කුකුළු කකුලක් ඩොලර් 3.50යි.. දෙකක් ඩොලර් හතයි.. කුකුළු කකුල් ෆැක්ටරියක් දානවා..- නාමල්


 මෙරට කුකුළු පාලන කර්මාන්තයට ඉහළ අගයක් එකතු කරමින්, කුකුළු මස් සහ කුකුළු කකුල් අපනයනය ඉලක්ක කරගත් නව කර්මාන්ත ශාලා කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ විවෘත කිරීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, කුකුළු මස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිරිසිදු කර, ඇසුරුම් කර විදේශ වෙළඳපොළට යොමු කිරීමට සැලසුම් කර ඇත. 

මෙහිදී ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලීන් විද්‍යාත්මකව පාලනය කරමින් උසස් ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන අපනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම චීනය වැනි රටවල කුකුළු කකුල් සඳහා පවතින අතිවිශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, ඒ සඳහාම වෙන්වූ වෙනම කර්මාන්ත ශාලාවක් ද ස්ථාපිත කිරීමට නියමිතය. 

ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉහළ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට පවතින මිල ගණන් අනුව කුකුළු කකුලක් ඇමරිකානු ඩොලර් 3.50ක් පමණ වන බවයි.

"කුකුළෙකුගේ කකුල් දෙකක් ඩොලර් 7ක් පමණ වෙනවා. වත්මන් විනිමය අනුපාත අනුව එය රුපියල් 2,000කට අධික වටිනාකමක්. මෙය අපේ රටේ කුකුළු පාලන කර්මාන්තයට ලැබෙන ඉතා ඉහළ අගය එකතු කිරීමක්," යැයි ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නව කර්මාන්ත ශාලා විවෘත කිරීමත් සමඟ මෙතෙක් අපතේ ගිය කුකුළු කකුල් වැනි අතුරු නිෂ්පාදන හරහා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.





New Poultry Facilities Set to Boost Chicken Exports in Sri Lanka

In a significant move to enhance the local poultry industry, several new factories targeting the export of chicken meat and chicken feet are expected to open in the coming months, according to Namal Karunaratne, Deputy Minister of Agriculture and Livestock Resources.

This initiative, driven by private sector involvement, aims to prepare chicken products in accordance with international standards before packaging and dispatching them to foreign markets.

Karunaratne noted that the production process will intelligently manage microbial activities to ensure high-quality exports.

Given the immense demand for chicken feet in countries like China, a dedicated factory is also set to be established to cater to this market.

Highlighting the significant value in international trade, the minister revealed that the current market price for chicken feet is approximately $3.50. He elaborated, "The price for two chicken feet is around $7, which, based on the current exchange rate, exceeds 2,000 Sri Lankan Rupees. This represents a substantial value addition to our poultry sector."

With the opening of these new factories, the government anticipates that the country will be able to achieve substantial foreign exchange earnings through the export of by-products like chicken feet, previously considered a waste.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. Pl do not mislead people in Srilanka. A kilo of Chicken Drumsticks is about $4.00.- $ 4.50.

    ReplyDelete
    Replies
    1. Political gimmicks for the gallery.

      Delete
    2. Like the volkswagen factory?

      Delete
  2. තොට පුලුවන් අඹුඩයක් ගහගෙන රෙන පිඩිය එලියට එනකම් කෑගහල උද්ඝෝෂණ කරන්න විතරයි. වී වලට සාධාරණ මිලක් නොදෙන නිසා ගොවියෝ තොගෙ කර අඹන්න බලාගෙන ඉන්නෙ. ඊට පස්සෙ නඟුලක බැඳලා කුඹුරු හදන්න දානවා.

    ReplyDelete
  3. දන්න මගුලක් කතා කරන්න බොසා කුකුල් කකුල් වලට වෙනමම මාර්කට් එකක් එකක් නැහැ. කුකුල මස් වලට ගන්නකොට ඉතුරු වෙන කකුල් වලට පොඩි ගේමක් ගහනව ඇරෙන්න. ලංකාවේ ඕකට පොඩි ඉල්ලුමක් තියනව චින්නු ඉන්න නිසා. මෙයට කවුරු හරි කියන්න ඇති කුකුල් කකුලුත් දැන් කනව කියලා. ලංකාවේ දැන් තියන මිලට වෙන රටවල් වලට විකුනනව බොරු.

    ReplyDelete
  4. ඔය මඟුල් කරන්න ඉස්සෙල්ල ලංකාවෙ මිනිස්සුන්ට සාධාරණ මිලකට කුකුල් මස් ටිකක් බිත්තරයක් ගන්න ඉඩ අවස්ථාව හදලා දීපල්ලා බයිලා ගහන්නැතුව.තොගේ ඔය ජරා කට හින්දා මෙච්චර දවස් සත්තුන්ට දෙන්න ගත්ත කුකුල්කකුල් රුපියල් 200ට තිබිච්ච එක රුපියල් 250ක් කරලා.දැන් තොට මිනිස්සුත් බනිනවා බල්ලොත් බනිනවා.

    ReplyDelete
  5. Mama Americawe indala meka balanne. Oya mehe mulu kukulekuge gana. Meha kukul mas uru mas labai. Harak Elu Batalu mas ganan. Lankawe gon ammandila one boruwak gilinawa.

    ReplyDelete
  6. මුන් ආයේ මොන්ටිසෝරි යන්න ඕනෙ.. ඩොලර් 3.50 සම්පූර්ණ ලාබෙ කියලා මූ හිතන් ඉන්නේ.. බෙහෙත්, කෑම, ප්ලාස්ටික් කෑලි ඔක්කොම ටික රටින් ගෙනැල්ලා ලාභ ගනී .. ප්‍රමිතිය ? .. කුකුළාගේ ඉතුරු ටික.. කුකුල් කකුල් විතරක් වවන ෆාම් දාන්න යන්නේ

    ReplyDelete
  7. kukulage ate kiyada?
    ata factoriyak damu

    ReplyDelete
  8. මැටි හරකෙක් 😡🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post