ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (30) පෙනී සිටි හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කොමිසම වෙත ලැබී ඇති තොරතුරු මත පදනම්ව මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇති බව කියන මූල්‍ය හා පරිපාලනමය ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරන ලද මෙම කොමිසම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වේ. 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ ගල් අඟුරු ආනයනය සහ ඒ ආශ්රිත ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම මෙහි මූලික කාර්යභාරයයි.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
ගල් අඟුරු ගනුදෙනු හේතුවෙන් රුපියල් කෝටි 849කට අධික පාඩුවක් සිදුව ඇති බවට මීට පෙර අනාවරණය වී තිබිණි.
පසුගිය කාලසීමාව තුළ විදුලි බිල සියයට 150කින් පමණ ඉහළ දැමීමට ද මෙම අක්‍රමිකතා වක්‍රව බලපා ඇති බවට විවේචන එල්ල වී ඇත.
කොමිසම විසින් මේ වන විට සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ විමර්ශන කටයුතු තවදුරටත් තීව්ර කිරීමට නියමිතය.

අන්තිමට කියයි... මහින්ද නොරොච්චෝලේ හැදුවේ නැත්නම් ගල් අඟුරු ගන්න ඕන වෙන්නේ නෑ. එහෙනම් මේ හොරකම වෙන්නේ නෑ. ඒ හින්ද මේකේ වැරැද්ද මහින්දගෙ.
ReplyDeleteha...ahuna..Habai tikak madi wage ne...nikan peechan comments danne nathuwa idapan buruwo...Me presidential commission eke powers gana wath , importance eka gana wath ubata therenawada ? nikan buru talk denne
ReplyDeleteරබර් පර්යේශනායතනයේ ජීව රසායන අංශයේ සුළු සේවයේ යෙදී හිටපු කාලයේදී පවා වංචා කරපු කෙනෙක් ගැන කුමන කතාද?
ReplyDelete