ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2026 වසර සඳහා අනුමත කරන ලද නව පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීමේ ගාස්තු (Feed-in Tariffs) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නව ගාස්තු ව්‍යුහය ප්‍රධාන අංශ තුනක් යටතේ වර්ගීකරණය කර තිබේ.
කුඩා ජල විදුලි (Mini Hydro): නියත සංරචකය (Non-escalable) ඒකකයකට රු. 30.37 ක් වන අතර මෙහෙයුම්/නඩත්තු ගාස්තුව රු. 4.50 කි.
• සුළං විදුලි (Wind): නියත සංරචකය ඒකකයකට රු. 20.80 ක් සහ මෙහෙයුම් ගාස්තුව රු. 4.93 කි.
• නගර සභා ඝන අපද්‍රව්‍ය (Municipal Solid Waste): වැඩිම නියත ගාස්තුවක් හිමිවන අතර එය ඒකකයකට රු. 41.72 ක් සහ මෙහෙයුම් ගාස්තුව රු. 14.83 කි.
• ජලයේ පාවෙන සූර්ය පැනල (Floating Solar): නියත ගාස්තුව ඒකකයකට රු. 23.58 කි.
• ගෘහස්ථ සහ ව්‍යවසායක පාරිභෝගිකයින් (Prosumers - Rooftop Solar):
10kW දක්වා: ඒකකයකට රු. 23.11
10kW – 40kW දක්වා: ඒකකයකට රු. 19.15
40kW – 250kW දක්වා: ඒකකයකට රු. 17.11
250kW – 1000kW දක්වා (BESS සහිතව): ප්‍රමුඛතා වේලාවන්හිදී (Prioritized Feed-in Time) මුල් වසර 15 සඳහා ඒකකයකට රු. 45.53 ක් ගෙවනු ලැබේ.
• බැටරි ගබඩා පද්ධති (BESS) සහිත බලාගාර:
භූමියේ ස්ථාපිත සූර්ය පැනල (Ground Mounted Solar + BESS): ප්‍රමුඛතා කාලසීමාවන්හිදී ඒකකයකට රු. 47.08 ක නියත ගාස්තුවක් හිමිවේ.
පාවෙන සූර්ය පැනල (Floating Solar + BESS): ප්‍රමුඛතා කාලසීමාවන්හිදී ඒකකයකට රු. 53.28 ක ඉහළ නියත ගාස්තුවක් අනුමත කර ඇත
New Renewable Energy Feed-in Tariffs Announced for Sri Lanka
The Public Utilities Commission of Sri Lanka (PUCSL) has officially announced the revised feed-in tariffs for renewable energy procurement slated for 2026. This new tariff structure is categorized under three main sectors.
For mini hydro projects, the fixed tariff is set at LKR 30.37 per unit, with an operational and maintenance cost of LKR 4.50.
Wind energy projects will receive a fixed payment of LKR 20.80 per unit, accompanied by an operational cost of LKR 4.93.
Municipal solid waste facilities stand to benefit from the highest fixed tariff, priced at LKR 41.72 per unit, along with an operational cost of LKR 14.83.
Floating solar installations have a fixed tariff established at LKR 23.58 per unit.
Prosumers, or rooftop solar users, will also see varied tariffs based on capacity:
- For systems up to 10 kW: LKR 23.11 per unit
- For systems between 10 kW and 40 kW: LKR 19.15 per unit
- For systems between 40 kW and 250 kW: LKR 17.11 per unit
- For systems between 250 kW and 1,000 kW (with Battery Energy Storage Systems - BESS): LKR 45.53 per unit during prioritized feed-in hours for the first 15 years.
In addition, ground-mounted solar installations paired with BESS will receive a fixed tariff of LKR 47.08 per unit during priority periods, while floating solar setups with BESS will be entitled to a higher fixed tariff of LKR 53.28.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.



ඒත් පාඩුයි. දවසට යුනිට් 10ක් හදන බැටරියක් ලක්ශ 9ක් විතර වෙනවා. එතකොට මේ ගනන් වලින් ඒක කවර් කරගන්න අවුරුදු 6ක් යනවා. එතකොට බැටරියක් අලුතෙන් දාන්න කාලෙ ඇවිත්. දවල්ට දෙන යුනිට් එක 18 කියන්නේ තනිකර පාඩුයි. එක්කො සෝලාර් සිස්ටම් ගෙන්නන්න ගහන ටැක්ස් අඩු කරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන. නැත්තන් දවල්ට ගෙවන ගාන වැඩි කරන්න ඕන. මෙහෙම මිනිස්සු අන්දනවට නම් හෙන ගහනවා.
ReplyDeleteඇත්තටම වෙන්න ඕන, ගෙවල් වල සෝලාර් සිස්ටම් ගහන්න මිනිස්සුන්ව උනන්දු කරන එක. ඒත් මේ ආන්ඩුව ආපු දවසේ ඉඳලා හොරකම් කරන්න ඕන නිසා, මිනිස්සුන්ට ඒක එපා වෙන විදියට තමයි වැඩ කරන්නේ. වෙන ආන්ඩු වලින් රුපියල් 37ක් යුනිට් එකකට ගෙව්වා. මුන් ඒක 19 කරා. දැන් 18 කරලා.
Deleteමේ රටේ ඉන්න ඔක්කොම ඩෝබි ගවයෝ කියලා මුන් හිතන් ඉන්නේ ..
ReplyDeleteඒකකයකට ගෙවන මිල මොන ක්‍රමයෙන් ආවත් එකක් වෙන්න ඕනේ..
ඇයි.. rooftop එන ඒකකයයි .. wind turbines වලින් එන ඒකකයයි .. වෙනස් ද?
එකම විදුලි එකක.. මිල දෙකක්..?
ඒක හරියට.. පෝච්චියේ වවපු මිරිස් කිලෝ එක එකමිලක් .. පොළවේ වවපු මිරිස් කිලෝ එක තවත් මිලක් වගේ?? ඔය දෙකම ගබඩා පහසුකම් එක්ක ආවොත් තවත් මිලක් ??
ඔච්චර ගණන ගෙවල කොහොමද සමාගමට පාඩු නොවී පාරිභෝගිකයට විදුලි බිල අඩු කරන්නෙ
ReplyDelete