මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාරවල වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ගැටුම්වලට තුඩු දුන් පසුබිම, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් මියයාම හා තුවාල ලැබීම මෙන්ම, රැඳවියන්ට වධහිංසා පැමිණවීම් සහ අනිසි ලෙස සැලකීම් සිදු වූයේද යන්න පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු කෙරේ.
කොමිෂන් සභාව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී මියයාම පිළිබඳව ද මෙම විමර්ශනය මගින් කරුණු සොයා බලන බවයි.
මේ වන විටත් රැඳවියන්ගෙන් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කර ගනිමින් පවතින අතර, විමර්ශන අවසන් වන තුරු කිසිදු නිගමනයකට එළඹිය නොහැකි බව කොමිසම අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මාරු කරන ලද රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර වෙත සිදු කළ මූලික නිරීක්ෂණ චාරිකාවලදී, තුවාල ලැබූ රැඳවියන් කිහිප දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ප්‍රමාදයක් පවතින බව අනාවරණය වී ඇත.
තුවාල ලැබූවන්ට වහාම වෛද්‍ය ආධාර ලබා දිය යුතු බව නිර්දේශ කරන කොමිෂන් සභාව, ප්‍රතිකාර ක්‍රමානුකූලව ප්‍රමාද කිරීම එක්තරා ආකාරයක පළිගැනීමක් ලෙස සැලකිය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
මේ අතර, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රී 8.30ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත සිදු කළ පූර්ව දැනුම් දීමකින් තොර නිරීක්ෂණ චාරිකාවකදී, කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
මෙය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බවත්, එමගින් වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට ඇති බලය අඩපණ වන බවත් කොමිසම පෙන්වා දෙයි.
පසුදින බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණ ද, එම ප්‍රමාදය හේතුවෙන් කාලෝචිත විමර්ශනයක් සිදු කිරීමට තිබූ අවස්ථාව අහිමි වූ බව කොමිසම පවසයි.
මෙම බාධා කිරීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා (වැඩබලන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
Human Rights Commission Launches Inquiry into Violent Incidents at Meegahawwa Prison
The Sri Lanka Human Rights Commission has initiated a special inquiry into a series of violent incidents recently reported at Meegahawwa prison, along with other facilities across the country.
The investigation will closely examine the circumstances surrounding these altercations, which resulted in fatalities and injuries among inmates and prison staff. It will also focus on allegations of torture and improper treatment of prisoners.
In a statement released today, the Commission noted that the inquiry will specifically explore the deaths of two inmates who were transferred from Meegahawwa to other prisons while under the custody of prison officials.
Evidence from both inmates and prison officers is currently being documented, although the Commission emphasized that no conclusions can be reached until the investigation is complete.
Initial observations during inspections of the prisons where the transferred inmates are held have revealed delays in providing medical treatment to several injured individuals. The Commission has stressed the urgent need for immediate medical assistance for the wounded, pointing out that any delay in treatment could be viewed as a form of retaliation.
Additionally, the Commission has expressed strong discontent over the refusal of access during an unannounced inspection at Welikada Prison on July 7 at approximately 8:30 PM. This incident has been deemed a violation of the Sri Lanka Human Rights Commission Act, which undermines the body's authority to investigate allegations of torture.
Although permission was granted to enter the prison the following day, the Commission noted that this delay resulted in a lost opportunity for timely investigation.
To clarify these impediments, the General Prison Commissioner (acting) and the Chief Jailor of Welikada Prison have been summoned to provide testimony before the Commission.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන් කැරලි දෙකක් ගහලා අහිංසක මිනිසුන් දහස් ගණනක් මරපු ත්‍රස්තවාදී සංවිධානයක්. මොන මානව හිමිකම් ද? ගෙ සහ ලෙස්බියන් හිමිකම් නම් කලදක් පමණ සොයා ගත හැකි ය.
ReplyDeleteකිසිම පැත්කින් කිසිම විධියකට කිසිම සහනයක් නොලැබෙන බවත්
ReplyDeleteලොදිය හැලියට වැටීමට නියමිත පියවි සිහියෙන්ම බවටත් ,.
උද්දච්ච පච කෙබරා අනුර හුකු මාරයා සහ මාලිමා පිලාවට සිහි විකලෙන් පලා යෑමට සීසීකඩ විසිරී විණාශ වී, ''අඩුම තරමේ ජෙප්පන්ගේ රැකවරණය පවා අහිමිවී'' පළා යෑම,..
රටත් රාජ්‍යයත් භාරගැනීමට ,..සහ රටේ නායකයා වීමට වැර වෙර දැරෑ කටවාචාළ වහසිබස් දොඩනා ටොමියා..
පඹයා වැනි 'හේනේ ගොයියා'..
අමනෝඥ මුග්ධයාගේ හිසේ කඩා වැටුනාවූ ඔටුන්නට යටවී චොර චප්පවී කීතු කුජීතවී යෑමට නියමිත හෝරාව කෙමෙන් කෙමෙන් උදා වන අපූරැව දෙස විමසිල්ලෙන් බලා සිටිමු,.!
අනිවාර්යයෙන්ම. ගොවියෝ කන්ඩායමක් ඊයේ දේවාලෙක පොල් ගැහුවා, එව්වත් දැන් වැඩකරනවා ඇති.
Deleteමුන්ට දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය ටික ටික පලදීගෙන එන්නෙ.
ReplyDeleteඑක අහන්න දෙයක් නැහැ පල දෙනවම්ය්
Deleteකොටි ඩයස්පෝරාවේ සහ පල්ලියේ ඉල්ලීමට සහ උන් සැනසීමට,
Deleteත්‍රස්තවාදීන් වැනසූ නිශාන්ත උලුගේතැන්න, වසන්ත කරන්නාගොඩ, සුරේෂ් සලේ ඇතුලු රණවිරුවන් ඳඩයම් කිරීමේ අපරාදය
හින්ද තමයි මුන්ට මේ පලදෙන්නෙ.