අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා විනිසුරුවරුන්ගේ පත්වීම්, ධුර කාලය සහ ඉවත් කිරීම් සම්බන්ධයෙන් ස්ථාවර හා අපක්ෂපාතී ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.
දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.
විනිසුරුවරුන් ස්වාධීන විය යුත්තේ රජය සහ පුරවැසියා අතර මෙන්ම පුරවැසියන් අතර ඇතිවන නඩුවලදී මධ්‍යස්ථව කටයුතු කිරීමට බවත්, එම ස්වාධීනත්වය මහජනතාවට ප්‍රත්‍යක්ෂ වන පරිදි පෙනෙන්නට තිබිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි සංශෝධනයක් වර්තමානයේ සේවයේ නියුතු විනිසුරුවරුන් ඉලක්ක කරගනිමින් සිදු නොකළ යුතු බවයි.
විශේෂයෙන්ම, විශ්‍රාම යාමට මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තිබියදී විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පළුදු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වසර තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුම විශ්‍රාම ගිය බවත්, එවැනි අවස්ථාවලදී මෙම සංශෝධනය ඉදිරිපත් නොවූ බවත් පීරිස් මහතා සිහිපත් කළේය.
එළඹෙන දෙසැම්බර් මාසයේදී අගවිනිසුරුවරයා විශ්‍රාම යාමට නියමිතව තිබියදී මෙම සංශෝධනය ගෙන ඒම හරහා ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ කරන්නේද යන සැකය සාධාරණ සමාජයක් තුළ මතුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම්, විශ්‍රාම වයස වැඩිකිරීම වැනි තීරණ වර්තමාන විනිසුරුවරුන්ට අදාළ නොවන පරිදි සහ විනිවිදභාවයකින් යුත් පොදු ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතු බව ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේය.
Ensuring Judicial Independence: President's Call for Fair Appointments and Retirements
Reinforcing the need for a stable and impartial process surrounding judicial appointments, tenures, and removals, President’s Counsel Saliya Peiris emphasized the importance of ensuring judicial independence in Sri Lanka. Speaking on the '360' program of Derana TV, he articulated the critical nature of these reforms for the judiciary.
He pointed out that judges must maintain their independence in adjudicating cases not only between the state and citizens but also among citizens themselves, asserting that this independence should be visibly evident to the public.
Commenting on the proposed 22nd constitutional amendment aimed at extending judges' retirement ages, Peiris remarked that any such reform should not target current serving judges and must be approached with careful consideration.
He specifically warned that extending judges' tenures, especially when only a few months remain until retirement, could undermine public trust in the judiciary’s independence.
Peiris also recalled that several judges from the Supreme Court and the Court of Appeal retired earlier this year, without any discussions of such amendments being raised at those crucial junctures.
With the Chief Justice set to retire in December, questions arise regarding whether the government’s push to amend the rules will be seen as an effort to prolong his tenure, sparking concerns about fairness within a just society.
To preserve judicial independence, it is essential that decisions such as raising retirement ages are made transparently and not unjustly favoring current judges, Peiris concluded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සාලිය පීරිස් මහතාව විවෙචනය සදහා ඩොබී ප්‍රබුද්ධ බලකාය ද, මඩ ගැසීම සඳහා ඩොබී මඩ බලකාය ද, සමාජ මාධ්‍ය හරහා ගැරහීම සදහා ඩොබී කුණුහරුප බලකාය ද එළියට බැස ඇත. මෙයට අමතරව පාරට බැස උද්ගොෂණය කීරීමට 2500යෙ බත් පැකට් කසිප්පු ඩොබී බලකාය ද සුදානම් පිට ඇත.
ReplyDeleteදෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360
Deleteඅයන්නෙ නෙවෙයි හුයන්නේ ඉඳලා කියලා දෙන්නද? 😂
Deleteදාර නයි කොබෙක් නේ ඇවිත් තියෙන්නෙ.. පයන්න නෙමේද දන්නෙ නෑ තිබ්බෙ
Deleteවිශ්‍රාම යාමට මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තිබියදී විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම
ReplyDeletepadilyata giya ratak
දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360
Deleteපච හොරුන්ට කඩේ යන අධිකරණයක් රටට අවශ්‍යයි .. මුකුත් කියන්න බෑ
ReplyDeleteදෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360
Deleteපාස්කු ප්‍රහාරයද ඇතුළුව ඩුබායි සිට මෙහයවනු ලැබූ, කළාපයේ සිදුවූ සියළුම ත්‍රස්තක්‍රියාකාරකම්, සඳහා මුදල් පොම්පකරමින් පහසුකම් සපයමින්, කළාපයට මත්ද්‍රව් ආයුධ ඇතුල්කරමින්, ඉරාණය දෙසට වංචනික ලෙසට ඇගිල්ල දිගුකරමින් පසුගිය දශක තුනකට වැඩිකාළයක් ක්‍රියාත්මක වූයේ ඇමරිකාවේ 'යුඵස් අයිඩී' 'සී අයි ඵ්' සහ ඩුබායි වළ රජවරැන් ලෙස පෙනී සිටිමින් ඩුබායි සිට මෙහෙයවනාලද ලෝකයේ භයානකම ත්‍රස්ථවාදීන්ගේ කළු සල්ලි මධ්‍යස්ථානය ඩුබායි සහ ඵහිසිට ක්‍රියාත්මක ත්‍රස්ථ මධ්‍යස්ථානය මෙහෙවන , යු ඵස් අයි ඩී බින් සලාම් ජුන්ඨාවම බවත්,.
ReplyDeleteලෝකයේ වෙනත් කිසිම තැනක මේවැනි දැවැන්ත ත්‍රස්ථවාදය මත්ද්‍රව්‍ය සහ ආයුධ බෙදාහරිනා දරැණුතම මෙහෙයුම් මද්‍යස්ථානයක් නොවන බවත්,..
රැධිරය තැවරැනු මුදල් කන්දක් උඩ සිටිනා ඔටුවන්, ලෝකය පුරාවට මත්ද්‍රව්‍ය සහ ආයුධ ඇතුළු ත්‍රස්ථවාදීනි පෝශණය කරනමින් බිරිතාන්‍ය ප්‍රමුඛ යු ඵස් අයි ඩී ඇමෙරිකානුවේ චීන විරෝධී සැළසුම් කළාපය තුළ මුදාහරිනා, සැබෑම ත්‍රස්තයන්ගේ ත්‍රස්ත මෙහෙයුම් සඳහා උපයෝගී කරගන්නා ත්‍රසතයන් පිළිබඳව ඇමෙරිකානු ජුන්ටාවේ ආරකෂාවට තර්ජනයක් නිර්මාණය කර ඇති බැවින් සැළසුම් වෙනස් වී ඇති බවට දත්ත සහ වා ර් තා ,.!
ඇමෙරිකානු ජුන්ටාවේ ආරකෂාවට තර්ජනයක් අභියෝගයක් වියහැකි පිරිස පමණක්ම රටින් පිටුවහල් කිරීම සිදුකරනා බවත්,..
කෙසේ නමුදු සූකෂමලෙසට තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත ලංකාව සඳහාම සකසනාලද ත්‍රස්ත සැලසුම්, මෙහෙයුම් සහ උපක්‍රම කිසිදු අයුරකින් වෙනස්වී නොමැති බවට දැඩි අවධානය,.!
දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360
Deleteමේ අස්වැසුම පෝලිමේ රස්සා කරන්න බැරි එකෙක් පේන්න නෑ 🤣 ත්‍රීවීල් වසංගතය පවා මෙහෙම වෙන්න හේතුවක්. පොඩි කාලෙම වීල් එකට බහිනවා. ලොකු වෙනකොට ඒකෙ ආදායමෙන් පවුල ගෙනියන්න බැරි වෙනව.
ReplyDeleteදෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360
Deleteබන්ධනාගාර සිද්ධිය හා 22A අතාර පැහැදිලි සම්බන්දයක් පැවති .
ReplyDelete