විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි මතභේදයක් හටගෙන ඇති බව අද (30) 'ලංකාදීප' පුවත්පත වාර්තා කරයි.
පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගයේ විධායක සභික සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා රජයේ මෙම තීරණයට සිය සෘජු විරෝධය පළ කර ඇත.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය හෝ විධායක සභාව මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බවත්, මෙය ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික යෝජනාවක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.
තමා මේ පිළිබඳව විරෝධය පළ කළ අවස්ථාවේදී නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බවද විජේනායක මහතා වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ මහතා පවසා ඇත්තේ ඉහළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂයේ බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බවයි.
ලාල් විජේනායක මහතාගේ මතයට පක්ෂයේ බොහෝ පිරිසක් එකඟ නොවන නමුත්, ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට කිසිවකු බාධා කර නොමැති බවත්, ඔහුට නිහඬව සිටින ලෙස දැනුම් දී නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම මෙරට මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය ද සිය දැඩි විරෝධය පළ කර ඇත. මෙම තීරණයට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ සංගමය පසුගියදා තීරණය කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. එහිදී නීතිඥ සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.
Disagreement Erupts Within National People's Power Over Extension of Judges' Retirement Age
Reports indicate a significant rift has emerged within the National People's Power (NPP) regarding the government's recent decision to extend the retirement age for judges. The local newspaper, 'Lankadeepa,' highlighted this internal discord on the 30th.
Several senior members of the party have sharply criticized this decision, as revealed by credible sources. Lal Wijenayaka, an executive committee member and senior attorney within the NPP, has openly expressed his opposition to the government's stance on this matter.
Wijenayaka further noted that there has been no official decision made by the party's leadership or executive committee regarding the extension of judges' retirement age, suggesting that it could merely represent the personal views of certain individuals.
He disclosed that he was instructed to remain silent during discussions concerning his opposition to the proposed changes.
In contrast, NPP Secretary and MP Dr. Nihal Abeysinghe stated in response to inquiries from 'Lankadeepa' that a majority within the party supports the proposal to extend the retirement age for senior judges.
While Wijenayaka may not share this consensus, Dr. Abeysinghe emphasized that no one was prohibited from voicing their opinions, and he was not advised to remain silent.
Additionally, both the Sri Lanka Bar Association and the Court Services Association, which represents magistrates and district judges across the country, have voiced strong opposition to the decision regarding judges' retirement age. Reports suggest that the Bar Association has resolved to explore all possible courses of action against this decision.
A special discussion was also held between representatives of the Bar Association and Attorney General Harshana Nanayakkara, who assured that steps would be taken to inform the President about the concerns raised by legal practitioners.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජවිපෙ මොන පුත්තලම් buruwa කිව්වත්
ReplyDeleteTilling ගෙ මතය තමයි ක්‍රියාත්මක වෙන්නේ.
පුත්තලම් buruwa කිව්වත් - ............E kiwwe uba gana neda.. Uba kiyana ewa kawuda ban ahanne
Deleteඅධ්‍යාත්මික නායක ටිල්වින් පියතුමාට ගරු කරලා කතා කරන්න පුරුදු වෙයන්. අගරදගුරුත් ටිල්වින් පියතුමා පල්ලියට ආවම වැඳලා කතා කරන්නේ.
DeleteDekada wela lu... Eka pathak 01 ( Lal) anik patthe okkoma...C news gon news
ReplyDeleteඅගවිනිසුරු විදියට දැනට ඉන්න බෝර්න් අගේන් ක්‍රිස්තියානි පූජකයා තියාගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. එහෙම කරොත් කතෝලික, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි 2ටත් කෙල වෙනවා. ඒ නිසා ඇන්ග්ලිකන් සභාවත් මේකට විරුද්ධ වෙලා තියෙනවා. මෝඩකම් ගොන් කම් වලට කප් ගහල ඉන්න අගරදගුරු ප්‍රමුඛ කතෝලික සෙට් එකට වෙන්නෙ මොකද්ද කියලා තාම තේරිලා නැහැ. හැබැයි එයාලට තේරුනත් කට පියාගෙන ඉන්න වෙලා. මොකද නැත්තන් ලෙල්ලම් ටික ආපහු දෙන්න වෙනවා, පාස්කු ප්‍රහාරයේ ඇත්තම කතාව ජවිපෙ එලියට දානවා. දැන් ඇත්තටම කතෝලික සභාව මාලිමාව කියන විදියට තමයි නටන්නේ. හැබැයි මාලිමාව කතෝලික සහාවටත් හොඳම එකෙන් කෙලවලා තමයි මෙදා පාර නවතින්නේ.
ReplyDelete👍😂
Delete👏👏👍
DeleteDan welawahari ekathu wenna ape namal raja ekka.jayawewa. next agamathi wimal jayawewa
ReplyDeleteranil athulu chudithayan bera ganna thamai mekata wiruddha wena un karanne.
ReplyDelete