ලංකාවේ වෛද්‍යවරුන්ගේ ආයු කාලය අඩුවෙද්දි දේශපාලකයින්ගේ ආයු කාලය වැඩිවෙයි...


ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ගේ ආයු කාලයට වඩා අඩු බවට ඉන්දියාව තුළ සිදු කරන ලද පරීක්ෂණයක් මගින් තහවුරු වී ඇති අතර,  දේශපාලන ධාරාවේ නිරත පුද්ගලයින්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත්, ඔවුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 65 ඉක්මවා ජීවත් වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

පසුගිය දශක පහක කාලය තුළ මෙරට පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කළ දේශපාලකයින් සම්බන්ධයෙන් සිදු කළ සමාජ සමීක්ෂණයක තොරතුරු අනාවරණය කරමින් එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයකින් ද මෙවැනිම තත්ත්වයක් තහවුරු වී ඇති බවයි.

එම සමීක්ෂණ වාර්තාවට අනුව, මෙරට ප්‍රධාන පෙළේ දේශපාලකයින්ගෙන් සියයට 65කට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ඉක්මවා ජීවත් වෙති. තවත් සියයට 10කට අධික පිරිසක් වයස අවුරුදු 75 ඉක්මවා ජීවත් වන අතර, සියයට 5කට ආසන්න පිරිසක් වයස අවුරුදු 80 ද ඉක්මවා ජීවත් වන බව හෙළි වී තිබේ.

දේශපාලකයින් අතර පිළිකා වැනි රෝගී තත්ත්වයන්ගෙන් මියයන ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින අතර, අඩු වයසින් මියයන දේශපාලකයින්ගෙන් බහුතරයක් හදිසි හෘදයාබාධ, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හෝ අනතුරු හේතුවෙන් මියගොස් ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

 පාර්ලිමේන්තු වරප්‍රසාද සහ වෛද්‍ය රක්ෂණ ක්‍රම යටතේ මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වලින් මෙන්ම විදේශීය රෝහල්වලින් ද ඉහළම මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වීම,සාමාන්‍ය ජනතාව පීඩා විඳින ණය බර, බදු බර, දරුවන්ගේ අධ්‍යාපන වියදම් හෝ සෞඛ්‍ය වියදම් පිළිබඳ ගැටලු ඔවුන්ට අවම වීම නිසා මානසික ආතතියෙන් තොරව ජීවත් වීමට හැකි වීම, නිරෝගී දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලැබීම, පවුලේ සාමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ දැඩි රැකවරණය මෙන්ම දේශපාලනයෙන් බැහැර අවස්ථාවලදී විනෝදයෙන් හා සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබීම දේශපාලකයින්ගේ මෙම දීර්ඝායුෂ කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් යයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

1977 පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, ත්‍රස්තවාදී ක්‍රියා හෝ හදිසි අනතුරුවලට ලක් නොවූ බොහෝ දේශපාලකයින් වයස අවුරුදු 80 ආසන්න වන තෙක් ජීවත් වී ඇති බවයි.

මෙම සමාජ සමීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කරන බවත්, ඉදිරි මාස හයක කාලය තුළ මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.






Study Reveals Lifespan Disparities Among Sri Lankan Doctors and Politicians

A recent study conducted in India has revealed that the lifespan of physicians in Sri Lanka is significantly lower than that of their political counterparts. Notably, while the general population does not experience the same longevity as politicians, a considerable segment of the latter group, particularly those engaged in political activities, are living well into their senior years, with many exceeding the age of 65.

This information was brought to light by Dr. Chamara Sanjeewa, Chairman of the Medical and Civil Rights Physicians’ Association, during a social survey covering parliamentary and local government representatives over the past five decades. At a recent event in Polonnaruwa, he emphasized the findings, which corroborate similar outcomes from studies conducted in India.

The data indicates that over 65% of Sri Lanka's prominent politicians are aged beyond 65 years, with more than 10% surpassing the age of 75, and around 5% living past 80. Dr. Sanjeewa noted that the mortality rate from illnesses like cancer among politicians is significantly low, and those who do die at a younger age often succumb to sudden heart attacks, substance abuse, or accidents.

Access to high-quality medical care, both locally and internationally, combined with the absence of financial stressors such as debilitating debts and education costs for children, allows these politicians to enjoy a relatively stress-free life. Furthermore, they can benefit from family support and leisure activities outside of their political engagements, contributing to their overall health and longevity.

Dr. Sanjeewa also commented on the longevity of political figures from the 1977 parliament who escaped terrorist attacks or serious accidents, many of whom are now approaching their eighties. He mentioned plans for further scientific studies on this social survey and expressed hopes to publish a detailed report within six months at an international level.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.

    මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    We must not let people forget the attack on the Negombo prison. A Tiger leader once said that the fools in Sri Lanka forget anything within two weeks. This Negombo attack was worse than the Easter attack.

    This attack was orchestrated by Cardinal who wears long robes and Cyril Gamini. Those two took dollar payments from the LTTE and created a clash between prisoners and the police to harm the Sinhalese people. The mastermind behind this attack is the Cardinal. The secondary mastermind is Cyril Gamini. There were 100 injured people. Of those 100, 12 were jailers. The rest were unarmed prisoners who were injured after falling and being trampled while trying to run as murderous jailers and the police opened fire. There are prisoners with serious injuries. They are the ones who survived after being shot instead of being killed. This police and prison officers' attack was a deliberate crime. The order for this attack was given by 'Pacha Lapa Kota' (a derogatory nickname), who is in any case a terrorist and a murderer. The mastermind who planned this attack is the Cardinal. The secondary planner who allegedly managed it with money from the LTTE diaspora to incite the Sinhalese people is Cyril Gamini. For several weeks before the attack, 'Lapa Pacha Kota' had informed the murderous Red Army inside the prison that the attack would take place. The Cardinal and Cyril Gamini are still in hiding. The government has allegedly provided them with 40 PSD security officers and hidden them in a government safe house.

    This attack was a major disaster, very carefully planned and carried out by the government in power together with the leaders of the Catholic religion. 'Lapa Pacha Kota,' 159, Cardinal Ranjith, and Cyril Gamini should all be punished according to the law. We will inform foreign countries about this attack

    ReplyDelete
    Replies
    1. මේ ඔයා ගම්මන් පිල නේද අයියා....

      Delete
  2. වෛද්‍යවරුන්ගේ ආයු කාලය අඩු වීමට හේතුව ඔවුන්ගේ වෘත්තීයමය ආතතිය, දිගු සේවා කාලය, රාත්‍රී රාජකාරි, නිදන රටාවේ බිඳවැටීම සහ අධික මානසික පීඩනය වැනි කරුණු විය හැකි බව බොහෝ අධ්‍යයන පෙන්වා දී ඇත.

    එහෙත්, ජනතාවගේ දුෂ්කරතාවන් නොසලකා අධික ගාස්තු අයකරමින් වෘත්තිය වාණිජකරණය කරන ඇතැම් වෛද්‍යවරුන් පිළිබඳව සමාජයේ බරපතළ විවේචනයක් ද පවතී. එවැනි ක්‍රියාකාරකම් සදාචාරාත්මකව ප්‍රශ්නකාරී වන අතර, වෛද්‍ය වෘත්තිය කෙරෙහි ජනතා විශ්වාසයට හානි කරයි. කෙසේ වෙතත්, සියලු වෛද්‍යවරුන් එකම ලෙස විනිශ්චය කිරීම සාධාරණ නොවේ. බොහෝ වෛද්‍යවරු අදත් ඉතා කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් ජනතාවට සේවය කරති.

    ReplyDelete
  3. ඇලෝපාතිකයන් අඩුවයසින් මියයෑමට හේතුව සෳඛ්‍ය පිළබඳව පවතිනා අල්පමාත්‍ර දැනුම සහ වැටහීමබව අවධානයට,.!July 10, 2026 at 1:52 PM

    ඇලෝපාතිකයන් අඩුවයසින් මියයෑමට හේතුව සෳඛ්‍ය පිළබඳව පවතිනා අල්පමාත්‍ර දැනුම සහ වැටහීම, සහ ''සෟඛ්‍යය සහ සැබෑ වෙදකම හෙදකම පිළිබඳව දැනුම ලබාගැනීමට පවතිනා රැකියාව නිසාවෙන්ම දැනුම ලබාගැනීමට පවතිනා භාදාවන්, සහ ඔවුන්ගේ නූගත් සමාජ වටපිටාව බව අවධානයට,.!

    ReplyDelete
  4. ඇලෝපාතිකයන් අඩුවයසින් මියයෑමට හේතුව සෳඛ්‍ය පිළබඳව පවතිනා අල්පමාත්‍ර දැනුම වැටහීම, සහ රැකියාව නිසාවෙන්ම පවතිනා භාදාවන්, සහ ඔවුන්ගේ නූගත් සමාජ වටපිටාව බව අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post