රාජ්‍ය ආයතන ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කරන්න..- IMF දන්වයි


රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එසේම ඒ සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වාගෙන යෑම වැදගත් බව ද මූල්‍ය අරමුදල කියයි.

අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද පෙන්වා දී ඇති මූල්‍ය අරමුදල අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද කියයි.

එවන් පපාජෝජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් ඉකුත් ජූනි 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ අතර එම සංචාරය අවසානයේ දී පපාජෝජියෝ මහතා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් ඇගයීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඔවුහු එම සංචාරය සිදු කළහ.

විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී වීම ඉතා වැදගත් වන අතර විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදු කරන මැදිහත්වීම අධික උච්චාවචනයන් පාලනය කිරීමට පමණක් සීමා විය යුතු බවට ද එම ප්‍රකාශයේ තවදුරටත් දැක්වේ.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත

Previous Post Next Post