මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට සිදුව ඇති දැඩි හානි සැලකිල්ලට ගෙන, එහි රඳවා සිටි සියලුම කාන්තා රැඳවියන් දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, හදිසි ආරක්ෂක සහ පරිපාලනමය පියවරක් ලෙස එහි සිටි කාන්තා රැඳවියන් 166 දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි.
ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගොඩනැගිලිවලට බරපතළ ව්‍යුහාත්මක හානි සිදුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
ඒ අනුව, අදාළ රැඳවියන් වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට යන බන්ධනාගාර වෙත යොමු කර තිබේ. රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, හානියට පත් මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා බලධාරීන්ට ඉඩ සැලසීම මෙහි අරමුණ බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Transfer of Female Inmates Following Disturbances at Meegamuwa Prison
Recent disturbances at Meegamuwa Prison have prompted authorities to take immediate action, leading to the transfer of all female inmates to other correctional facilities across the country. This decision comes in light of significant damage caused to the prison premises during the unrest.
A.C. Gajanayake, the media spokesperson for the Department of Prisons and the Commissioner of Prisons, confirmed that a total of 166 female inmates were relocated as an emergency security and administrative measure.
The main reason behind this transfer was the substantial structural damage inflicted on the prison buildings due to the escalating conflict. The authorities emphasized the necessity of ensuring the safety of the inmates while facilitating essential renovations at Meegamuwa Prison, which have been deemed crucial following the incidents.
The transferred inmates have been moved to various facilities, including Vavuniya, Bogambara, Angunakolapelessa, and Kuruwita. The Commissioner further highlighted that this measure aims to allow for immediate restoration efforts at Meegamuwa Prison while safeguarding the well-being of all individuals involved.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කාන්තා රැදවියෝ දාලා ගිය සනීපාරක්ෂක තුවා පිරිමි ජේලර්ලා දාගත්තලු
ReplyDeleteඅර ලස්සන නංගිව කොහාට ද දන්නෑ අරං ගියේ?
ReplyDelete