විනිසුරු වයස ගැන මතයක් නොකියා උපුල් කුමරප්පෙරුම නිහඬයි..


 අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවත්වාගෙන යන නිහඬතාව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන විවිධ වාර්තාවලට අනුව, මෙම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කුමාරප්පෙරුම මහතා සිය එකඟතාවක් නොමැති බව සිය සමීපතම මිතුරන් සහ වෘත්තීය සගයන් සමඟ පවසා ඇතැයි කියැවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” සංවිධානය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඔහු, මෙවැනි තීරණාත්මක නීතිමය සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.

පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වැදුණු උපුල් කුමාරප්පෙරුම මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය.

ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි.

රජයේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතින පසුබිමක, පක්ෂයේ ප්‍රධානතම නීතිඥවරයකු මෙලෙස නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.





Controversy Erupts Over Government Proposal to Extend Retirement Age of Judges

The proposal by the government to lengthen the retirement age for judges has sparked intense debate within political and legal circles, particularly following the silence of prominent legal figure and President’s Counsel Upul Kumarapperuma, who is closely associated with the National People's Power.

Recent reports circulating on social media suggest that Kumarapperuma has expressed disagreement with the proposed amendment to the retirement age. It is claimed that he conveyed his reservations only to his close friends and professional colleagues.

Notably, Kumarapperuma, who played a pivotal role in the legal representation for the National People's Power during the last presidential election, has remained notably reticent on such a significant legal reform, raising eyebrows among observers.

In the last general election, he contested from the Matara District representing the National People’s Power but failed to secure enough votes to gain a seat in Parliament.

Currently, Kumarapperuma serves as a member of the interim committee of Sri Lanka Cricket. Amid a backdrop of differing opinions regarding the government’s proposed amendment, the silence of such a key legal advisor has attracted considerable attention.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. කවුද කැමති බලනහර කප්පගන්ඩ?

    ReplyDelete
    Replies
    1. මේ පාහර හැත්ත එහෙම රටක් ජාතියක්, නීතියේ යුක්තියක් ගැන හිතන උන් නෙමේ.
      මුන් විරුද්ධ වෙන්නේ තමන්ගේ බඩට පාරක් වදිනවා නම් විතරයි.

      Delete
    2. විනිසුරු ධූර කාලය දික් කරන්න තීරනය කරොත් නඩු වලට නීතීඥ සහය නොගන්න විපක්ශ මන්ත්‍රීවරු ඇතුලු රටේ බහුතරයක් තීන්දු කරලා. මොකද අනුරට දැනටත් මාසෙකට කලින්, නඩු තීන්දු මාලිමා වේදිකාවේ ඉඳන් කියන්න පුලුවන්. ඉතින් නඩු වලට නීතීඥයන්ට නිකන් සල්ලි දෙන එක තේරුමක් නෑනේ.

      Delete
  2. පොන්න චරිත. මුන්ටම හරියනවා

    ReplyDelete
  3. ඉස්සරහට නීතීඥයන්ට සල්ලි ගෙවන එක තේරුමක් නැහැ.
    මොකද නඩු තීන්දුව පැලවත්තෙන් මාස ගානකට කලින් තීරණය කරනවා. අපරාදෙනේ නිකන් නීතීඥයන්ට සල්ලි ගෙවන්නේ. දැන් අර පූජිත් ජයසුන්දරටයි, හේමසිරි ප්‍රනාන්දුටයි ගෙවපු නීතීඥ ගාස්තු අපරාදෙනේ. මොකද තීන්දුව පැලවත්තෙන් දීලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. තමන් නීති විරෝධී වැඩක් කරල තියෙනවා නම් හරි කරන්න ඉන්නවා නම් හරි මාලිමාවේ සාමාජිකත්වය ගන්න තියෙන්නේ. නඩුව දිනුම්. ඒ ගොන් බාන පැලවත්තේ සාමාජිකත්වය අරගෙන ස්ටේජ් එකකට ගොඩ උනා නම් තාමත් නිදොස් කොට නිදහස්. බලන්න රවි, ශානි දෙපල සැපසේ ඉන්න අපූරුව.

      Delete
    2. ඔව්, නීතීඥයන්ට සල්ලි ගෙවන්න ඕන නැහැ. බලන්න දැන් ශ්‍රී ලංකා පාතාල දෙපාර්ථමේන්තුවේ ලොක්කා කන්ජිපානි සහ උනාකූරුවේ සාන්ත දෙපලගේ කුඩු අල්ලන්නෙත් නැහැ ලංකාවේ පොලීසියෙන්.
      පාතාලෙ උනත් මාලිමාවෙ නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
      නීතීඥයො වෙන රස්සා හොයා ගනිල්ලා.

      Delete
  4. National Pacha Party (NPP)August 1, 2026 at 8:36 AM

    ගලේ පහරපු බලල්ලු වගේ දැන් ජෙප්පොයි ඩෝබිලයි ටික. රීගෙන ඉන්න නිසා වහන්නත් ඕන, ඒත් ගල නිසා වහන්නත් බෑ.
    වහන්න දඟලන හැම වෑයමකින්ම කක්ක ගොඩ ඇවිස්සිලා ඇඟේ ගාගෙන තව තවත් ගඳ ගහනවා. මූට ඒක තේරිලා ඇත්තෙ.
    ඒ නිසා වහන්න දඟලන්නෙ නැතුව තියෙන ප්‍රමාණෙන්ම ගඳ දැනෙන්න ඇරලා සද්ද නැතුව ඉන්නවා ඇති.

    ReplyDelete
Previous Post Next Post