සමගි ජන බලවේගය බලයට පත්වන ඉදිරි රජයක් යටතේ විපක්ෂ නායක ධුරය දැරීමට නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාව හිමිවනු ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පැය තුනකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ, වත්මන් රජය පෙරළා දැමීම තම පක්ෂයේ ප්‍රධාන වගකීම සහ අරමුණ බවයි.
රජයේ ජනප්‍රියතාවය සියයට 75ක් බවට පළවන වාර්තා පදනම් විරහිත බවත්, සැබෑ ජනමතය උරගා බැලීමට නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් ඔහු රජයට අභියෝග කළේය.
එමෙන්ම, ලබන 23 වනදා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්වන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මද්දුම බණ්ඩාර මහතා උපහාසාත්මකව කියා සිටියේ, සමගි ජන බලවේගය බලයට පත්වන ඊළඟ ආණ්ඩුව යටතේ ඔහුට එම ධුරය දැරීමට හැකි වනු ඇති බවයි.
Potential Leadership Shift in Opposition as Namal Rajapaksa May Assume Role
The Secretary of the Samagi Jana Balavegaya, Ranjith Maddumabandara, has revealed that Namal Rajapaksa may be positioned to take on the role of Opposition Leader under the next government, should his party come to power.
During a media briefing following a significant discussion at the Opposition Leader's office, Maddumabandara shared insights into the party's strategic focus.
Stressing the priority of toppling the current government, he underscored that this objective remains the primary responsibility and mission of the Samagi Jana Balavegaya.
He dismissed recent reports suggesting a 75% popularity rating for the government as unfounded and urged the administration to conduct local council elections immediately to gauge the true sentiment of the electorate.
In addition, he announced plans for a meeting on the 23rd, where all opposition leaders will convene to discuss upcoming political strategies and the preservation of judicial independence.
Responding playfully to queries from journalists regarding the rumors of Namal Rajapaksa ascending to the Opposition Leader role, Maddumabandara humorously indicated that under the next government formed by the Samagi Jana Balavegaya, this scenario is indeed plausible.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteවැස්ස නැත්තං සරැංගලේ වත් උඩඅරින් තිබුනා,.!
සජිත් ආණ්ඩුවක් ගත්තමනේ නේද? හා, කමන් නෑ...හ්. ඊට කලින් රනිලා සජියගේ රෙද්ද ගලවලා ගත්තොත් නාමල් ට දෙනවා අයන් කරගෙන ඇඳපන් කියලා.
ReplyDeleteThopila seratama uwamanawa andu ganna eka witharai. Dunnama hamaekama karanne anith paththa. Isserala serama ekathuwela munissunge prashna visandapalla.
ReplyDelete