කැරපොත්තන්ට මෝදි දණ නමයි.. ඉල්ලා අස්වීමකට සූදානම්..


 ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය මුල් කරගනිමින් ඇරඹි කැරපොතු  අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දීමට ඉන්දීය රජය  සෙනසුරාදා පස්වරුව තෙක් කල් ඉල්ලා තිබේ.

රජය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ජේ.පී. නඩ්ඩා සහ ජිතේන්ද්‍ර සිං යන මහත්වරුන් සහ 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) නියෝජනය කරන තරුණ නායකයින් අතර සිකුරාදා පැවැති සාකච්ඡාවලින් අනතුරුව රජය මෙම කාලය ඉල්ලා ඇත.

අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් අරගලය රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත කරන බවත් අරගලකරුවන් මෙහිදී රජයට අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට අමතරව, විරෝධතාකරුවන්ට එරෙහිව පවරා ඇති පොලිස් නඩු ඉල්ලා අස්කර ගැනීම සහ ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකරගත් සිසුන් දහයකට වැඩි පිරිසකගේ පවුල්වලට වන්දි ලබා දීම ඔවුන්ගේ අනෙකුත් ප්‍රධාන ඉල්ලීම් වේ. මෙම තීරණාත්මක සාකච්ඡා පැවැත්වුණේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වන්ග්චුක් සිය දින 26ක උපවාසය අවසන් කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

2014 වසරේ නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත්වීමෙන් පසු එරට රජය මුහුණ දෙන විශාලතම තරුණ අභියෝගය මෙය ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විරෝධතා හේතුවෙන් නව දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන 17ක් වසා දැමීමටත්, ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි. බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කර්නාටක සහ තෙලන්ගානා වැනි ප්‍රාන්තවලට ද මෙම විරෝධතා මේ වන විට ව්‍යාප්ත වී ඇති අතර, ඉන්දීය පාර්ලිමේන්තුවේ වර්ෂාකාල සැසිවාරයේ කටයුතුවලට ද මේ හේතුවෙන් අඛණ්ඩව බාධා එල්ල වෙමින් පවතී.

පසුගිය මැයි මාසයේදී වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමත් සමඟ සිසුන් ලක්ෂ 20කට පමණ අගතියක් සිදු වූ අතර, එයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක ලෙස ඇරඹි මෙම කැරපොතු ව්‍යාපාරය මේ වන විට මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහය ලබන ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත්ව තිබේ.





Indian Government Delays Decision on Education Minister's Resignation Amid Protests

The Indian government has postponed its decision regarding the resignation of the Education Minister, a key demand of the ongoing Karapothu protests, until Saturday afternoon. This announcement follows discussions held on Friday between senior ministers J.P. Nadda and Jitendra Singh, and young leaders representing the Karapothu People's Party (CJP).

Protesters have emphasized that Education Minister Dharmendra Pradhan must resign immediately; otherwise, they warned that their movement would intensify across the nation. In addition to the minister's resignation, they are demanding the withdrawal of police charges against protesters and compensation for families of over ten students who tragically took their own lives due to the exam paper leak.

These crucial discussions occurred just hours after prominent activist Sonam Wangchuk concluded a 26-day hunger strike, drawing attention to the escalating situation.

Political analysts indicate that this marks the largest youth challenge faced by the government since Narendra Modi assumed power in 2014. The protests have led to the closure of 17 metro stations in New Delhi, while authorities have suspended mobile internet services. The unrest has spread to other provinces, including West Bengal, Tamil Nadu, Karnataka, and Telangana, causing continuous disruptions in the operations of the Indian Parliament during the monsoon session.

Last May, an examination paper leak concerning the medical entrance exam caused an estimated 2 million students to protest, giving rise to the Karapothu movement, which has now evolved into a significant political force supported by millions of young people through social media.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. දකුණු ආසියානු රටවල්වල පසුගිය වර්ෂවල ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් ආව.
    කිසිම විචාර බුද්ධියක් නැති, ඉතිහාසයක් දන්නෙ නැති, තරුණ පරම්පරාව සහ දුප්පත් කුහක මෝඩ මිනිස්සු එකතු වෙලා,
    ලංකාවේ අරගලේ ආදර්ශෙට අරගෙන පවතින රජයන් පෙරළලා දාලා කනවා කෑමක් ආයේ දකුණු ආසියාවට ආයෙ ගොඩ එන්න බැරි වෙන්නම. ගොන් යක්කු.

    ReplyDelete
    Replies
    1. සුරපුරේක ජීවත් වෙනවා කියලද හිතල වෙන්ටෑ මෝඩයෝ උබට දුක,.?July 25, 2026 at 4:54 AM

      ඇයි බොල දකුනු ආසියාවේ මිනිස්සු අවුරැදු දෙසීයක් විතර සුද්දාගේ සූරාකන යටත්විජිතවල සුරපුරේක ජීවත් වෙනවා කියලද හිතල වෙන්ටෑ මෝඩයෝ උබට දුක,.?

      Delete
    2. සුද්දගේ යටතවිජිත ආර්ථිකේ එපා, ඉන්දියානුකරණය එපා, චීන කොලනි වෙනවා කියලා අරගල කරලා ආපු එවුන් දැන් උන්ගේ පස්සෙන් නැමීගෙන යන හැටි පේනවනේ ලංකාවේ 😂

      Delete
    3. Remember Indian expansion. A whole class dedicated to teach this in a particular party. Now best friends with India. Secret betrayal pacts that are non-disclosure type. Total liers.🤬🤬🤬

      Delete
  2. Modita oka podi deyak. Eyata thiyana thurumpu valata mey podi evunta kittu vennath ba.

    ReplyDelete
  3. කැරපොත්තෝ ශෝක් නම මෙහේ අරගල කරපු එව්වන්ටත් ගූබෙට්ටෝ වගේ නමක් දාන්න තිබුණේ.දැන් ඉතින් මෙතනින් පල්ලෙහට එයි ගූබෙට්ටො හෝ ගාලා.

    ReplyDelete
    Replies
    1. goo betto is a too good of a name to paragalayo here. That 's an insult to a goo betta.

      Delete
  4. බටහිර අදිරජ්ජ්යවාදී කුමන්ත්‍රණ අරගල හැම එකක්ම ඉවර වෙන්නේ රටේ නායකයා රටින් පල යාමෙන්...උදාහරණ අරාබි වසන්තයට නතුවූ රටවල්,,,,,දකුණු ආසියානු රටවල්....හුන්දුලන්තේ ගෝතා, බංගලිදේශයේ බෙගම්කලිදශීය....වර්තමානයේ....මොඩියා දැන් හෙලිකොප්ටර් ලැහැස්ති කරනවාලු.

    ReplyDelete
  5. ඇමරිකාව තමයි ලෝකයේ පුරාම රැල්ල වගේ යන පරගල පිටිපස්සේ ඉන්නේ. පවතින රජයට අකමැති මිනිස්සු එකතු කරගෙන (ඉන්දියාවේ නම් මුස්ලිම් උන්, ලිබරල් සංවිධාන) ඒන් ජී ඕ හදනවා, ඊට පස්සේ රටේ දුර්වල කමක් අදුනගෙන ජිල්මාට් එකක් දාලා ප්‍රශ්ණයක් ඇති කරනවා (ඉන්දියාවේ දුර්වල කම තමයි සයිබර් ආරක්ෂාව), ඊට පස්සේ තමන්ගේ සාක්කුවේ ඉන්න මාධ්‍යය කාරයෝ, එන් ජී ඕ එකතු කරගෙන ප්‍රශ්ණය පුලුවන් තරම් ප්‍රචාරය කරනවා, ඊට පස්සේ මුට්ටිය දාලා බලනවා රැල්ලක් හදන්න පුලුවන්ද කියලා, ඒක වැඩ කරගෙන එනකොට පොඩියට උද්ඝෝසන පටන් අරගෙන ඒක දිගට ඇදගෙන යනවා, ඊට පස්සේ මේ ඒන් ජි ඕ හරහා කෑම, බීමට සල්ලි වියදම් කරලා කුඩු කාරයා ඉදලා හැම එකාවම පරගලයට ඈදගෙන රටේ කලබල කෝලහල ඇතිකරනවා, ඊට පස්සේ මානසික ලෙඩ්ඩු, ගෑණුන්ව ඉස්සරහට දාලා පොලිස් කාරයන්ට ගහලා, උන් පෙරලා ගැහුවොත් මෙන්න ගෑනුන්ට ගහනවා, මෙන්න මන්ධ බුද්ධිකයන්ට ගහනවා කියලා රටේ තව ප්‍රශ්ණ ඇති කරනවා. මේ යන ගමන් උන්ගේ මානව හිමිකම් සංවිධාන පුලුවන් තරම් ආණ්ඩුවට බලපෑ කරනවා කැරලිගහන උන්ට මොකුත් කරන්න එපා කියලා. මේක තමයි ඕනම පරගලයක ලක්ෂන.

    මෝධිට තියෙන්නේ රනිල්ගෙන් උපදෙස් ගන්න කොහොමද පරගල මැඩපවත්තන්නේ කියලා. ඔතන වැඩියෙන්ම කෑගහන උන්ව කුදලගෙන ගියාම පරගලය නිකම් බැහලා යනවා. මානව හිමිකම් ගැන බලන්න බෑ. ඉස්සර බ්‍රිතාන්‍යයට එරෙහිව පරගල කරපු උන්ට කෙලින්ම වෙඩි තිබ්බා. දැනුත් දිගට හරහට එහෙම කරා නම් ප්‍රශ්ණය නිකම්ම බැහලා යයි. මුන් හදන්නේ සංවර්ධනය වෙමින් පවතින හැම රටකම ප්‍රශ්ණ ඇති කරලා රටවල් විනාශ කරන්නයි.

    ReplyDelete
    Replies
    1. Exactly. Modi, please consult Ranil Wickremesinghe; he was the man who settled Sri Lanka after the so called "Aragalaya"

      Delete
    2. You are absolutely right, Kamal. This so-called "WEST is a total cancer to peaceful & prosperous development of global west. This is neo-colonialism rearing it's ugly head. Global south is totally dum.They bring it on by themselves. This is why a country like IRAN should be worshipped.

      Delete
Previous Post Next Post