අල්ලස් කොමිසමේ සිටි දෙදෙනකු දූෂණ ක්‍රියා කළැයි අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්..


ඉෂාර රත්නකාර

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් දෙපළක් සිදුකර ඇතැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා එම කොමිසම වෙත සුදත් දේවපුර යන අය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථාන​යේ සභාපති සුදත් දේවපුර විසින් අදාළ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත යොමුකර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන ලද තැනැත්තියක් සහ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කරන ලද තැනැත්තකු අල්ලස් කොමිසමේ නාමය සහ නිලතල අවභාවිත කරමින් ඉකුත් කාලයේදී දූෂණ ක්‍රියා රැසක් සිදුකර ඇතැයි සඳහන් කරමින් එම පැමිණිල්ල අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්රයාට එලෙස යොමු කර තිබිණි.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කරන ලද තැනැත්තා එම තනතුරේ කටයුතු කරන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේද සේවය කර ඇතැයිද ඔහුගේ දූෂණ ක්‍රියාවන්ට රාජ්‍ය නිලධාරීන්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ කරගෙන ඇතැයිද අදාළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරමින් සිදුකර ඇතැයි කියන දූෂණ ක්‍රියාවන් පිළිබඳ කඩිනමින් විමර්ශනය කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති සුදත් දේවපුර සිය පැමිණිල්ලෙන් අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

- Aruna





Allegations of Bribery Prompt Investigation Request Against Two Anti-Corruption Commissioners

In a significant development, Sudath Devapura, Chairman of the Sri Lanka Centre for the World Buddhist Summit, has submitted a formal complaint to the Bribery Commission, urging an investigation into allegations of corruption involving two commissioners.

The complaint, directed to the Commission’s Director General, Rangitha Disanayake, highlights actions allegedly carried out by individuals who have served in the roles of the Commission's commissioners. It is claimed that they have engaged in multiple corrupt activities while misusing the Commission's name and official titles.

Furthermore, the complaint reveals that one of the commissioners had also held a position within the Presidential Secretariat during the time they were alleged to have committed acts of corruption. It is suggested that government officials may have been complicit, either knowingly or unknowingly, in these nefarious activities.

Sudath Devapura's appeal calls for an expedited investigation into these alleged corrupt actions and for legal measures to be taken against the involved individuals, emphasizing the need for accountability within the Commission.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 11, 2026 at 6:34 AM

      රාජපක්සලාගේ පිං බලෙන් තෙල් පෝලිම් ආවේ.

      Delete
Previous Post Next Post