවල් උනත් ආසයි ලංකාවේ කොටි ආණ්ඩුවක් තියෙනවට.