චාමික කරැණාරත්න අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...


 සිය දරුවාට නඩත්තු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා වරෙන්තු නිකුත් කර තිබේ.

අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩකයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම පියවර ගෙන ඇත.

ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් චාමික කරුණාරත්නට එරෙහිව පීතෘත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ද නඩුවක් පවරා තිබිණි.

තම දරුවාගේ පියා ලෙස චාමික කරුණාරත්නගේ නම ඇතුළත් කර උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා සිටි ඇය, ඒ සඳහා අවශ්‍ය DNA පරීක්ෂණයක් වෙනුවෙන් ක්‍රීඩකයාගේ රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පසුගිය අගෝස්ත 04 වන දින අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

පසුගිය අගෝස්ත 04 වන දින එම ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා, අදාළ ක්‍රීඩකයාගෙන් DNA පරීක්ෂණයකට රුධිර සාම්පල ලබාගැනීමට බලකිරීමට තරම් ප්‍රමාණවත් කරුණු සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙමින්, එම DNA පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

Previous Post Next Post