මෙරට එක අලියෙකුගේ වටිනාකම ඩොලර් මිලියන 12.7ක් ලෙස ගණන් හදයි..


 මෙරට එක අලියකුගේ වටිනාකම රුපියල් කෝටි 380 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ක්) පමණ වන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය සඳහන් කරයි.

අලියකුගේ සංචාරක අගය,පාරිසරික ප්‍රාග්ධන අගය සහ සංස්කෘතික අගය ගණනය කිරීමෙන් ඉහත අගය ලැබුණු බවද එම සංසදය පවසයි.

කෙන්යාවේ වල් අලියකුගෙන් සංචාරක කර්මාන්තය හරහා වර්ෂයකට ඩොලර් මිලියන 1.6 ක් උපයා ගන්නා බවද එම සංසදය කියයි.

මේ අනුව,මෙරට එක අලියකුගෙන් රුපියල් කෝටි 380 ක් ජාතික ප්‍රාග්ධනයට එකතු කිරීමේ හැකියාව පවතින බවද එම සංසදය පවසන්නේය.

ශ්‍රී ලංකා වල් අලි සංරක්ෂණ සංසදය විසින් සකස් කරන ලද අලි මිනිස් ගැටුම කළමනාකරණයට අදාළ යෝජනාවලියක් කොළඹ විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨ තොරතුරු සහ ඉගෙනුම් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පෙරේදා (12 වැනිදා) පස්වරුවේදී එළි දැක්වීම සිදු කෙරුණි. එහිදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි. ජාත්‍යන්තර අලි දිනය පෙරේදා (12 වැනිදා) දිනට යෙදී තිබූ අතර, ඊට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි.

වයස අවුරුදු 55 දී ස්වභාවික හේතූන් මත මිය ගිය කෙන්යාවේ අහමඩ්, වයස අවුරුදු 54 දී ස්වභාවික හේතුන් මත මිය ගිය “ක්‍රෙග්’’නමැති ඇතුන්ට පැය 24 පුරා ආරක්ෂාව ලබාදී තිබූ බවත්,මේ අයුරින් මෙරට ස්වභාවික පරිසරයේ දැනට ජීවත්වන “මහසෙන්“,“අග්බෝ“,“කාවන්තිස්ස’’වැනි සුවිශේෂී දළ ඇතුන් ජාතික උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කර ආරක්ෂාව ලබාදිය යුතුව ඇතැයිද ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය පවසන්නේය.

2015 වසරේ සිට 2024 දක්වා කාලයේදී ශ්‍රී ලංකාව තුළ වන අලි 3,500 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත්, අලි පහරදීම් නිසා මිනිසුන් 1,200 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවත් එම සංසදය කියයි.

ගෝලීය වශයෙන් වැඩිම වල් අලි සංඛ්‍යාවක් මියයන සහ අලි පහරදීම් නිසා දෙවනුවට වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවක් සිදුවන රට ශ්‍රී ලංකාව බවද එම සංසදය කියා සිටී.

2023 වසරේදී පමණක් අලි 488 ක් මියගොස් තිබෙන බවත්, අලි පහරදීම් නිසා මිනිසුන් 182 ක් මියගොස් තිබෙන බවත්, ඒ අනුව,එම වසරේදී දිනකට එක් අලියෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවද එම සංසදය පවසන්නේය.

මෙරට දිස්ත්‍රික්ක 19 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130 කට වැඩි සංඛ්‍යාවක අලි මිනිස් ගැටුම පවතින බවද ලංකා වන අලි සංරක්ෂණ සංසදය සඳහන් කරයි.

මෙරට අලි සිය නිජබිම තුළම අනාථයෙක් බවට පත්ව සිටින බවත්, මිනිසා සමග අලි ඇතුන්ට ජීවත්විය හැකි සශ්‍රීක දේශයක් නිර්මාණය වියයුතුව ඇතැයිද එම සංසදය පවසන්නේය. මෙම අවස්ථාවට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සාලිය කුමාර ගුණසේකර





The Economic Value of Sri Lankan Elephants Estimated at Rs. 380 Million

The Sri Lankan Wildlife Conservation Authority has revealed that the value of a single elephant in the country is approximately Rs. 380 million, equivalent to USD 12.7 million. This figure encompasses the elephant's tourism, environmental, and cultural contributions.

According to the authority, a wild elephant in Kenya generates around USD 1.6 million annually through tourism, highlighting the potential income that a Sri Lankan elephant could bring to the national economy.

On this note, the wildlife authority emphasizes that a single elephant could contribute Rs. 380 million to the national economy, showcasing the significance of preserving these majestic creatures.

A report detailing strategies for managing human-elephant conflicts was unveiled recently at the University of Colombo's Faculty of Science. This event coincided with International Elephant Day, celebrated on the same date.

The authority also brought attention to two elephants in Kenya, Ahmed, aged 55, and Greg, aged 54, who both passed away from natural causes. They were under round-the-clock security, emphasizing the need for protection of Sri Lankan elephants like Mahasen, Agbotha, and Kavantissa, which should be revered as national treasures.

From 2015 to 2024, approximately 3,500 wild elephants have died in Sri Lanka, and human fatalities due to elephant attacks have reached around 1,200, underscoring the critical situation of human-wildlife interactions.

Alarmingly, Sri Lanka has the highest mortality rate for elephants globally and ranks second in human fatalities due to elephant attacks, according to the wildlife authority.

This year alone, 488 elephants have died, and 182 people have lost their lives due to elephant-related incidents, indicating a severe ongoing crisis regarding human-elephant conflicts, with the mortality rate suggesting at least one elephant per day.

The Wildlife Conservation Authority reports that there are about 130 divisional secretariats across 19 districts where human-elephant conflicts are prevalent.

There is a pressing need to create a harmonious coexistence between humans and elephants in Sri Lanka. This necessity was echoed by participants at the event, including Director General of Wildlife Ranjan Marasinghe, Dr. Pruthviraj Perera from the Conservation Research Institute, and Dr. Sumith Pilapitiya.

Reported by Saliya Kumara Gunasekara



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. Set weegana enne mun tika export karanna wage

    ReplyDelete
  2. //කෙන්යාවේ වල් අලියකුගෙන් සංචාරක කර්මාන්තය හරහා වර්ෂයකට ඩොලර් මිලියන 1.6 ක් උපයා ගන්නා බවද එම සංසදය කියයි.//

    පොඩ්ඩක් ගූගල් කරල බලන්න බැරි හරක් තමයි මෙහෙම දේවල් කියන්නෙ. මෙන්න උත්තරේ

    //AI Overview
    In Kenya, a single living elephant generates approximately $14,375 USD per year in tourism revenue. Over an average lifespan, one live elephant brings in roughly $1.4 million to $1.6 million USD to the local economy, making it dozens of times more valuable alive to tourism than dead for its ivory.//

    https://i.gyazo.com/1e03b8d0c23f5b43a0e3961b69ede11d.png

    ReplyDelete
  3. අඳුන්නෙත්ති වසන්ත සමරසිංගම් හිල්මන් විජ්ජරතන වැනි අයත් ජාතික උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කර ආරක්ෂාව ලබාදිය යුතුව ඇත

    ReplyDelete
Previous Post Next Post