මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියළු සාමාජිකයන් ඉල්ලා අස්වේ..


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන් අද (27) දින සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

තේරීම් කමිටු සාමාජිකයන්ගේ අත්සනින් යුත් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාර දී ඇත.

තේරීම් කමිටුවේ සාමාජිකයන් වන විශ්‍රාමික කර්නල් ලාල් ජයසේකර, රවී විද්‍යාලංකාර සහ ඩී.ඒ. දයාරත්න යන මහත්වරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන් විසින් වෘත්තීය මට්ටමින් සිදුකරන තේරීම් කටයුතු සඳහා බලධාරීන් විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බවයි.

මෙහිදී අදහස් දැක්වූ විශ්‍රාමික කර්නල් ලාල් ජයසේකර මහතා:

"අපි වසර එකහමාරක් පමණ කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කළා. නමුත් මෑතකාලීනව අපේ තේරීම්වලට පිටස්තර බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. අප තෝරාගත් ක්‍රීඩකයන් ඉවත් කර, අප නිර්දේශ නොකළ ක්‍රීඩකයන් කණ්ඩායම්වලට ඇතුළත් කර තිබෙනවා. මේවා සිදුවන්නේ අපේ කිසිදු දැනුවත් කිරීමකින් තොරවයි."

රවී විද්‍යාලංකාර මහතා පෙන්වා දුන්නේ, තේරීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නාමලේඛන වෙනස් කිරීම පිළිබඳව අවම වශයෙන් තමන් වෙත දැනුම් දීමේ විනයක් හෝ බලධාරීන් සතු නොවන බවයි. බොහෝ අවස්ථාවලදී තේරීම් වෙනස් වී ඇති බව තමන් දැනගන්නේ මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය හරහා බවත්, එය තේරීම් කමිටුවේ වෘත්තීය ගෞරවයට හානියක් බවත් ඔහු අවධාරණය කළේය.

වසර 11ක් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඩී.ඒ. දයාරත්න මහතා මෙසේ පැවසීය:

"අපි මේ කටයුත්ත කරන්නේ කිසිදු වැටුපක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපේ පළපුරුද්ද සහ විෂය දැනුම මත ස්වේච්ඡාවෙන් කරන සේවයක්. නමුත් අපේ තේරීම් අවභාවිත වන විට සහ අපව නොසලකා හරින විට තවදුරටත් මෙහි රැඳී සිටීමේ තේරුමක් නැහැ."

ක්‍රීඩකයන් තේරීමේදී අනුගමනය කළ යුතු විද්‍යාත්මක සහ විනිවිද පෙනෙන ක්‍රමවේදයන් උල්ලංඝනය වෙමින් පවතින බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සාධාරණයක් ඉටු කිරීමට තමන්ට නොහැකි බවත් ඉල්ලා අස්වූ සාමාජිකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


All Members of Sri Lanka Under-19 Selection Committee Resign

In a surprising turn of events, all members of the Sri Lanka Under-19 Selection Committee have opted to resign from their positions today, September 27. The decision reportedly stems from several underlying issues that influenced their choice to step down.

The formal resignation letter, complete with the signatures of the committee members, has been submitted to the relevant authorities. However, the specific reasons behind this significant move remain unclear, as no official statement has yet been released regarding the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. susanthika deepan mevatath uththara

    ReplyDelete
  2. මාලිමාවට සහයෝගය දෙනවනම් විතරයි ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීමට දෙන්නෙ

    ReplyDelete
Previous Post Next Post