දයාසිරි අත්අඩංගුවට ගන්න යයි..


 පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉලක්ක කරගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

තමන් සතු සමාජ මාධ්‍ය ජාල සහ විවිධ පාර්ශව උපයෝගී කරගනිමින් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙය ඉතා ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද අවධාරණය කළේය.

2019 වසරේදී දයාසිරි ජයසේකර මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ පහක  දීමනාවක් හිමිව ඇති බවත්, ඔහු සිය ප්‍රතිකාර සඳහා රුපියල් 868,000ක මුදලක් වැය කර ඇති බවත් එම දීමනාව ලබා දීමේදී ඉදිරිපත් කළ බිල්පත්වල දෝෂ පවතින බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

"කරුණා සහගත දීමනාවක් කියන්නේ විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රදානයක්. ඒ සඳහා බිල්පත් ඉදිරිපත් කළ යුතු බවට කොහේවත් සඳහන් වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තුළ බිල්පත්වල ගැටලු පවතින බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පැහැදිලිවම දේශපාලන පළිගැනීමක්," යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පවතින බරපතළ ගැටලු පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට ආණ්ඩුව මෙවැනි දේශපාලන දඩයම්වල නිරත වීම කණගාටුදායක බව ද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කිරීම, කඩා වැටෙන ආර්ථිකය පණ ගැන්වීම, දිළිඳුකම සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම වැනි අත්‍යවශ්‍ය කාර්යයන් පසෙකලා ආණ්ඩුව මෙලෙස දේශපාලන පළිගැනීම්වල නිරත වන බවට ඔහු චෝදනා කළේය.

දයාසිරි ජයසේකර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






Opposition Leader Claims Government is Targeting Dayasiri Jayasekara

In a striking accusation, Opposition Leader Sajith Premadasa has alleged that the government is conducting a political witch hunt against Parliamentarian Dayasiri Jayasekara. He stated during a parliamentary session that efforts are underway to create a necessary backdrop for Jayasekara's arrest.

Premadasa emphasized that the government is attempting to build public sentiment against Jayasekara by leveraging social media platforms and various factions, describing such actions as deeply shameful.

He highlighted that Jayasekara, who previously received a five hundred thousand rupee allowance in 2019 for medical treatment, has incurred expenses totaling 868,000 rupees. Premadasa pointed out that discrepancies exist in the bills submitted for this allowance, suggesting that the government is preparing to detain Jayasekara based on these flaws.

"A humanitarian allowance is a grant given at the discretion of the Executive President. There is no indication that bills need to be presented for such allowances. Attempting to arrest him under these circumstances is plainly a political vendetta," Premadasa asserted.

He expressed disappointment that the government is engaging in political vendettas instead of addressing the serious issues facing the country, such as managing the prison system, stimulating the collapsing economy, combating poverty, and addressing malnutrition, as well as curbing the rapidly spreading dengue fever.

Premadasa reiterated that he and the opposition will stand firmly for Jayasekara's rights at any opportunity that arises.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. දයාසිරි ගොබ්බයට හොද වැඩේ. සෙවලයා

    ReplyDelete
    Replies
    1. දයාසිරි කියපුවට රිදිච්ච කුණුහරුප ජෙප්පෙක් චූන් වෙලා.

      Delete
    2. ඩොබි පකයලට චුන් වෙන්න මේ වගේ නිඋව්ස් නියමය්

      Delete
  2. කතානායක උපදේශක තනතුරට බට උරන්නෙකු පත්වූ ආකාරය සහ රජයෙ නිල නිවසක් ලැබුනු ආකාරය පිළිබද විමර්ශනයක් කල යුතුය.

    ReplyDelete
  3. ඔහොම තමයි ත්‍රස්ථවාදීන්ට විරුද්ධව කතා කරන්න ගියාම. කරන්න දෙයක් නැහැ.
    මූ තේරුම් ගන්න ඕන ත්‍රස්ථවාදී ආන්ඩුවක් තියෙනකොට, ඒකට විරුද්ධව කතා කරොත් මරන බව. බබෙක් නෙමේනේ ඕක තේරුම් ගන්න බැරි.

    ReplyDelete
  4. දැන් නම් නියමෙටම පේනවා විපක්ශයෙන් පලි ගන්න එක වෙන්නෙ කියලා.
    දයාසිරි කියන්නේ හොරෙක් වංචාකාරයෙක් නෙමේ.
    මේ මෝඩ ජෙප්පො ටික රට විනාශ කරනවා ආපහු අවුරුදු 50කට හදන්න බැරි වෙන්න.
    88/89දිත් කෑවනේ අවුරුදු 30ක් හදන්න බැරි වෙන්න.

    ReplyDelete
  5. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්න එලියට ඇවිල්ල ප්‍රෙස් කොන්ෆෙරෙස් තියල තවම මේකට ඔටබය සලේ සම්බන්දයි කියල කියුවේ නැහැ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල හංගල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. 40ක් විතර දුන්නා ගෝඨාගේ කාලෙත්. උන් ආරක්ශාවත් අරගෙන කරලා තියෙන්නේ රදගුරු පට්ටම බේර ගන්න පාස්කු ප්‍රහාරේට මුවා වෙලා රීලෝඩ් දාගත්තු එක. තව පාප්පය වෙන්නත් බලාගෙන ඉඳලා. පාස්කු අනුකම්පාව අරන්. කාලකන්නි.

      Delete
    2. කොටි මරපු උන්ගෙන් පලි ගන්නකන් ඕකුන්ට නින්ද යන්නෙ නැහැ.

      Delete
  6. ඕකට ප්‍රධාන හේතුව හොඳ විපක්ශ නායකයෙක් නැති එක. නැට්ට පුකේ ගහගෙන ගෙදරට වෙලා ඉඳලා වැඩක් නැහැනේ. එක්කො උඹලා එකතු වෙලා නායකයෙක් පත් කර ගනින්.නැත්තන් උඹලත් කට වහගෙන පැත්තකට වෙලා ඉඳපන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විපක්ශ නායකයා නම් පණ මදි.
      කිසිම සංවිධානයක් නැහැ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී කිසිම උද්ඝෝශණයක් නැහැ.

      Delete
  7. ආන්ඩුවයි, විපක්ෂයයි එකට එකතු වෙලා නාට්ටියක් පෙන්නනවා, මහජනතාව රැවටීම තමා එකම අරමුණ.

    ReplyDelete
    Replies
    1. මහජනතාවටත් යුතුකමක් තියෙනවා රට ලෝකෙ ගැන පොඩ්ඩක් ඉගෙනගෙන බොරු වලට අහු නොවී ඉන්න. ප්‍රවෘත්ති බලන්නේ නැහැ, පත්තරයක් කියවන්නේ නැහැ, රට ගැන ලෝකෙ ගැන මෙලෝක දෙයක් දන්නෙ නැහැ. අන්තිමට ෆේස්බුක්, යූටියුබ් බලලා ගොන් කතා වලට ‍රැවටිලා ඡන්දෙ දීලා මෙතන වැලපෙනවා ඇන්දුවා කියලා. දවසට විනාඩි 15ක් ප්‍රවෘත්ති බලන්න, පොඩි උන්ට ඉතිහාසය උගන්නන්න. නැත්තන් රට හදන්න බැහැ. හැමදාම ‍රැවටෙනවා විතරයි.

      Delete
  8. මුන්ගෙ බලේ ගිලිහුනාම මහ පචයයි පාපිසි 159යි ජම්පර් ඇදන් යන හැටි මැවිලා පේනවා😂😂

    ReplyDelete
    Replies
    1. ඩොබි පකයලට චුන් වෙන්න මේ වගේ නිඋව්ස් නියමය්

      Delete
  9. ජවිපෙ =LTTE

    ReplyDelete
  10. අමු හොරු

    ReplyDelete
Previous Post Next Post