මීගමුව හිරේ තිත්ත ඇත්ත නියෝජ්‍ය පොලිස්පති හෙලි කරයි...


 බන්ධනාගාරයේ 12000ක් සිරකරුවන් සිටිය යුතු වූවත්, එය 42000ක් දක්වා වැඩි වුයේ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රශස්ත ලෙස රාජකාරි කල නිසා බව මධ්‍යම පළාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසීය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (17) දින ඒ බැව් කියා සිටියේ, මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබදව සුරක්ෂිත හෙටක් සදහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවර යන මෑයෙන් හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාශයේ පාසල්වල ගුරුවරුන්, රාජ්‍ය නිළධාරින් සහ සේවකයින්, පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිම සදහා හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ ප්‍රධාන දේශණය කරමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ,

අපේ හැටන් ප්‍රදේශය තුල ඒ වගේ මත්ද්‍රව්‍ය නෑ කියලා හිතුවට අලි නිවැරදි ක්‍රමවේදයක් නොගනිත්තොත් තව අවුරුදු 10ක් යනකොට මේ අම්මලා තාත්තලාට කියන්න වෙයි කොළඹ වගේ අපෙත් හැම ගෙදරම ළමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. එතකොට ඒක නිසා මේ දැනුවත් කිරිමේ අපේ අරමුණ අපි තනි තනියෙන් ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ රාජ්‍ය නිළධාරින් එක කාර්යක් කරනවා. පාසල්වල ගුරුවරු වෙනම කාර්යක් කරනවා. පොලිසිය පැත්තෙන් අපි වෙනම එකක් කරනවා. මේ කට්ටිය එක එක්කෙනා තැන් තැන්වලින් අරගෙන යනවා. අපි කවුරුත් එකතු වෙලා වැඩ ටික බෙදාගෙන දරුවෝ ටික බෙදාගෙන ගම් බෙදාගෙන වැඩ කරන්න තිබුනොත් අපි අදුරේ අතපත ගානවා වගේ තමයි අපි මේ තරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු සිදු වෙන්නේ.

ඔබ දන්නවාද මෙතන ඉන්නවා ළමා හිමිකම් නිළධාරින් ඇති, පරිවාස නිළධාරින් ඉන්නවා, පොලිසිය විදිහට අප හදුනා ගනිමු ප්‍රමාණය විතරක් මේ වනකොට ඉන්නවා හැටන් මේ කොට්ඨාශයේ ළමයි 1186ක්. ළමා හිමිකම් නිළධාරින් කීයක් ඉන්නවද කියලා දැනගන්න කැමතියි මේ පොලිස් වසම්වල?. එක්කෙනයි. එතකොට පූර්ණ ළමාවිය සංවර්ධන නිළධාරින්? එක්කෙනයි. එතකොට මනෝ උපදේශක මහත්මියක් ඉන්නවද? මේ ප්‍රමාණය ගත්තොත්, ඇත්ත වශයෙන්ම අනාරක්ෂිත ප්‍රමාණය නෙවෙයි මේ වගේ අඩුම ගානේ තුන් ගුණයක් ඉන්නවා.

මම මේ ක්‍රියාවලිය ආරම්භ කළේ මධ්‍යම පළාතට ඇවිල්ලා 2023 මම මෙහෙට ඇවිල්ලා ළමයි කොච්චර ප්‍රමාණයක් මධ්‍යම පළාත තුල 14865ක් ඉන්නවා. අපි හදුනා ගනිමු. එතකොට ඇත්තටම අපි මේ කාර්ය පොලිසියේ සෘජු කාර්යක් නොවුනද, මේ හරහා මේ දරුවෝ අණාරක්ෂිත වීමත් එක්ක මේ රටේ එක පැත්තකින්, වැරදි ලිංගික සම්බන්ධතාවලට ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඒ පැත්තෙන් විනාශවල තරුණ දරුවෝ සහ දැරියෝ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා ජීවිතය විනාශ කරගන්න දරුවොත් දැරියොත් ප්‍රමාණය වර්ධනය වුනොත් අපේ රටට මේක කළමණාකරනය කර ගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා යම් පොදු වැඩ කටයුත්තක් ක්‍රියාත්මක නොකළොත්.

ඔබ පහුගිය කාලයේ දකින්න ඇති මීගමුව බන්ධනාගාරයේ ඇති වුණ සිද්ධියත් සමග එළියට ආපු තිත්ත කථාව, 12000ක් ඉන්න පුළුවන් බන්ධනාගාරයේ, 42000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඔකේ කවුරුහරි කියනවා නම්, මං කියන්නෑ පොලිසිය අපි ප්‍රශස්ත විදිහට 100%ක් රාජකාරි කරනවා කියලා. අපි රාජකාරි කළේ නැත්නම්, 12000ක් ඉන්න ඕන බන්ධනාගාරයේ කොහොමද 42000ක් ඉන්නේ?

එතකොට මේ ඉන්න 42000න්, වැරදිකරුවන් බවට පත් වෙලා ඉන්න ප්‍රමාණය හැර, අනිත් අය වසර ගනන් බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට, ඔවුන් තමයි පවුලේ ආදායම් උපදවන පුද්ගලයන්. එතකොට ආදායම් උපදවන පුද්ගලයා නැති වුනාම ඒ ගෙදර අම්මා කොහොමද ආරක්ෂිතව තමන්ගේ දරුවා නිවැරදි පුද්ගලයෙක් බවට පත් කරලා දරුවන්ව ඉදිරිපත් කරන්න තියෙන හැකියාව.

ඒක නිසා එක පැත්තකින් ඒ වගේ මිනිසුන්ගේ පවුල් ආරක්ෂා කරගන්න වෙන මොකුත් නෙවෙයි, ඔවුන්ගේ දරුවනුත් අපරාධකරුවන් බවට පත් වෙලා සමාජයට පිළිලයක් වෙන එක නවත්වන්න සමාජය විදිහට අපිට වගකීමක් නැද්ද?.

ඉතින් අපිට තියන කාර්ය සහ හැකියාව තුල අපි දැනට මේ දරුවන් ආරක්ෂා කරගන්න, අපි දරුවෝ, දැරියන් ආරක්ෂිත, අනාරක්ෂිත විදිහට වර්ගීකරණයක් කරලා අධීක්ෂණය කිරිමේ ක්‍රමවේදයක් හදලා තියනවා. යනුවෙන් පැවසීය.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනෙන් අනතුරුව හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මධ්‍යම පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාට උපහාර දක්වා සිහිවටන තිළිණයක්ද පිරිණමනු ලැබීය.

මෙම අවස්ථාවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුලු හැටන් කොට්ඨාශ පොලිස් බල ප්‍රදේශයේ සියලුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ එම පළාත් වල ගුරුවරුන් ඇතුලු රාජ්‍ය සේවකයින් රැසක් සහභාගි වී සිටියහ.

- රංජිත් රාජපක්ෂ  





Rapid Increase in Prison Population Raises Concerns in Sri Lanka

The prison population in Sri Lanka has skyrocketed from a manageable 12,000 to a staggering 42,000 inmates, a significant increase attributed to enhanced law enforcement efforts by the Sri Lanka Police, according to Lalith Pathinayake, the Deputy Inspector General of Police in the Central Province.

During a recent address, Pathinayake revealed that ongoing initiatives aimed at curbing drug abuse have been at the forefront of these efforts. He emphasized the importance of education and community involvement to ensure a safe future for children. The Deputy Inspector General made these remarks on October 17 during a session at the Hatton Highlands National School, aimed at raising awareness among stakeholders, including teachers and local authorities.

Pathinayake detailed the collaborative approach being adopted, underscoring that various officials, including local administrative officers and police station heads, are actively participating in these awareness campaigns. He stressed the necessity of a unified effort, stating, "If we do not adopt a structured approach in combating drug use, we may see parents, just like in Colombo, facing the harsh reality that their children could be lured into drugs."

With a total of 11,186 children identified in the Hatton division, the police have been focusing on these vulnerable groups to protect them from falling into the clutches of drug abuse and criminal behavior. Pathinayake pointed out that the crime wave and drug problems are not isolated issues and require collective action from the entire community to effectively address them.

The recent incident at the Meerigama prison has highlighted the urgent need to manage prison populations effectively, where facilities designed for only 12,000 inmates are now accommodating over 42,000. This has raised serious questions about the state of the penal system and the capacity to rehabilitate offenders in such overcrowded conditions.

Moreover, Pathinayake remarked that without proactive measures to engage with families and support structures, the cycle of crime and addiction could perpetuate, leading to more societal issues in the future. As he concluded, he called for all stakeholders to come together to play their part in protecting the youth and fostering a nurturing environment for the next generation.

The event was well attended by educational officials, police representatives, and local government servants, affirming a community commitment to the cause. A token of appreciation was presented to Pathinayake for his contributions to enhancing public safety and welfare in the region.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ගොන් පකයා. මේ ලලිත් කියන හුත්තා අහිංසකයන්ව ඇප නොදී ගාල් කිරීම පෙන්වන්නෙ පොලෝසියෙ ඩියුටිය කිරීමක් විදියට. මේ වගේ උන් තමයි ත්‍රස්තයො

    ReplyDelete
  2. Mage puka athagala kiyyak hari denna mata kudu gahanna asai Aiya

    ReplyDelete
  3. පොලීසිය සහ කුඩු අයිස් ගහට පොත්ත ,..July 17, 2026 at 6:25 PM

    පොලීසිය සහ කුඩු අයිස් ගහට පොත්ත ,.
    සෑම පොලීසියේ නිලධාරියකුගේ මුදල් පසුම්බියකම කුඩු පැකට් කිහිපයක් අයිස් පැකට් කීපයක් නිරන්තරව තිබෙනා බව තොරතුරැ අනාවරනය වී ඇති බව අවධානයට,.!
    දූශිත දේශපාළණයකරනය වූ සමාජ විරෝධී පොලීසි, සහ මුදලට රාජ්‍ය පාවාදෙන පොලිස් ලොක්කන් නොහොත්, බටහිර තානාපති කාර්‍යල සමග පුද්ගලික සම්බනධකම් පවත්වන පරගැති ආත්මය පවා පාවාදෙන පොලීසි, නාසිවාදී බටහිර තානාපති හොරැන්ගේ ඡායාරෑප පවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කරමන් බටහිර තානාපති හොරැන්ට නිළය බළය අවභාවිතා කොට සිදුකරනා පුද්ගලි ක්‍රියාකාරකම් රටතුල තවමත් ක්‍රයාත්මක වන අතර, පොලිස් පති,පොළීසිය භාරව කටයුතුකරනා ඇමති , සහ අධිකරණය භාර ඇමතිගේ ඇතුළු අමාත්‍ය මණ්ඪළයේ සහ නිලධාරීන්ගේ සියළු ක්‍රියාකාරකම් බුද්ධි සේවාව විමර්ශනයට ලක්කලද ,.
    ජාතික ආරකශාව පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ලබාගන්නා තොරතුරැ ඎඡුවම භාවිතා කර, වැදගත් තීන්දු තීරණ ගතහැකි ක්‍රමවේදයක් යානත්‍රණයක් සකස්කිරීම පවතින රජයේ පළමු ක්‍රියාව බවට පත්වීම නියත ලෙසට සිදුවියයුතුව තිබුනු බව අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post