එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන පද්ධතියක් හඳුන්වා දීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තමන් අමාත්‍ය ධුරයට පත්ව මාස 20ක් ගත වුවද, මෙම ආයතනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ආයතනයේ සභාපතිවරයා ඇතුළු පිරිස සිය වගකීම් නිසි පරිදි ඉටු කරන බැවින්, අමාත්‍යවරයෙකු ලෙස තමන්ට එහි පැමිණ මැදිහත් වීමට අවශ්‍යතාවක් මතු නොවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම "පොල් ඩබල්" පොහොර ව්‍යාපෘතිය වැනි සාර්ථක වැඩපිළිවෙළවල් පිළිබඳව තමන් මුලින්ම දැනගත්තේ Facebook හරහා බවත්, ආයතනය ස්වාධීනව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිළිබඳව තමන් සතුටු වන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
New Machinery and Systems Launched for Lanka Posit, with Minister's Support
In a significant development for the Lanka Posit Company, a new system of machinery and operational vehicles worth 110 million rupees was unveiled recently. This initiative aims to expand the company's production and operations, with the event presided over by Minister of Industry and Entrepreneurship Development, Sunil Handunnetti.
During the unveiling, Minister Handunnetti expressed that although he has held his ministerial position for 20 months, this visit marked his first to the organization. He emphasized his satisfaction with the effective execution of responsibilities by the company's board and management team, indicating no perceived need for his intervention as a minister.
The minister highlighted his initial awareness of the successful projects, such as the "Poly Double" fertilizer initiative, through social media platforms like Facebook. He conveyed his pleasure in observing the organization operate independently and efficiently, reinforcing the importance of self-management in today’s rapidly evolving industrial landscape.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
