රජකමට සුදුසුයි කිවුවේ හැම ගොවියම නෙමෙයි.. උඩුනුවර, යටිනුවර ඉහල කුලවල අයයි..

 


ගොවියන් රජවරුන් ලෙස හැඳින්වීම අතීතයේ සිට පැවත එන අසත්‍ය ප්‍රකාශයක් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඓතිහාසික කරුණු ගෙනහැර දක්වමින් පැහැදිලි කිරීමක් කළේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය මෙරට සමස්ත ගොවි ජනතාවටම අදාළව නොව, එක්තරා විශේෂිත ඓතිහාසික පසුබිමක් මත ගොඩනැගුණක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, රොබට් නොක්ස් උපුටා දක්වමින් සඳහන් කළේ, මහනුවර යුගයේදී උඩුනුවර සහ යටිනුවර යන ප්‍රදේශවල ගොවිතැන් කටයුතුවල නිරත වූ එවකට සමාජයේ ඉහළ කුලවලට අයත් පුද්ගලයන් බවයි.

"රොබට් නොක්ස් සඳහන් කර තිබෙනවා උඩුනුවර සහ යටිනුවර ගොවිතැන් කළ ගොවියෝ, ගොවිතැනින් ඉවත් වී මඩ සෝදාගත් පසු රජ පුටුවේ වාඩි කරවීමට තරම් සුදුසු ඉහළ කුලවල අය බව. ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන ප්‍රසිද්ධ කියමන බිහිවුණේ අන්න ඒ ඓතිහාසික පසුබිම තුළයි. එය රටේ සෑම ප්‍රදේශයකම සිටින සෑම ගොවියෙකුටම අදාළව කියූවක් නොවෙයි" යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කාලයත් සමඟ මෙම විශේෂිත නිරීක්ෂණය පොදු ජනප්‍රවාදයක් සහ කියමනක් ලෙස සමාජගත වී ඇති බවත්, අමාත්‍ය ලාල්කාන්ත මහතා සිය ප්‍රකාශය මගින් අදහස් කරන්නට ඇත්තේ එම ඓතිහාසික සත්‍යය පිළිබඳව විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගොවියාට සමාජය තුළ හිමිවිය යුතු ගෞරවය පිළිබඳව කිසිදු තර්කයක් නොමැති වුවද, මෙවැනි කියමන්වල පවතින සැබෑ ඓතිහාසික අර්ථය වටහා ගැනීම වැදගත් බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

27 Comments

  1. ඕක තමා අපි කීවෙ තඹුත්තේගම රංබඩා ගොවියාගේ පුතා රජකමට සුදුසු නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. Ehema kiyala wimal raja karawanna bane ithin. minissu gahalane elawanne

      Delete
    2. මොන බන්ඩෙක්ද ... තඹුත්තේගම හුසේන්ගේ පුතා ඕයි .. බොරුනම් බලපන් DNA

      Delete
    3. අපි විමල්, සජිත් හෝ නාමල්ට නොවෙයි ඡන්දය දෙන්නේ මහනුවර බුද්ධිමත්, උගත් ( ) , බෞද්ධ, ගොවි සිංහලයෙකුටයි.

      Delete
    4. ගොවියා පහත් කුලේ .... උන් උසස් කුලේ.....ඊයේ අලුතින් දාපු නාවික හමුදාපතිත් කාදිනල් සරණගිය ජෙරම් ගැත්තෙක් . අලුතින් දාපු ගුවන් හමුදාපතිත් එහෙමයි .....දැන් ඔක්කොම කාදිනල් කුලේ .....

      Delete
  2. මෙයා මේ වෙන වචන වලින් කියන්නේ ජෙප්පන්ට රජ වෙන්න බෑ කියන එක

    මොකද ජෙප්පෝ ඔක්කොම අඩු කුලේ

    දැන් ඔය දිසානායක කියලා බොරු නමක් අරගෙන ඉන්න එකා ඉස්සර තඹුත්තේගම පැත්තෙ තිබුනු රෝඩී ගමකින් පැවතෙන රොඩියෙක්

    ReplyDelete
    Replies
    1. එහෙනං අර ජා මූන ද වැඩි කුලේ???

      මහලොකු බුදු සසුන රකින්න එන රාවණාගේ යක්ක පක්කු. බුදු හාමුදුරුවො එපා ම කිව්ව මළ ඉළවූ කරේ තියන් යන්නෙ 🤣

      Delete
  3. කන්න ඕනැ වුණාම කබරගොයා තලගොයා වෙනවා. දැන් ඉතිං 159 ම ඩැමේජ් කොන්ට්‍රෝල් ප්‍රකාශ නිකුත්කරන්න පටන් ගනියි. වීරප්පන් උඩු රැවුලා, ලැට්මාලි, පොල්කුඩු චතුරංග, පොලොන්නරුවේ ටී බී රොඩියා, ගම්මිරිස් සමන්ත, විට්ස් ලක්ෂ 12 හාවගේ, බික්කුච්චන්, බටකොල ආච්චි, කටතැරි බිමල්, මොනවා කියයිද දන්නෑ.

    ReplyDelete
  4. දැන් ඉතින්, කයි දුන් අනෙකුත් ප්‍රදේශ වල ගොවි රජවරුට සභාවෙන් බැස යන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඒ සමගම පුන්නක්කු සහ පිදුරු මිටි ලෑස්ති කර ගන්නා ලෙසටද ඉල්ලා සිටිමි. ජාති වාදයට අමතරව කුල වාදයක් ඇද ගත් මාලිමාණ්ඩුවට අපෙ හදපිරි මෙව්වා එක පිරි නමමු.

    ReplyDelete
  5. රොබට් නොක්ස් ඇත්තටම ලියා තිබෙන්නේ කුමක්ද?

    Robert Knox තම An Historical Relation of the Island Ceylon (1681) ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි:

    "If they want a king, they may take any man, of either of these two counties (Udunuwara and Yatinuwara), from the plough, and wash the dirt off him, and he by reason of his quality is fit to be a king."

    මෙහි වැදගත් වන්නේ නොක්ස් පැහැදිලිවම "Udunuwara" සහ "Yatinuwara" යන ප්‍රදේශ දෙක ගැන පමණක් සඳහන් කිරීමයි. ඔහු "ශ්‍රී ලංකාවේ සියලුම ගොවීන්" ගැන එසේ නොකියයි.

    එසේ පැවසීමට හේතුව කුමක්ද?

    නොක්ස්ගේ විස්තරයට අනුව:

    උඩුනුවර සහ යටිනුවර ප්‍රදේශ රාජධානියට සමීප ප්‍රදේශ විය.
    එහි සිටි බොහෝ ගොවීන් සමාජයේ උසස් පෙළේ පවුල්වලට හෝ රාජකීය සේවයට සම්බන්ධ පිරිස්වලට අයත් වූහ.
    එම නිසා "මඩ සෝදාගත් විට රජකමට සුදුසු" යන කියමන එම සමාජ තත්ත්වය නිරූපණය කරන ප්‍රාදේශීය කියමනක් ලෙස නොක්ස් වාර්තා කර ඇත.
    "මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි" යන කියමන

    මෙය අද අප අතර ජනප්‍රිය කියමනක් බවට පත්ව තිබුණද, ඓතිහාසිකව එය:

    ශ්‍රී ලංකාවේ සියලුම ගොවීන් පිළිබඳ ප්‍රකාශයක් නොවේ.
    මහනුවර රාජධානියේ විශේෂ ප්‍රදේශ දෙකක සමාජ ව්‍යුහය පිළිබඳ නොක්ස් වාර්තා කළ ජනප්‍රවාදයකි.
    නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශය නිවැරදිද?

    ඓතිහාසික වශයෙන් බලන විට, බොහෝ දුරට ඔව්.

    එතුමා පැවසූ ප්‍රධාන කරුණු දෙකම මූලාශ්‍ර සමඟ ගැළපේ.

    රොබට් නොක්ස් එවැනි ප්‍රකාශයක් වාර්තා කර තිබේ. ✅
    එය මුළු රටේම සියලු ගොවීන් ගැන නොව, උඩුනුවර සහ යටිනුවර ප්‍රදේශවලට අදාළ කියමනක් බව ඔහුම සඳහන් කරයි. ✅
    එසේ නම් "ගොවියා රජෙක්" යන සංකල්පය අසත්‍යද?

    මෙහිදී කරුණු දෙකක් වෙන් කළ යුතුය.

    ඓතිහාසික වාර්තාවක් ලෙස — නොක්ස්ගේ සටහන විශේෂිත ප්‍රදේශයකට පමණක් අදාළය.
    සමාජ හා සංස්කෘතික සංකේතයක් ලෙස — "ගොවියා රජෙක්" යන්න පසුකාලීනව ගොවියාගේ ගෞරවය, ආහාර නිෂ්පාදනයේ වැදගත්කම සහ සමාජයේ ස්ථානය අවධාරණය කරන ජනප්‍රිය කියමනක් බවට පත්වී ඇත.

    ඒ අනුව, "ගොවියන් රජවරුන්" යන අදහස මුලින්ම බිහිවූයේ සියලු ගොවීන් සම්බන්ධ ඓතිහාසික සත්‍යයක් ලෙස නොව, මහනුවර රාජධානියේ උඩුනුවර හා යටිනුවර ප්‍රදේශවල ජනප්‍රවාදයක් ලෙස බව පැවසීම ඓතිහාසික සාක්ෂි සමඟ ගැළපේ. එහෙත් අද එය ගොවියාට ගෞරවය පළ කරන සංකේතාත්මක ප්‍රකාශයක් ලෙස පුළුල් අර්ථයකින් භාවිතා වේ.

    ReplyDelete
    Replies
    1. AI උත්තරේ නේද?

      Delete
    2. ලංකාවේ තියෙන ඕනෙම ජනප්‍රවාදයක් ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියල නැත්නම් වැරදිද එතකොට?
      උඩරට රාජධානියේ සිරකරුවෙකු ලෙස සිටීම නිසා, රොබට් නොක්ස් තමන් දන්නා උඩරට පළාතේ ගම් දෙකක නම් පොතක සඳහන් කරන්න ඇති.
      මහාචාර්ය නලින්ද කියන විදියට දැන් රොබට් නොක්ස් ලියූ දේ පමණක් පරම සත්‍ය කියල පිළිඅරන්,
      රොබට් නොක්ස් නොකියූ ලංකාවේ පැරණි පොදු ජනප්‍රවාද සේරටම අපහාස කරලා කුණු කුඩේට දමන්න ඕනෙද?

      Delete
  6. මේ මිනිස්සුන් තියෙන්නෙ පුදුම හිනමානයක්

    ReplyDelete
  7. මේ මිනිස්සුන් තියෙන්නෙ පුදුම හිනමානයක්

    ReplyDelete
  8. එතකොට උඹේ වාසගම වලකඩ අප්පුහමිලා ?

    ReplyDelete
  9. මු අංගොඩ දොස්තරද ?

    කාලකන්නි හෑත්ත මුන්ට තියෙන්නේ මානසික රෝග, කරපු එකාට කරන්න දුන්නෙත්නැ මුන්ට කරන්න දන්නේනෙත්නැ

    ReplyDelete
  10. ගෙදර පල හැන්න පොත්ත

    ReplyDelete
  11. Lapayata barida ban

    ReplyDelete
  12. එතකොට දැන් ඉන්න එකා රජ කමට සුදුසු කෙනෙක් නෙවෙයි එහෙම නේද

    ReplyDelete
  13. ඒක හරි. හැබැයි, ගොවියා රජෙක් කියලා මුරුංගා අත්තෙ තියලා චන්ද ගොඩ බාගත්තෙත් දේශපාලකයන් මයි!

    ReplyDelete
  14. මේ රොඩියො ආගම් වාදය ජාතිවාදයට අමතරව කුලභේදයයි, පන්ති භේදයයි දෙකත් ගෙනාව.
    ජෙප්පො කියන්නෙ රටට හෙනයක්.

    ReplyDelete
  15. ලාලාට රෙවිලා ගූ නාගන ඉවරයි. දනහිස්ස ඒ ගූ හෝදන්න ගිහින් ඌත් ගූ ගද ගහනවා.

    ReplyDelete
  16. හොඳ වැඩේ අඩුකුලේ ගොවියොත් රජවරුයි කියල හිතාගෙන මුන්ගෙ පස්සෙන් ගියාට​. දැන් ඉතින් අඩු කුලේ උන් ඇහැක් විදියට හේනක් කුඹුරක් කොටාගෙන හිටපියව්, නලින්දලාගෙ ලාල්කාන්තලාගෙ අහලකටවත් එන්න පුලුවන්ද බං උඹලට

    ReplyDelete
  17. ඇසට නොපෙනෙන මාණයක සිට,. ලංකා පුරය නිහඪවම පාළණය කරනා බවට සමස්ථයේ අවධානය,.!July 1, 2026 at 3:45 PM


    ඵකළ මහා හෙළ රාජ්‍ය තුළ, රජුගේ පාළණ ක්‍රමවේදය තුළ, කැමැත්ත මනාපය යහ හැකියාවන් මත, රජවාසලෙන් ඉඩම් ලබාගෙන රාජ්‍යට බත සැපයීමේ රාජකාරිය ඉටුකිරීම සඳහා වගාකල පිරිස ගොවිතැන්බත් කල පිරිස,.
    ''ගොවි'' ''ගමයා '' නොහොත්,.
    අකෂර විඥාශය අනුව පහසුව සදහා හැදින්වූයේද,..
    ''ගමයා'' යන පදය භාවිතා වූයේ අපහාසට නොවුවද ''ගැමියා'' ග්‍රාම වාසියා බවත්, මෑත කාළීනව අගමුල නොදත් කල්ලතෝනියන් 'ගොවියන් බවට පත්වී' හීනමානය ඇවිස්සීමයෑම තුල ගොවිගම ''කුලකයක" නොහොත් කුළයක් ලෙසට හඳුන්වා ගැනීම පැහැදිලිවම ලංකාවේ ජන සමාජය තුල ඇතැම් විට තවමත් නිරීකෂණය වන අතරම,.
    නාමකරනය තුල සියල්ල පටලවාගෙන ඇති බවත්,
    ලංකාවේ රාජධානිය තුල විවිධ රාජකාරියන්ට දකෂතා දැක්වූ 'කුළක' ඔවුන්ගෙන් පැවත ඵන දරැ මුණුපුරැ පරම්පරාවක් පැවතියද,.
    ඵවන් ''කුළකයන්'' කිසිම විටක ''උස සහ මිටි'' ලෙසට හෝ උසස් හෝ පහත් ලෙසට හෝ ''ඉන්දීයානු හින්දු සංස්කෘතියේ පවතිනා ලෙසට''කුළ'' ලෙසට හඳන්වන අර්ථය කිසිම විටක නොතිබූ බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
    ඉන්දියාවෙන් පැමිණි කල්ලතෝනි පිරිස මේ මොහොත් හෙළ බස පරිහරණය පරිහරනය කලද, ගැඹුරැ ඉතිහාසය සහිත සංස්කෘතික කාරනා ඔවුන් නොවැටහෙන බවත්,.
    ඇතැම්විට කල්ලතෝනි පසුබිම නිසාවෙන් යම් හීනමානසික සවභාවයකින් පෙලෙමින්, ඉන්දීය පසුබිම යටතේ හීනමානය සහිතව ඉස්මතුවීමට හෝ හේතු කරණකොට බෙදී වෙන්වීමට උත්සාහ දරනා බවත්,.
    ඵම පිරිස, උස මිටි හෝ, හමේ පැහැය වර්ණය අනුව හෝ, වෙනත් නාමකරනයන්ට අනුගතවී 'කුළකය' කුළයක් ලෙස හඳුන්වා ගනිමින් ඔවුන්ගේ ඉන්දීය හින්දු සංස්කෘතියේ ජානමය හැසිරීම ඉස්මතුවී, ''හෙළ බිමේ ''කුළකයන්''
    කුළ බවට පත්කරගැනීමට අසීමිත අහිංසක උත්සාහයක්, රාජ්‍ය පාළණය වෙනස් වූ දා පටන්ම සිදු කරනා බවත්, දැඩි අවධානයට,.!
    රාජ්‍යට හෝ රාජ්‍ය වටා ගොඩනැගුනා වූ දේ පාවාදීමට හෝ,..
    රාජ්‍යයේ පැවැත්මට පරිසරයට හානිකර දේ සිදුකරනා පිරිස හඳුන්වා දීමට දේශීය ජනයා භාවිතා කරනා 'පරයා' යන හෙළ නාමකරනයට පවතිනා අතිශය තැතිගැනීම, සහ 'පරයා' යන නාමකරනයට ලක්වී සමාජයේ උදහසට ලක්වීම ප්‍රතිකශේප වීමට දක්වනා බිය, 'කුළකය' තුලින් වසා ගැනීමට දරනා උත්සාහය,ඵකළ පටන්ම පසුතලයේ පවතින කාරණා වන අතර,.
    කාළයට වටපිටාවට පරිසරයට අනුගත වී
    රජු විසින් ඍජුව සිදුකරනා පාළණ ක්‍රමවේදය වෙනස වන නිසාවෙන්,.
    රජුගේ ආරකෂාව පිනිස පාළණය සඳහා තාවකාළිකව පුද්ගලයකු ජනතා කැමැත්තෙන් තෝරා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නාවූද,.
    සමස්ථ රාජ්‍යයේ පාළණය මේ මොහොතේ පවා ''මහා හෙළයේ'' අසමසම රජු විසින්ම පාළණය කරනා බවත්,.
    පාළකයාගේ සාර්ථක භාවය රදා පවතින්නේ ලංකා රජුසමග මණසින් සම්බනධවිය හැකි පුද්ගලයාටපමණක්ම බවත්,.
    අනිකුන් අත්හදා බැලීමට ලක්කර බලයෙන් පහකර දැමීමට කටයුතු කරනා බව සමස්ථයේ අවධානයට සහ අවබෝධයට,.!
    ''ජන මනස සහ සිතුවිලි රජුවිසින් වෙනම තළයක සිට හසු රවණා,. බවටත්''
    පසුකාළීනව පැනනගිනා වූ අතිශයින් සංකීර් ණ වූ, විජාතීය කුමන්ත්‍රණ සහ දුශ්ඨ බලවේග හමුවේ වුවද, අදටත් නිර්නාමිකව ඇසට හසුවන මාණයෙන් ඵපිටසිට හෙළයේ මහා රජු විසින්, රාජ්‍යය පාළණය කරනා අතරම.. අඛණ්ඪව සිදුවන ආක්‍රමණ නිසාවෙන් රහසිගතවම ජීවත්වන, බහුතරයකට බොහෝ දුරට කිසිදා සියැසින් දැකීමට පවා වාසනාව නොමැති, බොහෝවිට පෙලපත් නාමයන්ගෙන් පවා හඳුනාගත නොහැකි වන ලෙසට, ආරකෂාකාරීව සිටිමින් රාජ්‍යයේ පාළණය බළය හසු 'රවණා,.
    සූසෑට කළාව පරිශීළණය කරමින්,.
    නිර් ණාමික ලෙසටම, රාජකීයත්වය දරමින්, සුරකෂිතව කල් යල් බලා කටයුතු කරමින්, මේ මොහොතේ පවා ''අප අතරම ජීවත් වන බවත්'',.
    විදෙශීය ආක්‍රමණයන්ගෙන් නිරන්තර රාජ්‍ය පාළණයට සිදුවනා භාදාවන් නිසාවෙන්,. සූකෂම ලෙසට ආරකෂාකාරී උපායමාර්ගික ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍යය පාළණය කරමින්,. පෘථිවි ගෝළයට මාණව ප්‍රජාව තුළට අණසක පතුරැවා පාළණය කරමින්,.
    හෙළ බිමේ ආරකෂාව සපයමින්, රාජකීයත්වයද ඉදිරියටම පවත්වාගෙන යන අතරම,.
    අදටත් මේ මොහොතේදීත් ඇසට නොපෙනෙන මාණයක සිට,.
    ලංකා පුරය නිහඪවම පාළණය කරනා බවට සමස්ථයේ අවධානය,.!

    ReplyDelete
  18. හිරකාරයෙක් වෙලා හිටපු රොබට් නොක්ස් කියපු දේවල් ඉස්මුදුණෙන් පිළිගත්තට රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තියල සේවය කල සුරේෂ් සලේ කියන දේවල් නම් පිළිගන්න බැහැ කියල හිරේ දමල දස වද දෙනවා.

    ReplyDelete
  19. මාලිමා ආණ්ඩුවේ අඩුකුලේ කවුරුත්ම නැද්ද ?

    ReplyDelete
  20. ගොවියා පහත් කුලේ .... උන් උසස් කුලේ.....ඊයේ අලුතින් දාපු නාවික හමුදාපතිත් කාදිනල් සරණගිය ජෙරම් ගැත්තෙක් . අලුතින් දාපු ගුවන් හමුදාපතිත් එහෙමයි .....දැන් ඔක්කොම කාදිනල් කුලේ .....

    ReplyDelete
Previous Post Next Post