ශිරාන් බාසික්ගෙන් සල්ලි ගත් දේශපාලකයන් 10කගෙන් ප‍්‍රශ්ණ කරයි.. හිටපු ඇමතිලා දෙකක් ඇමතිනියන් දෙකක් ඒ අතර...


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයන් දසදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ප්‍රබල දේශපාලනඥයන්ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටියි.

මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති දේශපාලනඥයන් අතර හිටපු අමාත්‍යවරියන් දෙදෙනකු, අමාත්‍යවරුන් දෙදෙනකු, වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇතුළු ප්‍රසිද්ධ දේශපාලනඥයන් කීපදෙනකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේශපාලනඥයන් දසදෙනාටම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී වරින් වර ශිරාන් බාසික් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම පසුගිය රජයක සිටි ප්‍රබල අමාත්‍යවරයකු ශිරාන් බාසික්ට අනවසර ඉඩම් ගොඩකර මහල් නිවාස සහ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.

එම කටයුතු වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා ශිරාන් බාසික්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් වරින් වර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.

ශිරාන් බාසික් දීර්ඝ කාලයක සිට මෙම දේශපාලනඥයන් වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කර ඇති බවද මේ වනවිට හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධවෙයන් කළ විමසීමකදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ, ශිරාන් බාසික්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා පවත්වමින් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් සියලුම දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් කරගෙන යන අතර ඔහුට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරගෙන යන බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

- හේමන්ත රන්දුණු





High-Profile Politicians to Face Inquiry Over Links to Drug Kingpin Shiran Basik

The Directorate of Organized Crime Investigation has announced plans to question ten prominent politicians alleged to have maintained close ties with Shiran Basik, a leading drug trafficker in Sri Lanka. Accusations include receiving substantial sums of money and various favors amounting to billions of rupees from Basik.

Information unveiled during inquiries into Shiran Basik is prompting this investigation into the politicians, who include two former ministers, two current ministers, and a member of the current Parliament, according to police sources.

These ten politicians reportedly received large financial contributions from Basik multiple times during election campaigns, highlighting the intertwining of political funding and illicit activities.

Additionally, it has come to light that a powerful minister from a previous government allegedly facilitated Basik’s unauthorized construction of luxury apartments and hotels by providing essential resources.

Reports suggest that the former minister received substantial payments from Basik in exchange for these facilitative actions, further complicating the network of corruption associated with the drug lord.

In a broader investigation, the police have identified that Basik has been financially supporting these politicians over an extended period, which has now come to light.

Inspector General of Police Priyantha Weerasuriya confirmed that further interrogations will be conducted with all politicians implicated in financial dealings and favors linked to Shiran Basik as new information emerges.

Currently in custody, Shiran Basik is facing extensive questioning, with police officials also investigating a range of valuable properties attributed to him, valued in the hundreds of millions of rupees.

The Organized Crime Investigation Directorate is actively pursuing detailed investigations into these emerging connections.

- Hemanta Randunu



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. වැඩේ සරලයි!
    මැරයෙක් අල්ලගන්නවා, ඌට කියලා නම් දෙක තුනක් කියවගන්නවා
    මඩබලකාය, රජයේ මාධ්ය දාලා මාසයක් විතර වැඩේ අදිනවා.
    කොහොමද හුණ්ඩු කබරයගෙ මොලේ

    ReplyDelete
    Replies
    1. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කියන්නෙ පොලොස්පති පකයගෙ නීතිඥ

      Delete
  2. 22A ට පසුබිම හැදෙනවා. 😁😁😁😁😁

    ReplyDelete
    Replies
    1. DAN THIYENNE MOKEK HARI ALLAGENE DRAMA EKA NATANA GAMAN


      22 PASS KARALA

      PAKE SENA THIYAGNNA EKA

      Delete
  3. ත්‍රස්තවාදියෙක් කියපු දෙයක් අහල බුද්දි අංශ ප්‍රදානියාට දස වද දෙනවා. දැන් මේ කුඩ්ඩො පාතාලයො කියන දේ අහල අනිත් අය අත් අඩංගුවට ගන්නවා. දැක්කනේ කෙහෙල්බද්දර කියන එකා උජාරුවට ආ හැටි පොට්ටු එහෙම උලාගෙන. .තැනට ආවට පස්සෙ තමයි ඒවත් මකන්න කියන්නෙ හුන්ඩු ආන්ඩුවේ පොලීසිය. පචයා දෙමල සහ මුස්ලිම් උත්සවවල ජාතිවාදය අවුස්සන්න ආයෙ දෙන්නෙ නෑ කියල උජාරුවට කියනවා හරියට සින්හල බවුද්දයො තමයි ජාතිවාදය අවුස්සන්නෙ කියල නොකිය කියනවා වගේ. රට විනාසයි.

    ReplyDelete
    Replies
    1. සිංහලබෞද්ධ (ජාතිවාදී අන්තවාදී දේශාපාලන වහල්ලු තමන්ටම කියා ගන්නා එක වචනඒ අන්වර්ත නාමයක්) කියන තිරිසන්නු තමයි ජාතිවාදය ඇවිස්සුවේ. ඒකට අපිව ගාව ගන්න එපා. තොපි වගේ දේශපාලනික වහල් ජාතිවාදියො නෙමේ නියම සිංහල බෞද්ධයන් (වචන දෙකක්) :D අර නානාසාරයා, මා"ගල්"කන්දයා, අක්මීමණ වෛරීරත්නයා සහ මැඩිල්ලේ පොන්නාලොකයා වගේ උන් සහ උන්ගේ ගූ කන වහල්ලු තමා ඔය නමින් හදුන්වන්නේ.

      Delete
  4. පාතාලය කියන්නෙ මාලිමාවම තමයි. බොරු රග පෑම්.

    ReplyDelete
  5. අනුර කියල මන්ත්‍රී කෙනෙකුත් ඉස්සර ඔහොම චෝදනා කියෙව්වා කට උල් කරල. හැබැයි එකක්වත් ඔප්පු කරගන්න බැරි උනා. බොරු කිව්වෙ නම් නෑ අම්මප😂 මේවත් ඒවගේ ද දන්නෙ නෑ… කරන්න පුලුවන් ලේසිම දේ චෝදනා කරන එකනේ. ඔප්පු කරන්න ඕනම කියල නෑ…

    ReplyDelete
  6. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව ඒකමතිකව අනුමත කරනු ඇත

    ReplyDelete
    Replies
    1. එතකොට බං මාකඳුරේ මදුෂ්ගේ මළගෙදර ගියේ කවුද?

      Delete
  7. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව ඒකමතිකව අනුමත කරනු ඇත

    ReplyDelete
  8. ගයන්තටත් බඩු වගේ

    ReplyDelete
  9. තව විසිපහකට මාලිමාව පමණයි

    ReplyDelete
  10. ලබන සති දෙකේ නිවුස් ඕනෙවෙනවා.ඉතිං හදනවා.ඕක්කොමල කොහු ලණුව ගිලිලා.උන් හිනාවෙනවා.

    ReplyDelete
  11. මාස ගානකට කලින් කුඩු බෝට්ටු පිටින් ගෙන්නපු එකෙක්ගෙ ගෙදර ගිහින් බත් කාපු අති ප්‍රභල ලොක්කෙකුත් ඉන්නවා.
    ඒ හෙළිවුන තොරතුරු මත එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා පවත්වමින් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් එම ප්‍රභල දේශපාලනඥයාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළේ නම් නැත..

    ReplyDelete
Previous Post Next Post