අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාව ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තීරණ ගැනීමේදී යම් යම් අවදානම් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, අමාත්‍ය මණ්ඩල පත්වීම් හෝ පාර්ලිමේන්තු යෝජනා වැනි කරුණුවලදී අවදානම් ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී එවැනි අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
"අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එය නොකළ යුතු දෙයක්. ජනාධිපතිවරයා පවා මෙහි අවදානමක් ඇති බව පිළිගන්නේ නම්, එයම ප්‍රමාණවත් හේතුවක් මෙම සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීමට," යැයි අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සංශෝධනයට නීතීඥ සංගමය පමණක් නොව, මහානායක හිමිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක් විරෝධය පළ කර ඇති බවත්, දැනට මෙයට පක්ෂව සිටින්නේ රජය පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
යම් කරුණක් සම්බන්ධයෙන් විද්වතුන් සහ නායකයන් අතර මතභේද පවතී නම්, කළ යුත්තේ ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර රටට වඩාත් යහපත් වන පොදු එකඟතාවයකට පැමිණීම බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් නීතීඥ සංගමය සීමාවන් තුළ සිට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද ඔහු මෙහිදී සහතික විය.
Legal Community Stresses Importance of Judicial Independence Amid Constitutional Amendments
Highlighting the paramount importance of judicial independence, Rajiv Amarasuriya, the President of the Sri Lanka Bar Association, asserted that no risks should be taken regarding this foundational principle in a country's governance.
His remarks came following a special discussion between the President and representatives of the Bar Association concerning the proposed constitutional amendments. Amarasuriya emphasized the need for caution during developments that could impact the judiciary.
In response to the President's comments about potential risks in decision-making, the Bar Association President noted that while accepting risks may be common in ministerial appointments or parliamentary proposals, such risks cannot be tolerated when it comes to the independence of the judicial system.
"If there is any threat or pressure on the independence of the judiciary, it should not occur. If the President acknowledges that there is a risk, that alone is a sufficient reason to refrain from implementing this amendment," he further noted.
Amarasuriya also pointed out that the proposed amendment has drawn opposition not only from the Bar Association but also from prominent Buddhist leaders and numerous local and international organizations, stating that currently, only the government supports it.
The Bar Association President emphasized the importance of extensive dialogue and consensus among experts and leaders when disagreements arise on certain issues, as reaching a collective agreement that benefits the nation should be prioritized.
He assured that the Bar Association would take every possible action within its limits to safeguard the independence of the judiciary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

"අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එය නොකළ යුතු දෙයක්. ජනාධිපතිවරයා පවා මෙහි අවදානමක් ඇති බව පිළිගන්නේ නම්, එයම ප්‍රමාණවත් හේතුවක් මෙම සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීමට,"
ReplyDeleteශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාගේ මෙම ප්‍රකාශය සමග 100% ක් එකඟයි.
මම ප්‍රමිෂ්කට පොරොන්දුවෙලා තියෙනවා මොන අවදානමක් අරගන හරි බෝන්අගේන් සූරයාගේ කාලය දීර්ඝ කරල දෙනවමයි කියල.
ReplyDelete