හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලදී, එම වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන ගිනි අවියේ තිබූ ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.
ගිනි අවියක් ක්‍රියාත්මක වීමේදී ජනනය වන අධික තාපය හේතුවෙන් එහි පෘෂ්ඨය මත පවතින ඇඟිලි සලකුණු මැකී යාමේ ස්වභාවික හැකියාවක් පවතින බවත්, මෙම පිස්තෝලයේ ද සලකුණු මැකී යාමට එය හේතු වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරයි.
සාමාන්‍යයෙන් අපරාධයකට යොදාගත් උණ්ඩ සහ ගිනි අවිය අතර පවතින ගැලපීම ඔස්සේ විද්‍යාත්මක සාක්ෂි ගොඩනැගිය හැකි වුවද, ඇඟිලි සලකුණු නොමැති වීම හේතුවෙන් සිද්ධියේ සුලමුල සෙවීමේ එක් ප්‍රධාන සාධකයක් ගිලිහී ගොස් ඇති බව වාර්තා වේ.
විමර්ශන අංශ පෙන්වා දෙන්නේ වෙඩි වැදීම සිදුවූ අවස්ථාවේදී නිවස තුළට කිසිවෙකු ඇතුළු වූ බවට හෝ පිටතින් පැමිණි අයෙකු සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවයි.
ඒ අනුව, මෙම සිදුවීම අත්වැරදීමකින් සිදුවූවක් ද නැතහොත් සියදිවි නසාගැනීමේ උත්සාහයක් ද යන්න පිළිබඳව දැනට සැක පළ කෙරේ.
සිද්ධියට පෙර නිවස අවට පැවති තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සී.සී.ටී.වී. දර්ශන ද මේ වන විට පොලිස් පරීක්ෂාවට ලක් කර ඇත.
No Fingerprints Found on Firearm Linked to Shooting of Former Police Chief C.D. Wickramaratne
Investigations into the shooting incident involving former Police Chief C.D. Wickramaratne have revealed that no fingerprints were found on the firearm believed to have been used in the attack. This has raised concerns among law enforcement regarding the potential loss of critical evidence.
Police speculate that the high temperature generated during the discharge of the weapon may have naturally caused any fingerprints present on its surface to dissipate. This factor could also explain the absence of identifiable marks on the pistol itself.
While it is generally possible to gather scientific evidence based on the match between a bullet and the firearm used in a crime, the lack of fingerprints has rendered a crucial element of the investigation more challenging. Reports indicate that this gap could hinder the search for additional leads in the case.
Moreover, investigators have indicated that there is no current evidence pointing to any individual entering the residence at the time of the shooting or any connections with persons arriving from outside.
This situation has led to speculation about whether the incident was an accident or an attempted suicide, as authorities continue to examine all possibilities. Surveillance footage from the vicinity of the residence is also being scrutinized in an effort to gather more information related to the circumstances surrounding the event.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ඒ කියන්නේ තියෙන්නේ ජේපි සලකුණක් නේ
ReplyDeleteඑහෙනම් එකෙන්ම පැලවට්ටෙ හරක් කොටාගෙ වැඩක්
Deleteහැබැය් ඔය ඇගිලි සලකුණු හිටපු පොලිස් පතිගේ නම් ඕක මැකිලා යන් නැහැ
ReplyDeleteදැන් වෙන කගේ හරි නිසා මැකිලා ගිහිල්ල
අදික තාපය නිසානම් උගේ අත පිච්චිලා ඇති නේද ??????
ReplyDelete🤣
Deleteපාහර, මිනීමරු, ජේ. වී.පී. ත්රසිතවාදීන්ට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයලිලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDeleteඑහෙනම් එකෙන්ම පැලවට්ටෙ හරක් කොටාගෙ වැඩක්
ReplyDelete