ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කෙරේ.. 2020 සිට ධුරය බලාත්මකයි...


 පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ලබා දුන් නියෝගයක් බලාත්මක කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

මෙම උසස්වීම 2020 අගෝස්තු මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති අතර, ඒ පිළිබඳ නිල පොලිස් පණිවිඩය අද (07) පස්වරුවේ නිකුත් කර ඇත.

නව උසස්වීමත් සමඟ ශානි අබේසේකර මහතා හෙට (08) සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමට නියමිතය.

මීට පෙර ඔහුට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් ලබා දුන් තීන්දුවකට අනුව පොලිස් මූලස්ථානය මෙම පියවර ගෙන තිබේ.





Shani Abeysekara Promoted to Deputy Inspector General of Police

In a significant decision following a ruling by the Administrative Appeals Tribunal, the Inspector General of Police has initiated the elevation of Shani Abeysekera, the Director of the Criminal Investigation Department (CID), to the position of Deputy Inspector General of Police.

This promotion, retroactive to August 25, 2020, was officially announced in a police communiqué issued late this afternoon.

Effective tomorrow, Abeysekara is set to step down from his role as CID Director as part of the new appointment.

This move comes as a result of a previous ruling by the Administrative Appeals Tribunal regarding his denied promotions, leading the police headquarters to take this corrective action.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ඉලන්දාරි පේඬිගේ රුක්ෂාන්August 7, 2026 at 10:47 PM

    පොලිස්පති කරන්ඩ වටිනව. ඔහු ගේ බුද්ධිය හා කල මෙහෙවර අනුපමේයයි.

    ReplyDelete
    Replies
    1. උගේ මොලේ නියමය් , අම්මප ඔව් පාස්කු පහාරයට මු ඉඩදුන්නට

      Delete
  2. බය වෙලා යනවා. ඉන්න හම්බවෙන්නෙ නෑ පුතොඉ බොරු චෝදනා දාලා මිනිස්සු හිරේ දැම්මට

    ReplyDelete
  3. කට්ටියකට කලිසමේ තනි අකුර යන්ඩ ලගයි , අර සාගර වැඩවසම් වගේ අයට

    ReplyDelete
  4. So if he is to be the Assistant chief since 2020, what happened to the assistance chiefs who worked from 2020 to 2026.? Is not it illegal to have 2 peiople from the same post?

    ReplyDelete
  5. මාලිමාවට චන්දේ දුන් සියළුම දෙනා ඒකමතිකව අනුමත කරනු ලැබේ

    ReplyDelete
  6. කාදිනල් බය වෙලා.

    ReplyDelete
  7. ආණ්ඩුවේ ඉක්මන් විසඳුම් ප්‍රිති පද්මන්ටයි ශානි අබේසේකරටයි රවී සෙනෙවිටයි.අපට ඉක්මන් විසඳුම අවම බස් ගාස්තු 35යි හාල් මැස්සන් ග්‍රැම් 100 රුපියල් 280යි වී ටික 80-90ට ගන්න එකයි......................... දෙවියන්ගේම පිහිට ආරක්ෂාව යහපත් පුරවැසියන්ට ලැබේවා. තෙරුවන් සරණයි!

    ReplyDelete
Previous Post Next Post