2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) මරණ දඬුවම නියම කළ බව පුවත්පත් වාර්තා කරයි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ විනිසුරු මඩුල්ලේ බහුතර එකඟතාවය මතය. විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන් විත්තිකරුවන් වරදකරුවන් බවට තීන්දු කළ අතර, විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතුය යන විරුද්ධ මතය ප්‍රකාශ කර තිබුණි.
ප්‍රහාරය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නිසි පියවර නොගැනීම තුළින් සිදු වූ සාපරාධී නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව වෙන වෙනම අධිචෝදනා ගොනු කර තිබුණි.
මෙම නඩුවේ ඉතිහාසය දෙස බැලීමේදී, 2022 පෙබරවාරි 18 වනදා එවකට සිටි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ගේ විත්තිවාචකය කැඳවීමකින් තොරවම ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවත්, විත්තිකරුවන්ගේ විත්තිවාචකය කැඳවිය යුතු බවත් තීන්දු කළේය.
ඒ අනුව නඩුව නැවත විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, එම නැවත නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද මෙම මරණ දඬුවම නියම විය.
Former Officials Sentenced to Death for Negligence Over Easter Sunday Attacks
In a landmark ruling today, the Colombo High Court has sentenced former Defense Secretary Hemasiri Fernando and former Inspector General of Police Pujith Jayasundara to death for their failure to prevent the Easter Sunday terrorist attacks in 2019, despite having received prior intelligence information regarding the incident. Reports confirm that both men faced multiple charges, including the dereliction of duty.
The decision was reached by a majority consensus among the judges on the bench, with Justices Priyantha Wijayatunga and Thilakawardana Bandara finding the defendants guilty. However, Justice Viraj Weerakoon presented a dissenting opinion, arguing that the accused should be acquitted as they were not responsible for the attacks.
Despite the availability of specific intelligence that could have safeguarded public lives, the failure to take appropriate measures led to significant consequences, prompting the Attorney General to file separate indictments against the defendants.
Looking back at the case's history, on February 18, 2022, the then-Colombo High Court had released the accused without calling for their formal trial, declaring them not guilty. This decision, however, was contested by the Attorney General, leading to an appeal in the Supreme Court.
Upon reviewing the appeal, the Supreme Court ruled that the High Court's prior decision to acquit the defendants was legally flawed and mandated that the trial court must summon them for a proper hearing. Consequently, today's death sentence was issued as part of the renewed proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අද කඩිනල්ගේ උවමනාවට මාතර කතෝලික පාසැලක කෙනෙක් අද යුධ හමුදාපති උනා .......මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයකට බවුද්දයෙක්ට මරණ දඬුවම දුන්නා
ReplyDelete
Deleteමුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයකට බවුද්දයන් දෙන්නෙක්ට මරණ දඬුවම දුන්නා. කාඩිනල් සරණ ගිය මහා අධිකරණෙ විනුසුරුවන් ඉන්නවනේ
පුංචිඅම්ම තියාගෙන ඉන්න එකත් කතෝලිකද?
Deleteමුන්ට දඩුවම් කරේ ප්‍රහරය එල්ල කරපු එකට නෙවේ. ඒක වලක්වා නොගත්ත එකට.
Deleteඒ වගෙම තේරුම් ගනින්, සුරේෂ් සලෙව අත්අඩංගුවට ගත්තේ ප්ර්හාරය වලක්වා නොගත්ත එකට නෙවේ, ප්‍රහාරය සිදු කිරීමට අදාර අනුබල දීමේ චෝදනාවට.
——
ඒක නෙවේ සුරේෂ් සලේ බෞද්ධ නොවන හින්දා පොරට දඩුවම් දුන්නට කමක් නැද්ද?? 😂😂
සුරේෂ් සලේ ප්‍රහාරය සිදු කිරීමට අදාර අනුබල දුන්න බවට ඇසින් දුටු සාක්කි තියෙනවද? ඒ සාක්කි කරුවන් කවුද?
Deleteඑහෙනං ඒකත් මාෆියාවකට යට වුනා. රංජා හරි. කටෝලික බෝනගේන් මිනීමරුවො රජ කරන රටක්.
Deleteකොහොමද,.. අවුරුදු 2ක සේවා දිගුවක් දෙනවා කිව්ව විතරයි මරණ දඬුවමෙන් ආන්ඩුවට සලකන්නේ. කොහොමද කතෝලික පූජක අග විනිසුරුගේ බලේ. පුරප්පාඩු 8ක් තියෙනවා. ඒවට උඹලා දාන්න නම් හිත සැනසෙන තීන්දු දීපල්ලා. ඕක තමයි වුනේ. දැන් තරඟෙට මරන දඬුවම් දේවි විපක්ශෙට.
Deleteඉහළ අධිකරණ වලට පත්වීම් නොදී ඉන්නෙ මෙ කැරට් අල ටික පෙන්නලා. දැන් ඉතින් පොමොෂන් ෂුවර්
ReplyDeleteහරියටම හරි. මස් කඩේ චොප්පෙල දෙන්නට ප්‍රොමෝශන් ශුවර්
Deleteඊළඟට එල්ලන්නේ කවුද?
ReplyDeletewalan sani
Deleteඅදිකරනය විගඩමක් වෙලා. නිදොස්කොට නිදහස් එකකින් එකකින් මරනය. පිස්සු
ReplyDeleteඒක තමයි කියන්නෙ අජිකරණය ජරා වලක් කියල
Deleteඔය හෙමසිරිය ඉස්සර නාවුක හමදාවේ හිටපු හොදම ඉල්ලක්කයට වෙඩි තියලා කප් ගහපු පොරක්...පස්සේ මූ එකපාරටම එකසත් ජාතික පක්ෂයේ, චන්ද්‍රික ආණ්ඩුවේ රාජපස්ස ආණ්ඩුවේ යහපාලන සමයමේදී ආණ්ඩුවේ කුක්කන්ට පොක දීල ආණ්ඩු මාරු වෙනකොට ඒ පැත්තට මේ පැත්තට පන පන හොර මගදී වියපරය් කරමින් යහමින් වජබුන එකෙක්....ඕකා හොරාකාපු සල්ලිවලින් කොළොඹ බෞද්ධාලෝක මාවතේ, කුරිදුවත්තේ, මහ නුවර, බෙන්තොට වැලි පළාත්වල මහා පරිමනෙන් ඉඩම් වතුපිටි දේපල මිලදී ගත්තා හොර සල්ලිවලින්...යහපාලනය ගෙනෙන්න මූ හොඳට දරදිය ඇදපු නිසා උඋට රජය ආරක්ෂක ලේකම් තනතුර ලැබුනා....නමුත් උ හිතුවේ නැහැ යහපාලන හැත්ත ගොන්නු සෙට් එකක් කියලා. අන්තිමට උන්ට පාස්කු ප්‍රහාරය ගැන කියලාත් එක ගණන් ගන්නේ නැතිව ඉන්නතරමට උන් අන්දමන්ද වෙලා හිටියේ....එකනේ වරු මොටෙක් වගේ ඇවිල්ල කාරෙකක් ඇතුලේ ඉඳල විදේශ මද්යවේදියෙකු අහපු ප්‍රස්නෙකට ලෝකෙම හිනස්සන අමු ගොන් උත්තරයක් දුන්නේ...."අපි ගහනවා කියලා දැනගෙන හිටයට මෙහෙම කන්න වේවි කියලා හිතුවේ නැහැ" කියල කියුවේ.
ReplyDeleteDITTA ENAKOTA
DeleteKADE WAHAN HITITIYA WAGE DEYAK UNE
අර ඇස් වහගෙන ඉන්න එකී ගණිකාවක් ද
ReplyDeleteමේ ගොල්ලන්ට ඉහලින් ඉඳපු මෛත්‍රීපාල සිරිසේන ට, රනිල් වික්‍රමසිංහ ට, ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ට මුකුත් නෑ
ReplyDeleteමේ ගොල්ලන්ට පහලින් ඉඳපු ශානි අබේසේකර ට, රවි සෙනෙවිරත්න ට මුකුත් නෑ
මැද හරියෙන් ඉඳපු හේමසිරි ප්‍රනාන්දු ට යි, පූජිත ජයසුන්දර ට යි මරණ දඬුවම
මරු අධිකරණය
මාලු ලෑල්ලෙ අජිකරනය
Deleteඑතකොට අර ප්‍රහාරයක් සිද්ධවෙනවයි කියල බුද්ධි අංශවලින් දන්නපු තොරතුරු මේස උඩ තියාගන ඒ ගැන කිසිම ඇක්ෂන් එකක් නොගෙන ප්‍රහාරය
ReplyDeleteවෙන්ඩ ඉඩදීල අහක බලාගන හිටපු ශානිටයි, රවියටයි මරණ ඳඬුවම නැද්ද?
නැහැනෙ, උන් දෙන්න මාලිමාවේ විශ්‍රාමික පොලිස් සංසදයට බැඳුනනෙ.
Deleteසුරසේන නිදොස් කොට නිදහස් කරපු එකෙක්ව අද වැරදි කාරය කරනව. මරන දඩුවම දෙනව කියන්නෙ ලංකාවෙ තියෙන ලොකුම වැරැද්දක් කලා කියන එක. ඒත් දැන් ඔය ජෙප්පො පරිනතයි කියල කරේ තියන් යන සුරසේන වැරදි තීන්දුවක් දීල තියෙන්නෙ. දැන් කොමද මේක හෝදන්නෙ
ReplyDeleteබෝන්ගේන් සූරසේනව තියං ඉන්නෙ ඕකට තමයි
Deleteඑක ඩිල් එකක්. පාස්කු ප්‍රහාර වුනාට පස්සේ සිරිසේනටයි රනිල්ටයි රුවන්ටි අලස්ටයි ඕනෑ වුන එම ප්‍රහාරය වග කිවයුත්තෙක් සොයාගන්න....උන් මුන් දෙන්නව ගෙන්නලා කියුව වගකීම බාරගන්න ඉල්ලා අස්වෙන්න කියල...මුන් දෙන්න කැමති වුනේ නැහැ. නඩු පටලලා කොහොම හරි බොලේ පාස් කරන්න හැදුව සිරිසේනටයි රනිල්ටයි අනිත් වදුරන්ටයි...මොකද ඒ යහපාලන ආණ්ඩුවේ හැමතලයකම හැලහැප්පිලි තිබුන නිසා එකාට එකක් අන්තිමට හිටියේ නැහැ...හැම එකාම කොටගන්නා පටන්ගත්තා...අන්තිමට යහපාලනය පැරදිලා ඔටා පාලනය අවා...එකේදී ජනාදිපති කොමිසන් දාල තව තව බයලා ගහඝ ඇද ඇද හිටිය...ඒ අතරතුර මුන් දෙන්නව ගෙනල්ල කියුව දැන්වත් වගකීම බාරගනින්ල්ල...අපි උඹලගේ නඩත්තු කටයුතු කරන්නම්,,,පවුල් බලාගන්නම, හරකාපු සල්ලි බැංකුවල ආරක්ෂා ඇතිව තියන්න උදවු කරන්නම්...ප්‍රහාරයේ වගකීම කොලෙකට පමණක් බාරගනින්ල්ල...හිරේට දන්නේ නැහැ....උඹලට මස කිහිපයක් හිරේ ඉන්න වේවි...ඊට පස්සේ එලියට ඇවිල්ල සද්ද නැතුව හිටපල්ලා කියලා...
ReplyDelete
ReplyDeleteහරිනම් ලේකම්ට පොලිස්පතිට විතරක් නොවෙයි, ඔවුන්ට ඉහළ බලධාරීන් සහ ඔවුන්ට ලියුම් බෙදන පියන්ගේ ඉඳල ඔවුන්ට සේවය ලබා දුන් රාජ්‍ය සේවක කණ්ඩායමටම දඬුවම් දෙන්න ඕනෙ.
මොකද ෆයිල් යටගහනවා, ලියුම් කුණුකුඩේට දමනවා වගේ කඩාකප්පල්කාරී වැඩ කරන තරමක් කරලා රටක් වට්ටන්න උනත් පහළින්ම ඉන්න මිනිස්සුන්ට තමයි වැඩියෙන්ම පුළුවන්.
ගෝඨාගේ කාලේ ආණ්ඩුව වට්ටන්න ප්‍රධාන වශයෙන් උදව් කලේ පෙට්ට්‍රල් ෂෙඩ් වල තෙල් ගහපු මිනිස්සු සහ තෙල් බවුසර් කාරයො. තෙල් හිඟය මවල පෝලිම් ඇති කරලා ජනතා අසහනය ඇතිකරන්න ඔවුන් පෙරමුණ ගත්ත.
පළිගැනීමේ චේතනාව නිසා ලංකාවේ දේශපාලකයන් යම් යම් නිලධාරීන්ගෙන් පළිගත්තට රාජ්‍ය සේවයේ සාමූහික වගකීම එක පුද්ගලයෙක් පිටින් යැවීම දඬුවම් ලබන පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේ කෙසේද?