අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති මහත්මියට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන ඔක්තෝබර් මස 12 වන දින දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (28) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි මස 27 වන දින ලබාදුන් දඬුවම් නියෝගය නිවැරදි බවට තීන්දු කරමින්, කොළඹ මහාධිකරණය මඟින් ස්ථිර කර එවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව සිය සේවාදායිකාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එම පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත්ය.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩු කටයුත්තට අදාළ කාර්ය සටහන් වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, ඉදිරි නඩු දිනයේදී එම ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව යළි කැඳවීම සඳහා ලබන ඔක්තෝබර් මස 12 වන දිනට නියම කළේය.
Judicial Proceedings for Shashi Veerawansa Delayed Until October 12
Shashi Veerawansa, linked to the possession of a fraudulent diplomatic passport, was subject to a two-year prison sentence and a fine of one million rupees. Colombo's Chief Magistrate Asanga S. Bodaragama ordered a delay in the legal proceedings related to her sentencing until October 12.
On May 27, 2022, the Colombo Magistrate's Court issued a ruling affirming the penalties, which was later upheld by the Colombo High Court. This procedure was discussed today, leading to the announcement of the postponement.
During the hearing, Veerawansa was present in court. Her attorney highlighted that they had filed an appeal against the sentencing in the Supreme Court, which is currently under examination.
The Chief Magistrate inquired whether documentation related to the Supreme Court's proceedings would be submitted to the court.
In response, Veerawansa's legal counsel assured that they would take steps to present the necessary documents by the next hearing date.
Taking into account the presented information, the Chief Magistrate rescheduled the case to be called again on October 12.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වැඩිම වුණොත් අවුරුදු 2කට දායි. ඒකත් ඇපීල් කරයි. මදි බොහොම. මිනිහගෙ වැරදි වලට උඹ පලි නෑ නැඟණි. උඹ ගැලපෙන විවාහයක් කර ගත්තා නම් උඹට ඔහොම වෙන් නෑ. කොහෙද කියන දේ ඇහුවයෑ.
ReplyDeleteඅපේ ආණ්ඩුවක් යටතේ පුන්චමව ඇතුලට දානවා කොට ගනුත් එක්ක සෙල්ලන් කරන්න
ReplyDeleteරණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති කොහොමද ශෂී වුනේ? නම කෙටි කෙරුවනන්ම් "ශිෂා" වෙන්න එපැය. ශෂී කියනවාට වඩා ශිෂා නම ලස්සනයි නිකන් ස්ලොවැක් නමක් වගේ .
ReplyDeleteDan ithin wimala gahai athe
ReplyDelete