රෝහල්වල වෛද්‍ය හිගයක්.. රෝහල් සේවා අර්බුදයක...


 දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය රෝහල් ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය තුළ වෛද්‍ය හිඟය ක්‍රමිකව උග්‍ර වෙමින් පැවතීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය නිසා රෝහල් ආයතන ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය සහ ග්‍රාමීය රෝහල් මෙන්ම මූලික හා ජාතික රෝහල් මට්ටමින් ද මෙම වෛද්‍ය හිඟය දැඩි ලෙස ඉස්මතු වී ඇත. බෝවන සහ බෝ නොවන රෝග හේතුවෙන් රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම මෙම අර්බුදය තවදුරටත් බරපතළ වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

රෝගීන් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබාදීම සඳහා කාර්යක්ෂම වෛද්‍ය සේවාවක අවශ්‍යතාව පවතින පසුබිමක, බොහෝ ග්‍රාමීය රෝහල්වල පැය 24 පුරාම සේවය සැපයීමට සිටින්නේ වෛද්‍යවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව එය නිසි පරිදි සිදු නොවන බවට වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.

විශේෂයෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මොනරාගල, අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව, යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ස්ථාන මාරු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එම රෝහල්වල සේවා කටයුතු අඩාල වී ඇත.

අනුප්‍රාප්තික වෛද්‍යවරුන් සිටින රෝහල්වල පවා විවිධ බලපෑම් මත ස්ථාන මාරු නතර කිරීම කනගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අවධානය යොමු විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මෙම වසර තුළ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් විශ්‍රාම යාම, සේවය අතහැර යාම හෝ රට හැර යාම හේතුවෙන් ඉදිරියේදී නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Healthcare Crisis Deepens in Sri Lanka as Medical Staff Shortages Escalate

The ongoing shortage of medical professionals across Sri Lanka, including rural hospitals, has created a severe crisis within the healthcare system, according to the Association of Medical Practitioners on Medical and Civil Rights. This alarming situation is placing immense pressure on hospital administrators and specialist doctors.

Dr. Chamath Sanjeewa, the association's chairman, highlighted that both rural and urban hospitals, as well as primary and national healthcare facilities, are grappling with a critical shortage of medical staff. The escalation of both chronic and acute illnesses has significantly increased the number of patients requiring hospital care, exacerbating the already dire circumstances.

In many rural hospitals, the availability of medical personnel is alarmingly low, with only one or two doctors often on duty around the clock to provide patient consultations and treatment, he noted.

While the Ministry of Health has announced the implementation of annual transfers for doctors, Dr. Chamath Sanjeewa criticized this practice, claiming that it is not being executed effectively in practice.

The failure to properly implement transfers, particularly in districts such as Galle, Matara, Hambantota, Kandy, Monaragala, Anuradhapura, Polonnaruwa, Maddapalana, Jaffna, and Trincomalee, has disrupted essential services in those hospitals.

The stoppage of transfers, even in hospitals with sufficient auxiliary medical staff due to various pressures, is concerning. He stressed the need for the Ministry of Health to address this issue directly to ensure the delivery of healthcare services.

Furthermore, Dr. Chamath Sanjeewa pointed out that the emigration, retirement, or resignation of a considerable number of doctors and specialists this year is likely to pose serious challenges for maintaining free healthcare services in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post