මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිටුපස ඇති අතිශය කෲර සහ අමානුෂික තොරතුරු රැසක් 'මී මැස්සෝ' යූ ටියුබ් නාලිකාව විසින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවලට අනුව, මෙම ගැටුම හුදෙක් අහඹු සිදුවීමක් නොව, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රැඳවියන් අතර පැවති බල අරගලයක ප්‍රතිඵලයකි.
මීගමුව බන්ධනාගාර සිද්ධියේ දී "බන්ධ පොලිස්" නිලධාරීන් ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේ යකඩ දොරටුව කඩා දමමින් ප්‍රධාන ලී දොරටුව ද කඩා රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව බව මේ වන විට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් එම වෙඩි තැබීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළට ප්‍රවේශ වූ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් විසින් අමානුෂික ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද සිදුකරන ලද මූලික විමර්ශනවලදී හෙළි ව ඇති බව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනාවරණය කර තිබේ.
බන්ධනාගාරයේ විනය පවත්වාගෙන යාමට නිලධාරීන් ගත් උත්සාහය හමුවේ, 'කටුවැල්ලේගොඩ සුරේෂ්' නමැති රැඳවියා ඇතුළු පිරිසක් නිලධාරීන් සමඟ ඇති කරගත් ආරවුලක් මෙම සමූහ ඝාතනය දක්වා දුරදිග ගොස් ඇත.
සිද්ධිය වූ දින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ දොරටුව කඩාගෙන පිටතට ඒමට උත්සාහ කර ඇති අතර, එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පසු තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර අභ්‍යන්තරයට ඇතුළු වූ නිලධාරීන් පිරිසක් රැඳවියන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇත.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අතිශය ම්ලේච්ඡ අන්දමින් බව එම නාලිකාව පෙන්වා දෙයි.
එක් නිලධාරියෙකුගේ හිස සින්ක් එකක ගසා ඝාතනය කර ඇති අතර, තවත් නිලධාරීන්ගේ ලිංගික අවයව පවා කපා දමමින් වධහිංසා පමුණුවා ඇති බව හෙළි වී තිබේ.
මල් පෝච්චි, යකඩ බට සහ විවිධ උපකරණ යොදා ගනිමින් රැඳවියන් විසින් මෙම සමූහ ඝාතනය මෙහෙයවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
බන්ධනාගාරය තුළ තිබූ වැදගත් ලේඛන සහ උපකරණ රැසක් ද රැඳවියන් විසින් විනාශ කර ඇති අතර, සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා ඉදිරියේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පුවත මගින් මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින අනාරක්ෂිත බව සහ රැඳවියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
Tragic Clash at Negombo Prison Claims 28 Lives Amidst Drug Trade Tensions
A brutal clash at the Negombo Prison last week has left 28 individuals, including eight prison officers, dead. Shocking and inhumane details surrounding the incident have been revealed by the YouTube channel "Mee Massoo."
This confrontation was not merely a chance occurrence; it was the culmination of ongoing struggles for power among inmates, exacerbated by rampant drug trafficking within the facility.
Preliminary investigations suggest that prison officers were killed following shots fired to thwart an escape attempt, where inmates attempted to break down the main iron gate of the prison. After these shots were discharged, the officers who entered the premises were violently attacked by the inmates, leading to a gruesome onslaught.
Attempts by prison staff to maintain order spiraled into chaos when a dispute involving an inmate named Suresh from "Katuwelle Gedara" escalated, leading to the violent group assault.
On the day of the incident, a group of inmates attempted to burst through the main iron door of the prison, prompting a prison officer to fire shots in an effort to suppress the escape.
Following the gunfire, a team of officers who rushed into control the situation were met with a fierce assault from inmates, underscoring the extreme brutality involved.
The channel highlighted the horrific manner in which the prison officers were murdered, including one officer whose head was smashed against a sink, and reports of sexual mutilation to other officers.
The attack was orchestrated using various weapons, including metal rods and other tools, indicating a planned assault by the inmates.
In response to the incident, the Criminal Investigation Department (CID) and the Department of Prisons have initiated extensive investigations.
Numerous essential documents and equipment within the prison have also been destroyed by the inmates, and further reports related to the incident are expected to be submitted to the Negombo Magistrate's Court in due course.
This incident has sparked significant public discourse regarding the security flaws in the Sri Lankan prison system and the violent behavior exhibited by inmates.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එක එක පිස්සෝ ඔලුවට එන නා නා කෙබර පත බානවා දේශපාලන වුවමනාවන් වලට. නිවැරදි වාර්ථාවක් එන තුරු මේ බයිලා ගණන් ගන්ඩ එපා.
ReplyDeleteතොට පයියක් නැති නිසා බයවෙන්න දෙයක් නෑ.
Deleteතෝ පයියවල් වලට එච්චර බය ද? ඇයි ඒ? පොඩි කාලේ කවුරු හරි ගලක් වත් කැපුවද අල්ලල? දූෂණයකින් පස්සේ සමාජයට මුහුණ දෙන එක අපහසුයි කියලා තමයි මනෝ වෛද්‍ය විද්‍යාවේ කියලා දෙන්නේ. ඒවට නිවැරදි ප්‍රථිකාර ක්‍රම මේ වෙනකොට තිබෙනවා. උඹට තියෙන අසනීපයට කියන්නේ පී.ටී.එස්.ඩී. තත්වයක් කියලා. හොඳටම බරපතල දූෂණයක් ද කලේ? නැත්නම් ඔහොම ඩික්ෆොබියා එකක් එන් නෑ.
Deleteපතිරණ, උඹ මේක අස්සේ අවධානය වෙන පැත්තක්ට ගන්න ගේම් ගහන්න එපා පරයා.
Deleteබීලා නිදාගත්තු අධිකරණ ඇමතිටයි, මොකක් වත් දන්නෙ නැති ආරක්ශක ඇමතිටයි ඉල්ලා අස් වෙන්න කියපන්.
ඉතිං පරයෝ රෑට පොඩ්ඩක් බීලා නිදා ගත්තම මොකද වෙන්නේ? වැලිකඩ 28ක් මරණ කොට චන්ද්‍රසිරි ගජධීර තමයි බන්ධනාගාර ප්‍රථිසංස්කරණ හා පුනරුත්ථාපන ඇමති, ඒ යකා අයින් වුණාද? 2015 පැරදිලා යනකම් අල්ලගෙන හිටියා. තෝ බීලා බුදියගෙන ද හිටියේ ඒ අවුරුදු 3ම තිස්සේ?
Deleteමීගමුවේ ජේලර්ලා මොකද කරේ ඉරිදා ගහගත්තු උන් දෙපැත්තකට වෙන් කරන්නෙ නැතුව? ඇයි රැඳවියො එදා රෑ ලොක් කරන්නෙ නැතුව එලියෙ හිටියේ? මෙතන පැහැදිලිවම නිලධාරීන් බිල්ලට දුන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. අධිකරණ ඇමති එදා බීලා නිදාගෙන හිටිය නම්, නියෝජ්‍ය ඇමතියෙක් හිටියෙ නැද්ද? පොලිස් ඇමති මොකද කරේ? ආරක්ශක ඇමති විදියට ජනාධිපති මොකද කරේ? කෝ අර බංකු බංකුවා? ඌ මොකද කරේ? මුන් ඔක්කොම බබාලා වගේනේ හැසිරෙන්නෙ.
ReplyDeleteඋන් තමයි කුඩු කාරයන්ට කිව්වේ මෙන්න මෙයාලා තමයි කුඩු ගේන එක ගැන ඔත්තු දුන්නෙ කියලා. උන් තමයි ගැටුම ඇති කරේ. මොකද උන් කුඩ්ඩොන්ගෙන් සල්ලි ගන්නවා ඇතුලට කුඩු ගේන්න දෙනවට. ඒක නැති වුනොත් ජේලර්ලාගේ ආදායම නැති වෙනවා. තේරුම් ගනින්කො බං.
Deleteඇමතිටත් ගානක් එන්න ඇති. ඒකනේ ඌත් ඔය සීන් එක නොදැන හිටිය වෙන්න බෑනෙ. යකෝ බ්‍රේකින් නිව්ස් ගහලා, පැය ගානක් වලියක් ගිහින්, මිනිස්සු 2ක් මැරිලා ගියාමත් නිළදාරීන්ට කෝල් කරලා බනින්නවත් එපැයි ඇමතියෙක් උනාම. ඒ මුකුත් නෑනේ. ඌ කෝල් ආන්සර් කරලත් නෑලු එදා.
Deleteගහයි කියල හිතුවට මෙහෙම ගහයි කියල හිතන්නෙ නැතුව ඇති.
Deleteපිලිගන්න අමාරු කතාවක්. මොකද හිලෙන් වෙඩි තියලා විනාඩි 2,3න් පොලීසිය දොර ඇරගෙන ඇතුලට ගියා.
ReplyDeleteඒ ටිකට ඔලු වලට ගල් වලින් ගහලා, ඔලු කුඩු කරලා, ලිංග කපලා විකාර නටන්න වෙලාවක් නැහැ.
ඒක පිලිගන්න බැහැ. නිකන් ලංකාවේ පුන්නක්කු කන්නන්ගේ සංගමය කුලප්පු කරලා වීව්ස් ගන්න හදපු ගොන් වීඩියෝවක්
ඇත්ත. නිළධාරීන්ට පණ තිබුනා නම් ඔය රැඳවියෝ නිළධාරීන්ව ප්‍රාණ ඇපයට ගන්නවා මොකද උන් දන්නවා පොලීසියයි, STF එකයි ඇතුලට ආවම උන්ට බඩු හම්බෙන බව.
Deleteඔව් ඒක හරි.
Deleteඔව්. ඒක වීඩියො වලත් තිබුනනෙ. මුන් ඒව බල බල බොරු ගොතනවනෙ.
Deleteපොලිස් නිලධාරිය පිට වැරැද්ද පටවලා ඇමතියා ශේප් වෙන්න වගේ හදන්නෙ.
ඒවා හරියන්නෙ නෑ හොඳේ. ඉල්ලා අස් වෙයන්. එච්චරයි.
ඇමතියෝ, ඉල්ලා අස් වෙයන්. දැන් උඹෙ නියෝග පිලිගන්න බන්ධනාගාර නිළදාරීන් සූදානම් නැහැ. උඹ නීතිපති දෙපාර්ථමේන්තුවත් විනාශ කරා. දැන් මේක.
ReplyDeleteතවත් නිළධාරීන්වයි, රැඳවියන්වයි කුලප්පු නොකර අස් වෙයන්.
අපාය විශ්වාස කරන්නේ නැද්ද?
ReplyDeleteඅවුරුදු 2ක් බන්ධනාගාර ඇමති, එක පාරක්වත් බන්ධනාගාරයක් බලන්නවත් ගිහින් නෑලු.
ReplyDeleteරුපියල් මිලියන 110ක් බන්ධනාගාර සංවර්ධනයට ගන්න බජට් එකෙන් සල්ලි වෙන් කරාට මූ ඒකෙන් යොදවලා තියෙන්නේ මිලියන 1යිලු. පහුගිය කාලේ ඇමතියා තමන්ගේ හොර ගෑනුන්ට එල්ලුම් ගහ පෙන්නන්න හරි බන්ධනාගාරෙට ගිහින් තියෙනව. මූ ගිහිල්ලම නෑ. මරු පුනරුදේ.
පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය
ReplyDelete