මොන චෝදනා එල්ල කලත් 22 ගේනවා...


 යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය කෙතරම් චෝදනා එල්ල කළද, එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථාපිත කටයුතු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. 

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කරන්නක් නොව, සමස්ත අධිකරණ පද්ධතියේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම, විනිසුරුවරුන් සංඛ්‍යාව සහ උසාවි සංඛ්‍යාව වැඩි කිරීම වැනි ජනතාවට සෙත සැලසෙන කරුණු රැසක් මෙහි අඩංගු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනමත විචාරණයකට යාම සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචන පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය:

"ජනමත විචාරණයකට යා යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මිසක් වෙනත් පණ්ඩිතයෝ නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව අනුව ඉදිරි පියවර ගැනීමට රජය සූදානම්. විපක්ෂයට පුළුවන් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් ඔවුන්ගේ තර්ක ඉදිරිපත් කරන්න."

එසේම, බන්ධනාගාර පද්ධතියේ පවතින තදබදය අවම කිරීම සහ රැඳවියන්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ඒ සඳහා පත් කරන ලද කැබිනට් අනුකමිටුවක් හරහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

රජය සැමවිටම කටයුතු කරන්නේ ජනතාව වෙනුවෙන් ගනු ලබන නිවැරදි තීන්දු තීරණ සමඟ බවත්, විරෝධතා හමුවේ එම ක්‍රියාවලිය නතර නොකරන බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Minister Harshana Nanayakkara Affirms Proposed Constitutional Amendment Will Reach Parliament

Despite substantial criticism from the opposition regarding the proposed 22nd amendment to the Constitution, Minister of Judicial, Prison Reform, and Parliamentary Affairs Harshana Nanayakkara has assured that the amendment will inevitably be presented to Parliament.

Addressing questions from reporters, Nanayakkara emphasized that this constitutional amendment is not merely a political maneuver, but a vital part of an overarching reform process for the entire judicial system. Key elements of the amendment include raising the retirement age for judges and increasing the number of judges and magistrates to enhance public access to justice.

Regarding the opposition's inquiries about whether a referendum should be conducted, the minister pointed out that the decision rests with the Supreme Court, not with other scholars. He reiterated the government's readiness to take further steps based on the ruling from the apex court. The opposition is welcome to present their arguments before the court on this matter.

Additionally, the minister revealed that the government is focused on alleviating the overcrowding in the prison system and addressing the welfare of detainees. He mentioned that a Cabinet committee has been appointed to engage in extensive discussions and initiate necessary reforms in this area.

Nanayakkara reaffirmed that the government consistently acts in the best interests of the people, stressing that it will not halt this process in the face of protests, as it is crucial for making informed decisions that benefit the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. තොපි මොන දේ කෙරුවත් තොපිට මිනිස්සු ගහල පන්නල කැළණි ගගෙන් නාවලා පොකවල පලවල ජම්පර් අන්දනවමයි.

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන්August 29, 2026 at 7:18 AM

      ඒ උඹ නැඟිටපන්, නැඟිටපන්, ගෝඨා නෙවේ දැන් ජනාධිපති, තෝ සිහිමුර්ඡා වෙලා ද හිටියේ මෙච්චර කල්? දැන් තියෙන්නෙ වෙන ආණ්ඩුවක් පකෝ, ගෝඨාව එලෙව්වා. ගෝඨාගේ සෙට් එක බේරේ වැවේ ගිල්ලෙව්වා. දැන් ඒ සේරම ප්‍රශ්ණ තිබුණු කාලේ ඉවරයි.

      Delete
    2. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

      haban kukulanta magulakne

      Delete
    3. අමිල රුක්ෂාන්, උඹයි නිදාගෙන ඉන්නේ, නැගිටලා ඡන්දයක් තියපන්. මිනිස්සු ගහලා එලවන්න කලින්.

      Delete
    4. රටක් ජාතියක් ආගමක්‌ නැති පරයෝ සහ අමිල රුක්ෂාන් වගේ මොළේ වැඩිලා නැති ගොබ්බ වහල්ලු.

      Delete
    5. ගහල පන්නන්න ඕන පරයව

      Delete
  2. තොපි ඕකට තමයි අහිංසක රැඳවියන් 30 විතර මැරුවේ. මිනීමරුවෝ. උබලට mini මරල හොඳ experience එකකුත් තියනවා 88-89, 71 කාලය.

    ReplyDelete
    Replies
    1. හොඳටම පුලුවන්කම තිබුනා ජීවිත 28ක් බේරගන්න. මේකා බීලා නිදාගත්ත කියමුකො, ආන්ඩුවේ අනිත් ඇමතිලා, ජනාධිපති, අගමැති පොල් ගෑවද? උන් එකෙක් වත් කිසිම දෙයක් කරේ නෑනේ. අනිවාර්යෙන් සැලසුම් කරලා කරපු දෙයක්.

      Delete
    2. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

      haban kukulanta magulakne

      Delete
  3. නීති නවලා ගල් අඟුරු හොරු, කන්ටේනර් හොරු බේරගන්නනේ මේ ඔක්කොම කරන්නේ.

    ReplyDelete
    Replies
    1. Meken kohomada bn eka wenne.poddak wisthara karapanko

      Delete
    2. විස්තර කරනව නම් මෙහෙමයි. 22 සංශෝධනේ ගේන්නේ ප්‍රීති පද්මන් සුරසේන කියන වත්මන් අගවිනිසුරු බෝර්න් අගේන් ක්‍රිස්තියානි පාදිලි තුමාව ඒ තනතුරේ දිගටම තියන්න. ඔය විනිසුරු එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ගන්න තිබ්බ ඩොලර් බිලියනයක වන්දි ගෙවන්න ඕන නෑ කියලා තීන්දුවක් දෙන්න ඒ සමාගමෙන් ඩොලර් මිලියන ගානක අල්ලස් අරගෙන. ඒක ගැන විස්තර මාලිමාවේ වසන්ත ප්‍රමුඛ කප්පම් කල්ලිය සතුයි. ඉතින් ඌව දිගටම තියා ගත්තොත් කප්පමක් දුන්නම තීන්දුව නවා ගන්න පුලුවන්. ඊලඟට එන්න ඉන්න විනිසුරුවරු ටිකක් නවන්න අමාරුයි. ඒක නිසා මූව තියාගෙන පුලුවන් ඉක්මනට ව්‍යවස්ථා වෙනසක් කරලා ඡන්ද තියන එක නවත්තලා රට සමාජවාදී කරන්න ඕන. එහෙම කරාම රජ වුනා වගේ තමයි. කරන්න බැරි දෙයක් නැහැ. ඒකනේ මාලිමාවේ සෙට් එක කියන්නේ තව අවුරුදු 30කට ඒගොල්ලො තමයි බලයේ ඉන්නෙ කියල.

      Delete
  4. බලහන්කො මුගේ උද්ධච්ච කතාව. හෙන ගහන්න ඕන මුන්ට ඡන්දෙ දීපු උන්ට.
    හෙන හතම ගහන්න ඕන තාමත් කඩේ යන උන්ට.

    ReplyDelete
  5. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

    haban kukulanta magulakne

    ReplyDelete
  6. 22 ආදීනව පිළිබඳ ව සිදුකරන විද්වත් මත වලට පහර දීමට ඩොබී ප්‍රබුද්ධ බලකායද, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතෙ අදහස් ප්‍රකාශ කිරීමට වැලක්වීමට ඩොබී මඩ බලකාය ද සමාජ මාධ්‍ය තුළ හඩ නිහඩ කිරීමට ඩොබී කුණුහරුප බලකාය ද ක්‍රියාත්මකය. කුණුහරුප ඩොබීන් ගැන කථා කිරීම නිශ්පලය. නමුත් ශ්‍රෙෂ්ඨාධිකරණය තුල අභියොගයට ලකි වී ඇති නිශ්චිත කරුණක් සදහා එහි තීරණය ප්‍රකාශ කිරීමට පෙර, තම මතය නිවැරදි ලෙස පැවසීම උද්ධච්ච කමට එහා ගිය ඒකාධිපති වියරුවක් නිර්මාණය කිරීමක් වෙ.

    ReplyDelete
Previous Post Next Post