හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවිය අහඹු ලෙස ක්‍රියාත්මක වීමෙන් සිදුවූ අනතුරක් විය හැකි බවට සැක කෙරෙන බව 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සිද්ධිය සිදුවන අවස්ථාවේදී වික්‍රමරත්න මහතා සිය බිරිඳ සමඟ උදෑසන ඇවිදීමට යාම සඳහා සූදානම් වී නිවසේ ආලින්දයේ රැඳී සිට ඇත.
එහිදී සිය ආරක්ෂක නිලධාරියා සතුව තිබූ නව ගිනිඅවියක් දුටු ඔහු එය පරීක්ෂා කිරීමට ඉල්ලා තිබේ. වසර ගණනාවකට පෙර තමන් ද මෙවැනිම ගිනිඅවියක් භාවිතා කළ බව පවසා ඇති හිටපු පොලිස්පතිවරයා, එහි පතරොම් ගැබ නොමැති බව දැක "ඔබ පතරොම් ගැබක් නොමැතිව මා සමඟ පැමිණීමට ද සූදානම් වන්නේ?" යැයි විමසා ඇත.
අනතුරුව ආරක්ෂක නිලධාරියා පතරොම් සහිත ගැබ ඔහුට ලබා දී, හිටපු පොලිස්පතිවරයා ඉල්ලා සිටි පැන් බෝතලයක් රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි.
නිවස තුළ සිටි ඔහුගේ බිරිඳට වෙඩි හඬ ඇසී පැමිණ බලන විට වික්‍රමරත්න මහතා ආලින්දයේ වැටී සිටිනු දැක ඇත.
ඔහු කිසිදු මානසික පීඩනයකින් පසු නොවූ බවත්, මරණයට දින කිහිපයකට පෙර ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවකට සහ මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇති බවත් ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
ඔහු සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව පවුලේ ඥාතීන් සහ මිතුරන් අවධාරණය කරන අතර, පිටස්තර පුද්ගලයෙකු විසින් වෙඩි තැබූ බවට ද කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් මස පත්වූ චන්දන වික්‍රමරත්න මහතා 2023 වසරේදී විශ්‍රාම ලැබීය. 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු, යුද සමයේදී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වන තෙක් පොලිසිය බලාපොරොත්තුවෙන් සිටියි.
Suspicious Circumstances Surround Sudden Death of Former Police Chief Chandana Wickramarathna
The sudden death of former Sri Lankan Police Chief Chandana Wickramarathna has raised suspicions that it may have been linked to an accidental discharge of a firearm, according to reports from the Sunday Island.
At the time of the incident, Wickramarathna was preparing to leave his residence for a morning walk with his wife. While they were in the house's veranda, he expressed interest in examining a new firearm that his security officer had with him. Revealing that he had previously used a similar weapon, Wickramarathna inquired, “Are you ready to accompany me without a magazine?” after noticing the absence of a magazine from the firearm.
Following this, the security officer provided Wickramarathna with a magazine, and while he went inside the house to fetch a water bottle requested by the former police chief, the gun was accidentally discharged. His wife, who was inside the house, heard the gunshot and rushed to find her husband collapsed in the veranda.
Close associates revealed that Wickramarathna had not exhibited any signs of mental distress prior to his death, having recently participated in a student reunion at Ananda College and engaged in a dinner gathering with friends just days before the incident. Family members and friends emphasized that there was no reason for him to take his own life, and there was no evidence suggesting that an external party was involved in the shooting.
Wickramarathna, who served as the 35th Inspector General of Police, was appointed in November 2020 and retired in 2023. Joining the police force as an Assistant Superintendent of Police in 1986, he accumulated extensive experience serving in various regions of the country, including the Northern and Eastern provinces during the conflict.
Police investigations into the incident are currently ongoing, and authorities await the post-mortem examination report to provide further clarity.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මහා සැක සහිත සිදුවීමක්. මේ මරණය සිය දිවි නසා ගැනීමක් හැටියට පෙන්නන්න මුන් එක එක කතන්දර මවනවා. ජෙවිපි මිනීමරුවෝ,කොටියෝ සහ පාතලොයෝන්ගේ මුදල් ලබාගන්න කාඩිනල් සහ සිරිල් ලෝගු පකයෝ අනිවාර්යෙන් මේකේ පිටිපස්සේ ඉන්නවා.
ReplyDeleteශ්‍රී ලංකාව තුල ආක්‍රමණිකයාගේ බළල් අත් ලෙසට පෙනී සිටිනා නාසිවාදී කුරැසයේ මිලේඥ ආක්‍රමණික දෙබිඩි ක්‍රියාත්මක වීම,.
ReplyDelete''සාමාන්‍ය ජන ජීවිත දැඩි අන්ධකාරය තුළ මුළාවට පත්කරමින්'',..
ශ්‍රී ලාංකිකයන්ගේ මුරදේවතාවුන් ලෙස කටයුතු කරනා..
අතිශයින් සුවිශේෂී බුද්ධිමත් යුග පුරැෂයන්,..
ජීවිත පරිත්‍යාගයෙන් මාතෘෘභූමි ආරකෂා කරනාලද භූමි පුත්‍රයන්ගේ ජීවිත,..
මිණිකන වෘකයන් ලෙසට..
ලේපිපාසිතව..
හිත්පිත් නොමැතිව කෘෘර ලෙසට බිළිගන්නා තතවයට..
දැඩි පීඩනයට හින්සනයට පත්කර ඇති බැවින්..
සියුම් යථාර්ථය සවිඥානිකව ගැඹුරින් අවභෝද කර ගනිමින්..
කුණු ලේ රසට වහ වැටී..
ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
විසකුරැ දත් විළිස්සා දෙබිඩි කුමණ්ත්‍රණික ලෙසට කූඨ ලෙසට හැසිරෙමින්..
ඇසට ඇසක්..
දතට දතක් ඉලා කිඹුල් කඳුළු සළමින්..
ගෙවළප්‍රේතයන් ව්‍රෘකයන් ලෙසට ලේ පිපාසිතව වැලපෙනා...
මාත්‍රෘභූමිය,..
ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
නාසිවාදයේ යටත්විජිත ආක්‍රමණය මරැවිකලෙන් මෙහෙයවා...
වසවිස,ජෙෙව අවි, රසායනික අවි ඇතුළු සූළඝාථක මිසයිල ප්‍රහාර තුළින් ඇට ලේ මස් නහර කිතු කකීතකරමින්, මහපොළව ලෙයින් කඳුළින් තෙත්කරමින්,..
පරමාණු බෝම්බ පෘථිවියේ සමස්ථ ජීවය මත හෙළමින්..
ගිනියම් වූ යකඩ හි්ත් පිත් නැති ලෙසට කෘෘර ලෙසට මිලේඥ ලෙසට..
සත්‍යවාදී භූමිපුත්‍රයන්ගේ ප්‍රාණය නිරැද්ධ කරම්න් ජන සමාජ බෙදා වෙන්කර..
රැධිර පිපාසාවෙන් ..
නිරන්තර වෙෙරය ක්‍රෝධය වපුරමින්..
ජන සමාජයේ සාමය ප්‍රගමණය වලකා,..
බෙදා වෙන්කර පාළණය කිරීම ප්‍රධාන න්‍යාය කොට ගනිමින්..
ලේ පිපාසිතව කුමණ්ත්‍රණ කරමින්..
කටයුතු කරනා මිත්‍යාද්‍රශ්ඨික ආක්‍රමණික බළවේග පිළිබඳව සමස්ථ සිව් හෙළයේ දැඩි අවධනය,.!