2026 වසරේ පළමු මාස හය තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා කැපී පෙනෙන ලෙස පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, අපනයන ආදායමට වඩා ආනයන වියදම් වේගයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
වාර්තාවේ සඳහන් දත්තවලට අනුව, 2026 වසරේ පළමු භාගය තුළ මෙරට සමස්ත ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.4ක් ලෙස වාර්තා වන අතර, එම කාලය තුළ අපනයන මගින් උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් පමණි.
මේ හේතුවෙන් පසුගිය වසර තුන පුරා අතිරික්තයක්ව පැවති ජංගම ගිණුමේ ශේෂය ද 2026 වසරේ මුල් භාගයේදී ඩොලර් මිලියන 245ක හිඟයක් වාර්තා කර ඇත.
ආනයන වියදම් මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඉන්ධන සහ වාහන ආනයනය සඳහා වැය වූ අධික පිරිවැයයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ඉන්ධන ආනයන වියදම 58.8%කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් බිලියන 3.2ක් ලෙස සටහන් වේ. මීට අමතරව, පෞද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.3ක මුදලක් වැය වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් මෝටර් රථ ආනයන බදු මත 50%ක අතිභාරයක් පැනවීමටත්, මහ බැංකුව විසින් වාහන මූල්‍යකරණ සීමාවන් දැඩි කිරීමටත් පියවර ගෙන ඇත.
මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලය තුළ වාහන ආනයන ඉල්ලුම පහළ ගොස් වෙළඳ හිඟය මත පවතින පීඩනය යම් මට්ටමකට ලිහිල් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
Sri Lanka's Trade Deficit Soars to $5.5 Billion in Early 2026
The Central Bank of Sri Lanka has revealed a significant expansion in the country’s trade deficit, reaching an alarming $5.5 billion in the first six months of 2026.
The findings, outlined in the latest monetary policy report, attribute this dramatic shift primarily to a surge in import expenditures outpacing export revenues.
According to the data, the total import expenditure for the first half of 2026 stands at $12.4 billion, while the export income during the same period is only $6.9 billion.
This disparity has caused a noteworthy decline in the previously established surplus of the current account, with a reported shortfall of $245 million in the first half of 2026.
The rise in imports is largely driven by skyrocketing costs associated with fuel and vehicle imports.
In light of ongoing geopolitical tensions in the Middle Eastern region, the global oil prices have surged, marking a 58.8% increase in fuel import costs, which now total $3.2 billion. Additionally, private and commercial vehicle imports have accounted for another $1.3 billion.
To mitigate this situation, the government has implemented an additional 50% tax on imported vehicles, while the Central Bank has tightened financing limits for vehicles.
These measures are expected to lower demand for vehicle imports in the coming months, alleviating some pressure on the trade deficit, according to the Central Bank's projections.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Hithpanko tourism and pita rata vada karana eunge sallith ave naththam kohmdha kiyala kaiyahe vada
ReplyDeleteWITZ EKATA THAMA ISSELAMA KELINNE
ReplyDeleteMUNTA WENA ADAYAM MARGA HADAGANNA PENNENAHA
රටේ ජනතාවගේ බෙල්ල මුලින් හිර කරන බදු කොන්දේසි තියෙන අයිඑම්එෆ් ගිවිසුමෙ ණය මුදලත් ඩොලර් බිලියන දෙකයි දශම නමයයි.
ReplyDeleteඊලඟ අවුරුද්දේ ගොවියො වගා කරන්නේ නැහැ. අන්න එතකොට තමයි ඕක හතර ගුණයක් විතර වෙන්නෙ.
ReplyDeleteහාල්, අල, ලූණු ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාවම වසන්තයා නම් ගොඩ යයි. රටේ මිනිස්සුන්ට තමයි පව්.
පිටකොටුව පැත්තෙ ගියාම බලා ගන්න පුළුවන්, ඕන එකයි නැති එකයි පිටරටින් ගෙනල්ලා විකුනනව. චින පත්තරත් ගේනව.ඒ මදිවට චීන්නු හොද දේවල් වලට අමතරව හොර වැඩත් කරනව. ඔවූන් සත පහක්වත් ලංකාවට ගේන්නේ නැතුව ලංකාවෙන්ම හම්බ කරල ඒ සල්ලි වලින් ජීවත් වෙනව. නිකං හම්බවෙන සල්ලි නිසා ආතපය දිග හැරල වියදම් කරනව. ඒ නිසා බොහෝ කෑම වල මිළ ගණන් වැඩි වෙලා තියනව.විශේශයෙන් කොළඹ.
ReplyDelete