මීගමු බන්ධනාගාර ගැටුම කුමන්ත්‍රණයක්... මේවා ඉබේ සිද්ධවෙන ඒවා නෙමෙයි...


 මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හුදෙක් අහඹු සිදුවීමක් නොව, එය මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලය සම්බන්ධ වූ සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

දෙරණ 'වාදපිටිය' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙම ගැටුම මීට පෙර බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ ගැටුම්වලට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවයි.

මෙය මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල කල්ලි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවත්, ඒ පිටුපස ප්‍රබල දේශපාලන සබඳතා පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

අතීතයේ සිටම පාතාල නායකයන් සහ දේශපාලනඥයන් අතර පැවති සබඳතා පිළිබඳව උදාහරණ ගෙනහැර දැක්වූ මන්ත්‍රීවරයා, වත්මන් රජය මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ හමුවේ මෙම ජාලයන් සහ ඒවායේ දේශපාලන සබඳතා අනාවරණය වෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

එම අනාවරණයන් වැළැක්වීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමට මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් මෙහෙයවන බවට ඔහු චෝදනා කළේය.

"මේවා ඉබේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය වැනි දෑ පවා නිර්මාණය කළ හැකි නම්, මෙවැනි බන්ධනාගාර ගැටුම් පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැහැ," යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Political Tensions Exposed Behind Recent Disturbances at Meegamuwa Prison, Says MP Ravindra Bandara

Recent upheavals at the Meegamuwa Prison are not mere coincidences but rather the outcome of orchestrated plans involving drug syndicates and underworld connections, asserted Member of Parliament Ravindra Bandara. Speaking on the Derana talk show 'Wadapitiya', he emphasized that the latest clashes represent a stark escalation from previous altercations involving prison officials.

According to Bandara, this conflict stems from a struggle between drug networks and rival factions within the underworld, underscored by significant political affiliations. He pointed out longstanding relationships between underworld leaders and political figures, suggesting that the current government’s crackdown on drug-related activities and organized crime is shedding light on these underlying connections.

He also raised concerns that such conspiratorial actions are being maneuvered to thwart governmental efforts and create obstacles for the administration. "Incidents like these are not new. If political power can inspire the orchestration of events as heinous as the Easter attacks, it is not difficult to grasp the conspiracy behind these prison conflicts," Bandara remarked, highlighting the gravity of the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post