වැලිකඩ රැදවියෙක් පහර දී මිය ගිහින්.. සිය දිවි නසා ගත්තා කියා නිවේදනය කරනවා..- CPRP


 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය රැඳවියෙකුගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව නම් කර ඇතත් එම මරණය පහරදීමක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බවත්, එය වසන් කිරීමට බලධාරීන් උත්සාහ කරන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) චෝදනා කර සිටියි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ තමන් වෙත ලැබී ඇති විශ්වාසදායක තොරතුරුවලට අනුව, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ අදාළ රැඳවියා දරුණු ලෙස පහරදීමකට ලක්ව ඇති බවයි.

මෙම ඉලක්කගත ඝාතනය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් ලෙස හුවා දක්වමින් සත්‍යය යටපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් සූදානම් වන බවට එම කමිටුව මීට පෙර ද අනතුරු ඇඟවීම් සිදු කර තිබුණි.

මේ අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) නිලධාරීන් පිරිසක් ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කර ඇතත්  බන්ධනාගාර පරිපාලනය විසින් ඔවුන්ට ඇතුළු වීමට අවසර ලබා නොදී බාධා පමුණුවා ඇති බව ද නිවේදනයේ සදහන්ය.





Allegations of Foul Play in Prisoner's Death at Welikada Prison

The death of an inmate at Welikada Prison has been labeled as a suicide by the Department of Prisons. However, the Committee for the Protection of Prisoners' Rights (CPRP) contends that the circumstances surrounding the death suggest it was actually a homicide, with claims that authorities are attempting to cover up the truth.

According to credible information received by the CPRP, the individual in question was reportedly subjected to severe physical abuse on the night of July 7. This incident is being characterized not as an act of suicide but rather as a targeted attack that resulted in the inmate's death.

The committee previously raised alarms about prison officials seemingly preparing to misrepresent the facts by presenting the incident as a suicide, thus obscuring the true nature of the allegations against them.

In a separate development, a team from the Sri Lanka Human Rights Commission (HRCSL) sought entry to Welikada Prison on the same night to conduct an investigation into the suspicious circumstances of the death. However, prison management denied them access, citing restrictions as they attempted to interfere with the inquiry.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    ReplyDelete
  2. ආරියතිලක


    වැලිකඩ රැදවියෙක් පහර දී මිය ගිහින්.. සිය දිවි නසා ගත්තා කියා නිවේදනය කරනවා..- CPRP

    මෙම තත්වය අතිශයින් බැරෑරුම් තත්වයකි. ජනතාවගේ ජීවත් වීමේ අයිතියට කරන බලවත් තර්ජනයකි. බන්ධනාගාර නිලධාරීන්ට සිදු වී ඇති ඛේදවාචකය ද සුළු කොට නො තැකිය හැක. බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ඝාතනයට ලක් වූ සියලු ජීවිතවලට හා තුවාල සිදු වීම අලාභ හානි ආදී සියලු හානි වීම්වලට, ජනාධිපතිවරයා ප්‍රධාන කොට විෂය භාර අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. 2024 09.21 දින, සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව භාර ගත් ජනාධිපතිවරයා, බන්ධනාගාරවල ආරක්ෂක අඩුපාඩු කම් හා පාලනයේ හා ආරක්ෂාවේ ඉහල විධාන නිකුත් කිරීම ඔහුගේ වගකීම හා කාර්ය ය. විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම පැහැර ඇති බව පැහැදිලි ය. බන්ධනාගාර ඇති කොට තිබෙන්නේ වැසියන් නිරායුධ කොට මරා දන්න ද? යන ප්‍රශ්නය පැන නගී. මෙය ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පාලන විධාන දීම නො සළකා භැරීමෙන් ඇති වූ, මහා මනුෂ්‍ය ඝාතනයක් බව පැහැදිලි ය.

    බන්ධනාගාර ගතව සිටින පිරිස්
    බන්ධනාගාර ගත සිරකරුවන් හා රිමාන්ඩ් රැදවියන්;
    1. කැරළි ගැසීමට ඒක රාශී වීම, 2. නිරායුධ ඔවුන්ට කුමන හෝ ආකාරයෙන් ආයුධ අතට පත් වීම, 3. පොලු මුගුරු, යකඩ බට, ගල්, ගඩොල් කැට ඔවුන් අතට පත් වීම,
    4. කැරැල්ලක් ඇති කිරීමට හේතු වන කුමන ආකාර හෝ හේතු පැවතීම;
    බන්ධනාගාරවල තිබුණේ නම්, එම හේතු;

    1. කල්තියා හඳුනා නො ගැනීම,
    2. එම අනතුරු වළක්වා ගැනීමට පූර්ව විධාන නිකුත් නො කිරීම හා පිළියම් නො යෙදීම,
    3. කැරැල්ලක් ඇති වූ පසු එම කැරැල්ල මරදනයට ඇවැසි අවම බලය හෝ අවශ්‍ය බලය හෝ පාවිච්චි කොට, කැරැරැල්ල මර්දනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් යෙදවීම හෝ බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට පොලිස් හමුදාව හා ත්‍රිවිධ හමුදාව අනුයුක්ත්ත නො කිරීම, පාලනයේ විධාන භාර ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරයාගේ කාර්ය, කර්තව්‍යය හා වගකීම් පැහැර හැරීමකි. බරපතල නො සලකා හැරීමකි. ජනාධිපතිවරයා ඇතුලු සමස්ත ආණ්ඩුවේ ම වගකීම් විරහිතව ක්‍රියා කිරීමකි.

    අධිකරණ නියෝග මත සිරගත වී ඇති සිරකරුවන් අතරින් ඝාතනයට ලක් වූ සිරකරුවන්ගේ ඥාතීන්ට උරුම වන්නේ තම ඥාතියා වෙනුවෙන් මරණ සහතියක් ද? රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ඝාතනයට ලක් වූ සිරකරුවන්ට ඊ ලඟ නඩු දිනයේ දී උසාවියට සැකකරු වෙනුවට ඉදිරිපත් කරන්නේ මරණ සහතිකයක් ද? සජීවී සැකකරුවෙක් වෙනුවට “අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියූ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ද?
    හරි අපූරුයි නේද? අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත වී මරණ සහතියක් උරුම කර දීම. එපමණකින් අධිකරණ නියෝගය හමාරයි ද? නිරායුධ කොට මරණයට පත් වීමට සැලසීම හරි අපූරුයි නේද?

    බන්ධනාගාර නිලධාරීන්ගේ පවුලේ ඥාතීන්ට ජීවිත කාලයේ සිහිවටනයට හිමිවූයේ මරණ සහතිකයකි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට හා රටේ පුරවැසියන් ඝාතනයට ලක් වීමට සලස්වා මරණ සහතිකයක් දීම ද ජනාධිපතිවරයාගේ පාලන විධානයේ වගකීම? විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම? ආණ්ඩුවේ වගකීම?

    ReplyDelete
  3. ඉතිරි කොටස…

    ආරියතිලක

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බවත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබිණි.

    අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බව කියන්නේ කුමක් ද?
    විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කාර්ය, කර්තව්‍යය හා වගකීම හරි හැටි ඉටු නො කළ බව ය. අමාත්‍ය ධූරයේ කාර්ය, කර්තව්‍යය හා වගකීම ඉටු නො කිරීම වරදකි. එම වරද නිසා බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ජීවිත 28 අහිමි වී තිබේ. 100යකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත; දේපොළ හානි ද සිදු වී අත. මේ සියල්ලට මුල කාර්ය, කර්තව්‍ය, වගකීම පැහැර හැරීම ය. තම වගකීම පැහැර හැර මහත් වරදක් රාජ්‍යයට හා පුරවැසියන්ට සිදු කොට, මේසා විශාල ඛේදවාචකයක් සිදු වීමෙන් පසු

    “අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියා එකී අමාත්‍ය ධූරය තවදුරටත් දැරීමට, අධිකරණ අමාත්‍යවරයාට තවදුරටත් සදාචාරමය අයිතියක් තිබේ ද? යන්න සිතා බැලිය යුතු ය.

    මීගමුව බන්ධනාගාරයේ සිදුවීමෙන් පසු එම බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාවලට මාරු කළ රැදවියන් පහර දී ඝාතනය වනවා නම් එය ද කෲර අමානුෂික ඛේදවාචකයකි.

    මේ සියල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම මැදිහත් විය යුතු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මැදිහත් වීම වහාම අත්‍යාවශ්‍ය වනවා ඇත. අන්තර්ජාතීක මානව හිමිකම් සංවිධානවල නිරීක්ෂණයට ද භාජනය විය යුතු ය.

    ශ්‍රී ලංකා රාජ්‍ය හා පාලනය හුදකලා වීමට ඉඩ නො දිය යුතු ය.

    අප එසේ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා, රාජ්‍ය ද්‍රෝහී ත්‍රස්තවාදී කැරළි දෙකක් මෙහෙය වූ දේශපාලන පක්ෂයක් වන ජනාතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ද නායකයා වන බැවිනි.
    වත්මන් ආණ්ඩුව ද, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය පක්ෂයේ බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තරම් අකාලයේ, ජීවිත වෙනුවෙන් මරණ සහතික දීමට දායක වූ වෙනත් දේශපාලන පක්ෂයක් හෝ, සංවිධානයක් හෝ ශ්‍රී ලංකාවෙහි නැත්තේ ය. 1971 ජවිපෙ කැරැල්ලේ දී හා 1987/88/89 ජවිපෙ කැරැල්ල යන කැරැළි දෙකේදී, අකාලයේ අහිමි වූ ජීවිත එයට සාක්ෂි දරනවා ඇත. කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ නායකයන් හා සමාජිකයන් කොමියුනිස්ට්වාදී නො වන පුද්ගලයන්ගේ ජීවිත තඹ දොයිතුවකට සලකන්නේ නැත. අන්‍යයන්ගේ නැති වූ ජීවිත හා ඉදිරියේ නැති වන ජීවිතවලට වටිනා කම් දෙන්නේ කොමියුනිස්ට්වාදී දේශපාලනයට දෙන ලද දායකත්වයට සාපේක්ෂකව ය. කොමියුනිස්ට්වාදීන් කරන කිසිදු මනුෂ්‍ය ඝාතනයක් අපරාධයක් ලෙස ඔවුන් සලකන්නේ නැත. කොතෙක් මිනී මැරුව ද කොමියුනිස්ට්වාදී නොවන මනුෂ්‍යයන් කොතරම් දිවියෙන් සමුගත්තේ ද එය කොමියුනිස්ට්වාදියාට අදාළ නත්තේ ය.


    සරල උදාහරණ ලෙස 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරැළි දෙක හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන කිසිවක් ඔවුන්ගෙන් සිදු වුණ අපරාධ ලෙස, ඔවුහු නො සලකති. ඉදිරියෙහි දී ද කොතරම් දිවි අහිමිම් ඇති වුව ද, ඒ සැම කොමියුනිස්ට්වාදයට දායකත්වය නැති නම් එම ජීවිත තුට්ටුවකටවත් නො වටිනා ලෙස සලකනවා ඇත. කොමියුනිස්ට්වාදීන්ගේ ප්‍රමුඛතාවය කොමියුනිස්ට්වාදින්ට පමණ ය.


    කොමියුනිස්ට්වාදය තරම් ලෝකයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ, වෙනත් කිසිදු දර්ශනයක් නැත්තේ ය. මිත්‍යා සංකල්ප මත බිහි වී ඇති කොමියුනිස්ට්වාදී දේශපාලනය මගින්, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය, මනුෂ්‍ය ඝාතන, ලේ වැගිරීම්, පහරදීම්, අනුන්ගේ දෙපොළ බලහත්කාරයෙන් ගැනීම, දේපොළ කොල්ලකෑම්, අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහිවීම, ත්‍රස්තවාදී ස්ංවිධානවලට අවි සැපයීමෙන් ත්‍රස්ත සංවිධාන හරහා ඒ ඒ රටවල ත්‍රස්තවාදී ප්‍රචන්ඩ ක්‍රියා ඇති කිරීම (උඋදාහරණ :- චීන රජයේ නිෂ්පාදිත T56 හා T 81 ස්වයංක්‍රිය ගිනි අවි හා විවිධ පුපුරණ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ද, රුසියාවේ නිෂ්පාදිත AK 47 ස්වයංක්‍රිය ගිනි අවිය ද, එල්ටීටීඊ LTTE දෙමළ කොටි සංවිධානයට අවි ජාවරම්කරුවන් මගින ලබා දීම) කොමියුනිස්ට්වාදී පාලනයන් මගින් ඒ ඒ රාජ්‍යයන්හි මානව නිදහස අහිමි කිරීම ඇති කළේ ය.

    එම නිසා මේ ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුරෝපා සංගමයේ, පොදුරාජ්‍ය මණ්ඩලයේ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අවධානයට හා විමසුමට භාජනය වීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අපගේ අදහස ය.





    ReplyDelete
Previous Post Next Post