ඉරානය යලි හෝමුස් වසා දමයි...


 හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වෙළඳ නෞකාවකට ප්‍රහාර එල්ල කර එම මුහුදු තීරය වසා දැමීමට ඉරානය පියවර ගැනීමත් සමඟ, මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම ඉහළ ගොස් තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේ අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ සහ සිය සන්නිවේදන පද්ධති ක්‍රියාවිරහිත කර තිබූ නෞකාවකට ප්‍රහාර එල්ල කර එය නතර කළ බවයි.

ඇමරිකානු මැදිහත්වීම් අවසන් වන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවත්, ඕනෑම ප්‍රතිප්‍රහාරයකට දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බවත් ඉරානය අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ ඉරාන ප්‍රහාරයට ලක්වූ සයිප්‍රස් ධජය සහිත 'M/V GFS Galaxy' නෞකාවේ එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ගින්නක් හටගෙන ඇති බවයි.

මෙම සිදුවීමෙන් නෞකාවේ සේවය කළ සිවිල් නාවිකයෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ. සිවිල් නාවිකයන්ට සහ වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සතු හැකියාව අඩපණ කිරීම සඳහා තමන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු හමුදාව අවධාරණය කරයි.

මෙම අර්බුදය සමනය කිරීම සඳහා ඕමානයේ මැදිහත්වීමෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී ඇති අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සිය ඕමාන සගයා හමුවී සාකච්ඡා පවත්වා ඇත. කටාර් සහ පකිස්ථානයද මෙම සාකච්ඡා සඳහා මැදිහත් වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, සිය පියාගේ  ඝාතනයට පළිගැනීම ජාතියේ අභිලාෂය බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුම හරහා දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

තමා ඝාතනය කිරීමට දරන ඕනෑම උත්සාහයකදී ඉරානය "සම්පූර්ණයෙන්ම විනාශ කරන" බවත්, ඒ සඳහා මිසයිල දහසක් සීරුවෙන් තබා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් එවකට සිටි උත්තරීතර නායක අලි කමේනි මියයාමත් සමඟ ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය, තාවකාලික සටන් විරාම එකඟතාවන් පවා බිඳ දමමින් යළිත් දරුණු අතට හැරෙමින් පවතී. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බව පිළිගැනීමට වොෂින්ටනය විසින් ඉරානයට ලබා දී තිබූ කාලසීමාව ඉක්මවා යාමත් සමඟ මෙම නවතම ප්‍රහාර මාලාව දියත් වී ඇත.





Iran Escalates Tensions in Middle East with Attack on Commercial Vessel

In a significant development, Iran has taken steps to close the strategically important Strait of Hormuz by launching an attack on a commercial vessel navigating through the waterway. This move has intensified military tensions in the Middle Eastern region.

The Iranian Revolutionary Guard Corps disclosed that it targeted a vessel operating on an unauthorized maritime route, disabling its communication systems in the process.

Iran has warned that it will maintain its blockade of the Strait of Hormuz until U.S. interventions cease and has promised to deliver a strong response to any counterattacks.

Meanwhile, the U.S. Central Command reported substantial damage to the engine room of the 'M/V GFS Galaxy', a Cyprus-flagged ship that was struck in the Iranian assault, resulting in a fire onboard.

This incident has reportedly led to the disappearance of a civilian mariner aboard the ship. The U.S. military emphasized that Iran’s capability to attack civilian mariners and commercial vessels has been severely diminished following their continuous assaults.

In an effort to defuse the crisis, Oman has initiated diplomatic discussions, with Iranian Foreign Minister Abbas Araghchi meeting his Omani counterpart to address the conflict. Reports indicate that both Qatar and Pakistan are also seeking to mediate in the discussions.

Adding to the volatile political climate, Iran's new Supreme Leader Mojtaba Khamenei has stated that avenging his father's assassination is a national imperative. In response, U.S. President Donald Trump issued stern warnings through his 'Truth Social' account.

The President declared that Iran would be "totally destroyed" in the event of any assassination attempts against him, noting that the country is equipped with thousands of missiles ready for use.

The ongoing conflict, triggered by the assassination of former Supreme Leader Ali Khamenei in a U.S.-Israeli attack last February, has escalated tensions and shattered even temporary ceasefire agreements. As Iran surpasses the deadlines previously given by Washington to keep the Strait of Hormuz open, this latest series of assaults marks a dangerous escalation in hostilities.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. මිනීමරු වල් ජිහාඩ් හම්බ ඌරෝ මරලා දාපල්ලාකෝ

    ReplyDelete
Previous Post Next Post