සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක් දැඩි ලෙස හිඟ වී ඇති බවත්, ඩෙංගු මර්දන එන්නත ඇතුළු නවීන ඖෂධ අනුමත කිරීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගීන් සඳහා ලෝකයේ භාවිත කරන 'Qdenga' එන්නත මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාද කිරීම බරපතල ගැටලුවක් බවයි.
ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම අනුමැතිය ලබාදීම හිතාමතාම ප්‍රමාද කරන්නේද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය 'Oxaliplatin' සහ ශ්වේත රුධිරාණු වර්ධනය සඳහා යොදාගන්නා 'Filgrastim' ඇතුළු ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක් දිගු කලක් තිස්සේ රෝහල් පද්ධතිය තුළ හිඟ වී පවතී. මේ හේතුවෙන් බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය සංජීව මහතා පවසයි.
ලෝකයේ දියවැඩියාව සහ තරබාරුව පාලනය සඳහා භාවිත කරන 'Mounjaro' වැනි අති නවීන එන්නත් මෙරට නිල වශයෙන් අනුමත කර නොමැති වුවද, ඕනෑම ෆාමසියක "කළු කඩේ" මිලට ඒවා ලබාගත හැකි බව වෛද්‍යවරයා අනාවරණය කරයි. "පිළිගත් නියෝජිතයන් නීත්‍යානුකූල අනුමැතිය එනතුරු බලා සිටියදී, කළු කඩකරුවන් නිසි ශීතකරණ පහසුකම් පවා නොමැතිව හොර පාරෙන් මේවා ගෙනවිත් විකුණනවා. මෙවැනි ඖෂධ භාවිතයෙන් රෝගියෙකු මියගියහොත් එහි වගකීම ගන්නේ කවුද?" යැයි ඔහු ප්‍රශ්න කරයි.
ඖෂධ නියාමන අධිකාරිය විසින් පනවා ඇති මිල පාලනය හේතුවෙන් පෞද්ගලික රෝහල්වලට උසස් තත්ත්වයේ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට නොහැකි වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රසායනාගාර වාර්තාවල ප්‍රමිතිය බාල වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. වැරදි රෝග විනිශ්චය වාර්තා හේතුවෙන් රෝගීන් මරණයට පත්වීමේ අවදානමක් පවතින බවට ද වෛද්‍යවරු චෝදනා කරති.
පවතින අර්බුදයට විසඳුම් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයට පහත ප්‍රතිසංස්කරණ යෝජනා කර සිටියි.
1. මාර්ගගත පද්ධතියක් (Online Tracking): ඖෂධ ලියාපදිංචියේ සිට අනුමැතිය දක්වා ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව මහජනයාට නිරීක්ෂණය කළ හැකි පද්ධතියක් සැකසීම.
2. කඩිනම් අනුමැතිය (Fast-Track): ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෝ FDA වැනි ජාත්‍යන්තර ආයතන අනුමත කළ ඖෂධ සඳහා මෙරටදී වසර ගණන් පරීක්ෂණ පවත්වන්නේ නැතිව කඩිනම් අනුමැතිය ලබාදීම.
3. WHO ප්‍රමිතියේ රසායනාගාරයක්: ආනයනය කරන සෑම ඖෂධ කාණ්ඩයක්ම වෙළඳපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ රසායනාගාරයක් ස්ථාපිත කිරීම.
4. වෙළඳපොළ වැටලීම්: රට පුරා ක්‍රියාත්මක වන කළු කඩ ඖෂධ ජාවාරම මැඬලීමට නිරන්තර වැටලීම් සිදුකිරීම.
5. විද්‍යාත්මක මිල සූත්‍රයක්: ඩොලරයේ අගය සහ ලෝක වෙළඳපොළ මිල ගණන්වලට අනුකූල වන පරිදි නම්‍යශීලී මිල සූත්‍රයක් හඳුන්වා දීම.
Severe Shortages of Essential Medicines in Sri Lanka Raises Alarm Among Medical Professionals
The healthcare system in Sri Lanka is grappling with a critical shortage of over 40 essential types of medications, including the dengue vaccine. This alarming situation has persisted for several years, with modern drug approval processes experiencing significant delays, according to the Medical Professional Association for Health and Civil Rights.
Dr. Chamath Sanjeewa, President of the association, highlighted the urgent issue surrounding the delayed introduction of the 'Qdenga' vaccine, which has been utilized globally for dengue patients, stressing that the approval has taken nearly two years longer than necessary.
He emphasized the need for immediate investigation into whether the delays imposed by the National Medicines Regulatory Authority are intentional.
Critical drugs such as 'Oxaliplatin', used in cancer treatment, and 'Filgrastim', vital for white blood cell enhancement, have been in short supply for an extended period within the hospital system. Dr. Sanjeewa warned that this scarcity places the lives of individuals suffering from severe medical conditions in jeopardy.
Despite the lack of official approval for cutting-edge treatments like 'Mounjaro' for diabetes and obesity management, Dr. Sanjeewa pointed out that such drugs are still accessible on the black market. "While authorized representatives wait for legal approvals, illegal vendors are smuggling these medications without proper refrigeration. If a patient dies due to the use of such drugs, who takes responsibility?" he questioned.
The pricing regulations enforced by the National Medicines Regulatory Authority have hindered private hospitals from accessing high-quality pharmaceutical materials. This has led to a decline in the standards of laboratory reports and increased risks of misdiagnosis, which could contribute to patient fatalities, according to medical professionals.
Specialist doctors have proposed the following reforms to the government as solutions to the ongoing crisis:
1. **Online Tracking System**: Establishing a transparent online system that allows the public to monitor the process from drug registration to approval.
2. **Fast-Track Approvals**: Granting expedited approvals for drugs recognized by international bodies such as the WHO or FDA, bypassing lengthy local trials.
3. **WHO Standard Laboratories**: Setting up laboratories that meet international standards to test every category of imported drug before it reaches the market.
4. **Raids on Black Market Operations**: Conducting regular operations to eliminate the illegal drug trade flourishing across the country.
5. **Scientific Pricing Formula**: Introducing a flexible pricing formula aligned with the value of the dollar and global market prices.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාලිමා බල්ලන්ට චන්දෙ දුන් ගොන් මී හරක්ට බෙහෙත් කෑම තෙල් වගේ ඒවා වැඩක් නෑ.
ReplyDelete