මීගමු හිරේ ඝාතන ඇසින් දුටු රැදවියෙක් මාධ්‍ය අමතයි.. පැළුණු කොන්දට ලුණු දමා පහර දුන් බව කියයි..

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ දරුණු කලහකාරී තත්ත්වය සහ ඉන් අනතුරුව රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් පසු ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳව හිටපු රැඳවියෙකු විසින් හෙළිදරව්වක් සිදු කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි චරිත නැමැති මෙම පුද්ගලයා පවසන්නේ, බන්ධනාගාර පාලනාධිකාරියේ වෙනස්වීම් සහ රැඳවියන් අතර පැවති කල්ලි කණ්ඩායම් ගැටුම් මෙම මහා කැරැල්ලට මූලික හේතුව වූ බවයි.

විශේෂයෙන්ම බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය පාලනය කිරීමට උත්සාහ කළ නිලධාරීන් සහ කාමර පාටි ලෙස හැඳින්වෙන රැඳවියන් අතර පැවති විරසකය මෙම තත්ත්වය උග්‍ර කළ බව ඔහු සඳහන් කරයි.

ඔහුගේ විස්තරයට අනුව, ගැටුම ආරම්භ වූ දිනවල බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පැවති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහල  බිඳ එහි තිබූ මත්පෙති විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

එම පෙති පානය කිරීමෙන් පසු රැඳවියන් සිහි විකල්ව හැසිරුණු බවත්, එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 31 දෙනෙකු පමණ මියගිය බවත් ඔහු පවසයි.

බන්ධනාගාරයේ යකඩ ගේට්ටු පවා කඩා දමමින් රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු ආකාරය ඔහු විස්තර කළේය.

මෙම ගැටුමෙන් පසු රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති අතර, එහිදී ඔවුන්ට එල්ල වූ වධහිංසා පිළිබඳව චරිත බරපතළ චෝදනා එල්ල කරයි.

බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදීම නිලධාරීන් දෙපස රැඳී සිටිමින් කේබල් වයර් සහ රබර් පයිප්පවලින් රැඳවියන්ට අමානුෂික ලෙස පහර දුන් බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ, පහරදීමෙන් රැඳවියන්ගේ පිට පලා ගිය පසු, එම තුවාල මතට ලුණු දමා වධහිංසා පැමිණවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බවයි.

තමාගේ පිට ප්‍රදේශයේ පවතින දරුණු පහරදීම් සලකුණු පෙන්වමින් ඔහු කියා සිටියේ, බන්ධනාගාරය යනු මිහිපිට අපායක් බවයි.

බන්ධනාගාර නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී රැඳවියන් සිටි ස්ථානවලට සිදුරු තුළින් වෙඩි තැබූ බවත්, එහිදී මල්ලියා නැමැති රැඳවියෙකුට වෙඩි වැදුණු ආකාරය තමා ඇස් පනාපිට දුටු බවත් ඔහු සඳහන් කළේය.






Revelations Emerge from Meegamuwa Prison Riot Amid Allegations of Inhumane Treatment

Explosive details have surfaced regarding the brutal conditions following a recent violent incident at Meegamuwa Prison. An ex-inmate has come forward to describe the appalling treatment meted out to detainees after many were transferred to the Angunakolapalessa facility following the unrest.

The individual, known as Charitha, expressed that the underlying cause of the chaos can be traced to a power struggle among prison administration and rival inmate factions. He emphasized that tensions had escalated particularly due to attempts by officials to control drug smuggling within the prison, exacerbated by confrontations with inmates affiliated with notorious gangs.

According to his account, the atmosphere inside the prison was tense in the days leading up to the riot, culminating in a group of inmates overwhelming the prison hospital and seizing a substantial quantity of narcotics.

After consuming the drugs, many inmates reportedly exhibited erratic behavior. Charitha disclosed a grim outcome, stating that approximately 31 individuals lost their lives in the ensuing clashes between inmates and prison officials.

He vividly recounted how prisoners violently dismantled steel doors during the turmoil, highlighting the sheer chaos that erupted within the facility.

In the aftermath of the riot, inmates were transferred to Angunakolapalessa Prison, where Charitha alleges they were subjected to severe brutality. He accused prison authorities of using cable wires and rubber pipes to inflict merciless beatings upon the detainees during their intake at the new facility.

Furthermore, he accused the officers of exacerbating the injuries sustained by applying salt to the wounds of those who had fled during the violence.

Illustrating the severe beatings he endured, Charitha lamented that the prison had become nothing short of a hellish nightmare.

He also brought to light instances where officers fired shots into areas occupied by inmates, recounting a specific incident involving an inmate known as Maliya, who was shot right before his eyes.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. බෙල්ල කපලා ඔලුව වැටේ ගහපු ජෙවිපි මිනීමැරුවන්ට පිට පලනවා කියන්නෙ සිම්පල් දෙයක්...ලංකාවෙ ලක්ශ 68 අම්බරු චනචන්දදායකයාට දැන් සැපද කියල තමයි අහන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Could have stopped initially

      too late when incident has happened

      Delete
    2. කුලියට කහින මීවස්ස කියන යූටියුබ් කාරය මෙව්වගේ එව්ව දාන්නෙ නෑ.

      Delete
  2. මේවා දැන් ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි. UN මානව හිමිකම් එකෙන් ලංකාව මතක් කරලා තිබුණා. ඩෝබින්ට හොඳ ප්‍රවෘත්ති.

    ReplyDelete
Previous Post Next Post