22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත.
අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් ද නව නීති හඳුන්වා දී ඇති අතර, ඒ අනුව වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් මුලින්ම එළඹෙන දිනයේදී ඔහු විශ්‍රාම ගත යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මීට අමතරව, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටත්, මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේ, ඇතැම් පාර්ශව පෙන්වා දෙන තරම් යකෙක් මෙම සංශෝධනය තුළ නොමැති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඇතැම් සංවිධාන තොරතුරු විකෘති කරමින් සහ අසම්පූර්ණ තොරතුරු ලබා දෙමින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක කාලයක් තුළ ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නීතිමය අවස්ථාව පවතී.
Proposed Constitutional Amendments Submitted to Parliament
The draft constitutional amendments are set to be presented in Parliament today, the 18th. This significant proposal aims to extend the retirement age for Supreme Court judges to 67 years and for Appeal Court judges to 65 years.
New regulations concerning the retirement of the Attorney General have also been introduced. According to the draft, the Attorney General must retire on the earlier of the date when he turns 67 years old or after completing six years in office.
Additionally, the Judicial Organizations Amendment Bill proposes to increase the retirement age for Magistrates and District Judges to 62 years, along with raising the number of Supreme Court judges from 110 to 120.
Highlighting the amendments during the parliamentary debate, Minister of Justice Harshana Rajakaruna emphasized that certain parties have overlooked aspects of this reform.
Responding to a question raised by Opposition Leader Sajith Premadasa, the Minister pointed out that some organizations are distorting information and attempting to mislead local and international stakeholders with incomplete facts.
Following the presentation of the draft in Parliament, there will be a seven-day window within which anyone can challenge it in the Supreme Court.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට තෑගි දෙන්නද එපාද කියලා තීරණය කරන්නෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝමයි. ඉබ්බ දියේ දාද්දී ඇන්නෑවේ කිව්ව වගේ තියෙයි.
ReplyDeleteදේශීය ගව සම්පතට තේරෙන්නෙ නැති වුනාට ජාත්‍යන්තරේ ඉන්නේ මෝඩයෝ නෙමේ හර්ෂණ.
ReplyDeleteගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද, මුලට චූ දාන්නද කියලා හරකාගේ හැසිරීම දන්න එකා දන්නවනේ.
ReplyDeleteමුන් පව වලින් ජාත්‍යන්තරෙත් අන්දන්න යන්නේ. ටිකක් අමාරු වෙයි හැබැයි.
ReplyDeleteකියන තරම් යකෙක් නෙවෙයි කියන්නෙ මෙයත් දන්නව, 22 කියන තරම් නැති උනත් යකෙක්මයි කියල.
ReplyDeleteමටත් ඇති වුනෙ එවැනි ගැටළුවක්. 22 මොන වගෙ යකෙක්ද,?
Delete👍👍👍
Deleteතොපි පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවත් අද වගේ දවසක. අද අධිකරණයත් බෝම්බ ගහලා විනාශ කරන්න එපා.
ReplyDelete👹👹👹👹👹
යකෝ ජාත්‍යන්තරය ඉන්නේ උබල වගේ බබ්බු කියලද හිතාගෙන ඉන්නේ.
ReplyDelete😁😁😁😁😁
ආරියතිලක
ReplyDeleteත්‍රෛනිකායික මහ නායක මාහිපාණන් වහන්සේලාගේ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් මතුවන සත්‍යය..
දිනය; 1989 පෙබරවාරි 8 වෙනි දිනය ය. ස්ථානය; සෙංකඩගල මහනුවර, තථාගත සම්මා සම්බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින, ශ්‍රී දළදා මන්දිරය ය. වේලාව; සවස 6.15 ට පමණ ය. එදින සිරි දළදා වහන්සේගේ සන්ධ්‍යා තේවා පූජාවට පැමිණි පිරිස විසින් ම සිරි දළදා මාළිගාවට ආයුධ සංනද්ධව ප්‍රහාරයක් එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ප්‍රහාරයේ අරමුණ වී ඇත්තේ, සිරි දළදා මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් හමුදාවේ හා යුද්ධ හමුදාවේ ආයුධ කොල්ල කෑමට හා සිරි දළදා මාලිගාව සතු රන් භාණ්ඩ සහිත දේපොළ කොල්ල කෑමට ය. මාධ්‍ය වාර්තා අනුව හා පසු කාලයේ සමාජ මාධ්‍ය වාර්තා අනුව සිරි දළදා වහනසේ පැහැර ගැනීමේ සැලැස්මක් ද තිබී ඇති බව කියවිණි.
මෙම සහාසික අපරාධයට චෝදනා එල්ල වූයේ කා හට ද? ඒ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට ය. අදටත් ඒ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණට ම ය. වෙන කිසිවෙකුටත් ම නො වේ. එම චෝදනාවට, උත්තර බැදීමට ජනතා විමුක්ති පෙරමුණට දැන් කාලය හරි ය. වර්තමානයේ රටේ ජනාධිපති ධූරය හොබවන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකයා බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය, ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා ද වත්මන් ජනාධිපතිවරයා බැවිනි.
1989.02. 08 දින දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද්දේ ද? නැද්ද? යන්න පැහැදිලි උත්තරයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවලහා දිය යුතු ය.
ජනතා විමුක්ති පෙරමුණට චෝදනාව ඒ එදා ය; එම චෝදනාවෙන් ජනතා විමුක්ති පෙරමුණ තවමත් මුක්ත වී නැත.
ඒ එදා ය. මේ මෙදා ය. වත්මන් ප්‍රහාරය නම් අධ්‍යාත්මයට කළ ප්‍රහාරයක් පිළිබඳව ය.
මෙරට සම්බුද්ධ ශාසනය පවතිනුයේ අවිච්ඡින්න චීවර පරම්පරානුගත(සිවුරු පරපුර) පැවිද්ද නිසාවෙනි. පැවිදි භික්ෂූන් වහන්සේලා නැතිනම් සඟ සසුන එතෙකින් අහෝසි ය. ශ්‍රීලංකා භූමියේ සංඝ ශාසනය අවිච්ඡින්න චීවර පරම්පරාව ගුරු පරපුර වශයෙන් කීපයකට බෙදී ඇත්තේ ය. ඒ ගුරු පරපුර නම් නිකාය ය. නිකාය නම් ගුරු චීවර පරපුර ය. මෙරට සියම්, අමරපුර, රාමඤ්ඤ වශයෙන් නිකාය විවිධ වුවත් ඒ ගුරු චීවර පරම්පරා සියල්ල එක ම සඟ සසුන ය. ඒ ඒ නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා එම ථේර පරම්පරාවේ සංඝ පීතෘත්වය දරන්නාහ. එම සංඝ පීතෘභාවය ඉසිලීම තථාගත සම්බුදු රදුන්ගේ දේශනාව පරිදි ය. එම ථේර භාවය ඉසිලීම, තථාගත සම්බුදු රදුන් විසින් සූත්‍ර පිටකයේ, දීඝ නිකායේ පාසාදික සූත්‍රයේ අවශ්‍යම කාරණයක් බව වදාළ සේක. “ථේර” බව නම් ධර්ම විනය අනුව පැවැති භික්ෂුත්වයේ වැඩි මහළු බව ය. සම්බුදු සසුනේ ථේර භාවය නම් ධර්ම විනයෙන් වැඩී යාම ය. ධර්ම විනයෙන් පරිනත වීම ය. සම්බුද්ධ ශාසනයේ භික්ෂූන්ගේ වැඩි මහළු බව, වයෝවෘද්ධ බව ශාසනයේ පැවැත්මට ස්ථීර සාධකයක් වන්නේ ය. එම ථේර භාවයට වැඩි මහළු පිළිවළින් ගරු සම්භාවනා කිරීම තථාගතයන් වහන්සේ විසින් වර්ණිත ය. එසේ ම අනුදත් වදාළ සේක. එසේ කරන තාක් සම්බුදු සසුන නො පිරිහෙන බව හා එසේ නො කිරීම තථාගත ශාසනය පිරිහීමට හේතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.
වර්තමානයේ මෙරට සංඝ ශාසනය අවිච්ඡින්න්ව පවත්වා ගෙන එන ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ලංකා භූමියේ ඉහත සඳහන් කළ ථේර භාවයේ මුදුන් මල් කඩ ලෙස සලකත්. ඒ ඒ. නිකායේ භික්ෂූන් වහන්සේලා ඒ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සංඝ පීතෘභාවය අවිවාදිතව පිළි ගනිත්. ඒ හේතුවෙන් ම ගිහි උපාසක උපාසිකා පිරිස ද ඒ අනුව යෙත්. මහා සංඝ රත්නයේ තීරණයට හිස නැමීම සියලු බෞද්ධ කුල වැසි උපාසක උපාසිකා දායක කාරකාදීන්ගේ සිරිත ය. පිළිගැනීම ය. පැවතීම ය. තථාගතය වහන්සේ විසින් වදාරන් ලද, සඟ ගුණ පාඨයෙන් පූජාර්හ ය. “කුල දේවතා” නාමයෙන් සම්භාවනා කිරීම ය.
ඒ පිළිබඳව වචන මාත්‍රයකුදු විවාදයක් නැත්තේ ය. එය මහා සංඝ රත්නය විෂයෙහි ඇති කර ගත්, බෞද්ධ හිහි භවතුන්ගේ “සෝවචස්සතා” ගුණය ය. එසේ නො වන්නට මේ දක්වා ගෞතම තථාගත සම්බුද්ධ ශාසනය පැවැතීමක් නැත්තේ ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ග කිරීම පිළිබඳව, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක මාහිමිපණන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපණන්වහන්සේ යන තෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලා විසින්, ජනාධිපතිවරයා වෙත, තමන් වහන්සේලාගේ ස්වකීය මතය දන්වා ලිපියක් යැවූ බව ප්‍රකාශ කළහ. නමුත් හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස,
"එවැනි ලිපියක් පිළිබඳව මම දැනුවත් නැහැ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව මට කිසිවක් පවසා නැහැ. ඒ නිසා ඒ ගැන අදහස් දැක්වීමට මට නොහැකියි."
යනුවෙන් පිළිතුරු දෙන ලද බව 2026.08.11 මාධ්‍ය වාර්තා කළේ ය.
සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ යන නායක මාහිමිපාණන් වහන්සේලා බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවාව භාරව වැඩ සිටින්නාහ.
රජයේ මාධ්‍ය ප්‍රකාශක, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින්,
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ලැබී ඇති බව,
2026.08.11 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.
රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට කලින්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, කිසියම් නිකායකට අයත් භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම මත මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව උන්වහන්සේ සඳහන් කළ බව ද මාධ්‍ය වාර්තා කළේ ය.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් 12 දින මහනුවරදී මල්වතු විහාරපාර්ශයේ මහා නාහිමියන් බැහැදුටුවහ. එම අවස්ථාවේදී නායක මාහිමිපාණන් වහන්සේ විසින්
”මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.”
යනුවෙන් අදහස් දක්වන ලදී.
මේ සියල්ලට ම පසුව ත්‍රෛනිකායික මහ නායක මාහිමිපණන්වහන්සේල විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය, මාධ්‍ය මගින් ප්‍රසිද්ධයට පත් විය. එම ලිපියේ දිනය සඳහන් කර ඇත්තේ 2026.07.31 දිනය ලෙස ය.
2026.08.07 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම් වයස දීර්ඝ කිරීමේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධන පනත කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කරන ලදී.
හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාට මුසාවක් කීමට අවශ්‍යතාව්‍යක් නැත්තේ ය. ඔහු කීවේ සත්‍ය නම් අධිකරණය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බැවින්, බලවත් ලෙස එයට විරෝධතාවක් විවිධ පාර්ශව වෙතින් එල්ල වන මොහොතක, විෂය භාර අමාත්‍යවරයාට ජනාධිපතිවරයා වුසින්, ත්‍රෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලාගේ
ලිපිය ගැන නො කියා සිටීම, බරපතල ප්‍රශ්නයක් බව කිය යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වේ.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් ත්‍රෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලා විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමක් නො කළ බව හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාගේ කීම අතිශයින් බරපතල ය. මහා නායක මාහිමිවරුන්ගේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට වසන් කොට, සාකච්ඡාවට බදුන් නො කොට අව ම වශයෙන් නායක මාහිමිපාණන් වහන්සේලාට ලිපිය ලැබුණ වගවත් සඳහන් නො කොට, 2026.08.07 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම් වයස දීර්ඝ කිරීමේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධන පනත කෙටුම් පත ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලදී.
මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ලැබී ඇති බවත් ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා විනිසුරු විශ්‍රාක කාලය දීර්ඝ කිරීමට ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආශිර්වාද කළ බවත් ප්‍රකාශ කළේ ය.
දිනිදු සමන් කුමාර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව පවසන ලදී.
නමුත් රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සහ දිනිදු සමන් කුමාර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කියන ලද මෙම ප්‍රකාශය විවාදාපන්න ය. පිළිගත නො හැක. තත් කාරණය සම්බන්ධ මහා නායාක මාහිමිපාණන් වහන්සේලාගේ ලිපියේ අන්තර්ගතය ඔවුන්ගේ ප්‍රකාශයට ඉඳුරා ම වෙනස් බැවිනි.
මහා නායක මාහිමිපාණන් වහන්සේලා පැහැදිලිව ම ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් අවධානයට යොමු කොට ලිපිය අවසන් කොට ඇත්තේ,
“...අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහි කරනු කැමැත්තෙමු” යනුවෙනි.
මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව, ජනාධිපතිවරයාට ලිපියකින් මෙසේ ආමන්ත්‍රණය කොට තිබිය දී එම ව්‍යවස්ථා සංශෝධනයට ආශිර්වාද කළේ,
අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි හේතු යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙහි දැන් නැති නිසා විය යුතු ය. නමුත් ඒ ගැන මහා නායක මාහිමිපණන්වහන්සේලා මේ වන තෙක් කිසිදු අදහස් දැක්වීමක් කර නැත්තාහ.
පුදුමයට කාරණය නම් හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විසින් මහා නායක මාහිමිපාණන් වහ්න්සේලාගේ ලිපිය සම්බන්ධව;
“එවැනි ලිපියක් පිළිබඳව මම දැනුවත් නැහැ.”
යනුවෙන් ප්‍රකාශ කොට තිබියදී අද දින (15) රජයේ මාධ්‍ය ප්‍රකශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත මහ නාහිමිවරුන් යොමු කරන ලද ලිපියකට අනුව තමන් සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මහා නායක හිමිවරුන් බැහැදැක මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ බව ය.
මෙම ප්‍රකශ එකිනෙකට පරස්පර විරෝධීව සිටී. මෙම ප්‍රකාශ දෙක ම සත්‍යයක් විය නො හැක.
දෙදෙනාගෙන් අයෙකු බොරු කියනවා විය යුතු ය.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
අධිකරණ අමාත්‍යවරයා, මල්වතු මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමට යන මොහොත වන විට, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියන පරිදි, මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය ගැන පැහැදිලිව ම දැන සිට ඇත. නමුත් අධිකරණ අමාත්‍යවරයා කීවේ සත්‍යයක් යයි කියා පිළිගන්නේ කෙසේ ද?
“විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව” පැවසීමත්
”මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.”
යන මල්වතු මහා නයක මාහිමිපණන්වහන්සේගේ කනස්ස්ල්ල පළ කිරීමත් අතර පරස්පයකි.
මේ සියල්ල ගත් කළ “විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව” පැවසීමත් නො පිළිගත හැකි බව කිව යුතු ය.
මේ පිලිබඳව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විනිවිද බවින් තොරව වංචනික දෙබිඩි පිළිවෙතකින් ක්‍රියා කළ බව පැහැදිලි ය.
මේ පිළිබඳව මහා නායක මාහිමිපාණන් වහන්සේලගේ ස්ථාවරය රටට ජනතාවට දැනුවත් වී නැත්තේ ය. එසේ දැන ගැනීම රටට ජනතාවට, විශේෂයෙන් බෞද්ධ කුලයට, දේශපාලනය විසින් කරන රැවටීමෙන් අත් මිදීමට කරන මහඟු උපකාරයක් වනවා ඇත.
ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියකට නො සැළකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන “ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම ජනරජයේ වගකීම බව එකී ව්‍යවස්ථාවෙන් කියවෙන අර්ථයන් හා පැනවීම් නො සලකා කටයුතු කිරීමක් බව ද කිව යුතු ය.
පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී කියන ලද ප්‍රකාශය ද විමර්ශනයට බඳුන් කිරීම, සම්බුද්ධ ශාසනයට එරෙහිව ක්‍රියාත්මක අශුද්ධ බලවේගයන් අවම කිරීමට හේතු වනවා ඇත.
පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”
ReplyDeleteආරියතිලක
“පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”,
පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
“පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
ධනපතියන් නසා කරනව සැවො ම සම.
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා,
සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙනවා,
ජවිපෙ මාක්ස්වාදෙහි සිත අලවනවා,
දළදා සමිඳු අබියසදි ම මරවනවා
අසූනවය පුර තියවක නවම් මස,
බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
ජවිපෙය හැර
අසූනවය පුර තියවක නවම් මස,
Deleteබුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
ජවිපෙය හැර වෙන කවුරු ද? කියනු බස
👍👍👍👍😢😢😢
Delete