ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වනු ලබන තරඟ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය මුල් කරගනිමින් එරට මධ්‍යම රජයට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් හටගෙන තිබේ.
මෙම දූෂිත ක්‍රියාවට වගකීම භාරගෙන මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය ජුනි මාසයේ සිට ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරය මේ වන විට තීරණාත්මක මට්ටමකට පැමිණ ඇත.
මෙම අර්බුදයට මුල් වූයේ පසුගිය මැයි මාසයේදී සමස්ත ඉන්දියාව පුරා පැවැති වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීමයි.
මෙම වංචාව හේතුවෙන් විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් ලක්ෂ 23කට අධික පිරිසක් දැඩි අසාධාරණයකට ලක්වූ අතර, තමන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සුන්වූ සිසුන් කිහිප දෙනෙකු සියදිවි හානිකර ගැනීමත් සමඟ තත්ත්වය තවත් උත්සන්න විය.
ඉන්දීය තරුණ ප්‍රජාව අතර මේ හේතුවෙන් දැඩි කැලඹීමක් සහ පීඩනයක් නිර්මාණය වී තිබේ.
මෙම අසාධාරණයට එරෙහිව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වන්චුක් පසුගිය ජුනි 28 වනදා සිට උපවාසයක් ආරම්භ කළේය. ඔහුට සහය පළ කරමින් ඉන්දියාවේ නව තරුණ දේශපාලන ව්‍යාපාරයක් වන 'කොක්රෝච්' පක්ෂයේ (කන්ඛජුරා ජන ශක්ති පක්ෂය) නායක අභිජිත් දීප්කේ ද ජූලි 18 වනදා සිට උපවාසයක නිරත විය.
පාලක භාරතීය ජනතා පක්ෂය මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පසුගිය සඳුදා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබුණි.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ නවදිල්ලි අගනුවර දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබූ අතර, පොලිසිය ජල ප්‍රහාර සහ බලය යොදා විරෝධතාවය මර්දනය කිරීමට කටයුතු කළේය. එහිදී ඇති වූ ගැටුම්වලින් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, 70කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම විරෝධතාවයට සහය පළ කිරීම සඳහා විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ. එහිදී පොලිසිය විසින් රාහුල් ගාන්ධි ඇතුළු පිරිස බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය අතර, පසුව ඔවුන් නිදහස් කිරීමට පියවර ගැනුණි.
"අප සාමකාමීව හඬ නගන සෑම අවස්ථාවකම රජය අපේ හඬ යටපත් කිරීමට උත්සාහ කරනවා" යැයි රාහුල් ගාන්ධි එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ප්‍රශ්න පත්‍ර පිටවීම බරපතල වරදක් බව පිළිගන්නා අගමැති නරේන්ද්‍ර මෝදි, ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවට සහ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බවට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත්, විපක්ෂය සහ තරුණ සංවිධාන අවධාරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වන තෙක් තම අරගලය අත්නොහරින බවයි.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය වැනි දකුණු ආසියාතික රටවල තරුණ නැගිටීම් හමුවේ ආණ්ඩු පෙරළී ගිය ආකාරය පිළිබඳ පූර්වාදර්ශයන් පවතින බැවින්, ඉන්දීය රජය මෙම තරුණ විරෝධතාවය මර්දනය කිරීමට දැඩි උත්සාහයක නිරත වති.
Massive Protests Erupt in India Over Medical Entrance Exam Scandal
Public unrest has surged across India, sparked by a major scandal involving the leakage of question papers for medical college entrance examinations. This protest movement, which began in June, is now gaining significant momentum, with calls for the immediate resignation of Dharmendra Pradhan, the Central Minister of Education, who has been held accountable for this corruption.
The crisis originated from an incident in May when question papers for the national medical entrance exam were leaked before the scheduled test date. Consequently, more than 230,000 candidates were subjected to gross unfairness, leaving many students disheartened about their futures. The situation intensified tragically when several students, overwhelmed by despair, took their own lives.
This malpractice has created considerable agitation and distress among the youth of India. Notably, prominent human rights activist Sonam Wangchuk initiated a hunger strike on June 28 in protest against the injustice. Joining the cause, Abhijit Deepke, leader of the newly formed youth political party 'Cockroach' (Jankranti Jan Shakti Party), also began a hunger strike on July 18.
In response to the government's failure to adequately address the issue, thousands of young people marched towards Parliament last Monday to voice their frustrations. As demonstrators attempted to breach the parliamentary precincts, New Delhi imposed strict security measures, leading to clashes where many were injured, and over 70 individuals were detained by police who employed water cannon and force to disperse the crowd.
The protest drew support from opposition leaders, including Rahul Gandhi and Priyanka Gandhi, who actively participated in the demonstration. However, police aggressively detained Rahul Gandhi and others during their engagement, though they were later released.
Speaking to the media amidst the unrest, Rahul Gandhi remarked, "Every time we peacefully raise our voice, the government attempts to suppress us." Prime Minister Narendra Modi has acknowledged the severity of the question paper leakage, promising to take stringent measures and conduct a parliamentary debate on the matter. Nevertheless, opposition parties and youth organizations stress that their struggle will continue until the resignation of the Education Minister.
Given the backdrop of youth uprisings leading to government overthrows in countries like Sri Lanka, Bangladesh, and Nepal in recent years, the Indian government is evidently making a concerted effort to quell this youth-led protest movement with urgency.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලප සාපය ඉන්දියාවටත්
ReplyDeleteDitta dhamma vedaniya karmaya(Karpu/Kiyapu dewal wala palavipaka thaman pasu pasa paminima)
ReplyDeleteඉන්දියාවටත් දෙවියන්ගේ ම පිහිටයි.
ReplyDeleteලංංකවෙන් පාඩම් ඉගෙන ගෙන ගෙදර පලයල්ලා. නැත්නම් තොපිටත් අපිට වගේ සාගින්නෙ තියන ලප සාපයක් ඒවි. බංගලාදේශෙ වැඩිහිටියො දරුවන්ටත් අවවාද කරල හිටපු ජනාධිපති ගෙ පුතා පත් කර ගත්තා. අපේ ගොන්නු අදිවේගී මාර්ග හැදුවම බල්ලොන්ට එහා මෙහා පනින්න බෑ කිව්ව පච සාපෙ ගෙනාවා. දැන් හරියට බඩ කට පිරෙන්න කන්නත් නෑ.
ReplyDeleteසාධාරනත්වය සමානාත්මතාවය නොහඳුනානා දූශිත කුළවාදී ඉන්දියානු ආක්‍රමණිකයාගේ ඉරනම,.!
ReplyDeleteමිනිස්සුන්ට දැන් මෝඩ පකයා එපා වෙලා ඉන්නෙ
ReplyDeleteනැහැ පකෝ..ඒක අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්...මෝඩි ඇමෙරිකාව අතහැරලා චිනෙත් එක්ක එකතුවුන වාඩුව ගන්න හදන්නේ
Deleteගොන් පකයෙක් කියනව ඇමරිකන් කුමන්ත්‍රණයක්ලු. තෝ වගේ මෝඩ මූසලයෙක්. මෝඩිගෙ ජනප්‍රිය කාලෙ ඉවරයි මැටි මෝල් හුත්තො
Deleteලංකාවේ, නේපාලේ, බංගලිදේශේ අරගල තිබ්බා කියලා රට දියුණු උනේ නෑ. මේ රටවල් තිබ්බටත් වඩා පහල දැන් ඉන්නේ. මේ රටවල් වගේ නෙවෙයි, ඉන්දියාවේ මධ්‍යයම ආණ්ඩුව පෙරලුනොත් මේ කලාපේම ඉන්න වෙන්නේ නෑ. තමුල් නාඩුවේ දෙමළ්ලු, මුස්ලිම් උන්, කාලිස්තාන්, වමාවාදි නැක්සලිට්, සහා බටහිර එන් ජී ඕ පොඩ්ඩක් හරි මර්ධනය වෙලා ඉන්නේ මෝධි ඉන්න නිසයි. මෝධි ගිය ගමන් උන් ටික උන්ට ඕන දේවල් රිසිසේ කරන්න ගන්නවා කිසිම බාධාවක් නැතුව. එතකොට ඉන්දියාව දෙකට, තුනට කැඩිලා යයි, තමිල් නාඩුවේ උන් ලංකාවේ උතුරත් ඒ ගමන්ම අල්ලගන්න හදයි, හම්බයෝ ටික කිසිම ප්‍රශ්ණයක් නැතුව උන්ගේ කලිෆේට් එකක් හදයි ඉන්දියාවේ මැද තියෙන හයිද්‍රබාද් වල. එතකොට අනෙක් ආගම් අදහන උන්ට රට පනින්න වෙන්නේ.
ReplyDeleteMODITA AMURTHE DENNA WEY
DeleteNOMARI INNA
නෑ මේ ඉන්දියාවේ නිකම් පඩ ෂෝ එකක් විතරයි, ඕක මැඩ පවත්වලා දකුණු ආසියාවේ අනික් හැම රටක්ම වගේ නෙවේ ඉන්දියාව, රාජ්‍යය ස්ථාවරයි, ශක්තිමත් කියලා පකිස්ථානයට, ඇමරිකාවට, සහ යුරෝපයට පණිවිඩයක් දෙන එක විතරයි ඔය කෙරෙන්නේ. අනික ඉල්ලීම තියෙන්නෙත් අධ්‍යාපණ ඇමතිට අස් වෙන්ඩ කියලා විතරයි, සහභාගිත්වයත් දුර්වලයි, දැනටමත් ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම්, ෆේස්බුක්, වට්සැප්, එක්ස්, යූටියුබ්, ස්නැප්චැට්, ෂෙයාචැට්, හැම තැනම මේ ගැන කථා කරන්නේ කීප දෙනයි, ඒ කීප දෙනාත් කියන්නේ ඉන්දියාවේ මේ දේවල් බෑ කියලා. ඒ වගේමයි මේක මෝදි ගේ ආණ්ඩුව තවත් ශක්තිමත් කියලා පෙන්නන්ඩ පෞද්ගලික සමාගම් කීපයක් ආණ්ඩුවේ අනු දැනුම ඇතුව ගාන්ධිලාව අන්දලා, අන්තිමේදී රාහුල් ගාන්ධිව චොර කරලා දාන්ඩ කරණ දෙයක් කියලා තමයි පෙනෙන්ඩ තියෙන්නේ.
ReplyDelete