ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම විද්‍යාත්මක හා තර්කානුකූල පියවරක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.
මීට වසර 40කට පෙර මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 60ක්ව පැවති නමුත්, වර්තමානය වන විට එය වසර 80 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනගහනයේ ආයු කාලය වසර 20කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ, සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ඉතා සාධාරණ බව ඔහුගේ අදහසයි.
එමෙන්ම, මෙම තීරණය හුදෙක් දේශපාලන තීන්දුවක් නොව විද්‍යාත්මක පදනමක් සහිත කරුණක් බවත්, වසර දෙකක් නොව වසර පහක පමණ කාලයකින් සේවා කාලය දීර්ඝ කිරීම වුවද වරදක් නොවන බවත් වෛද්‍ය හංසක විජේමුනි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Health Ministry Advocates for Extension of Judges' Retirement Age
In response to the rising life expectancy among Sri Lankans, Health Deputy Minister Dr. Hansaka Wijemuni has emphasized that extending the retirement age for judges is a scientifically and logically sound decision. He shared these insights during a recent media briefing.
Dr. Wijemuni pointed out that, historically, the average life expectancy for individuals in Sri Lanka was around 60 years, but this figure has now increased to approximately 80 years. This significant rise over the past four decades underscores the necessity for a two-year extension to the service duration for judges.
With the average lifespan having increased by nearly two decades, he argues that it is reasonable to consider extending the period of service for judges by two years. He highlighted that this decision goes beyond mere politics, rooted instead in scientific rationale. Furthermore, he noted that even extending the service period by five years rather than just two years would not be inappropriate.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

P# Thami . Life expectancy is more for those are in their late 70s because they ate very good food without pesticides and they have now access to very good medicine .Same is not true for those who born in after late 40s and life expectancy is decreasing for those who are born after 1960 .Look around and see how many of your collogues born after 1960s having huge health problems and how many of them have already passed.Mun me wade kara ganna ona boruwak kiyawi
ReplyDeleteමොකෙක්ද මේ ගස් ගෙම්බා අදමයි දැක්කේ...පල පකෝ යන්න උට්ටිගේ පුටා
ReplyDelete76 aurudu sapen me hikanallu aurudu 80k jeevath karanna plan and governing karapu hamotama sapa wenna ona jepponta ara,,, hik hik padu jeppo
ReplyDeleteවෙන්න ඇති 2015 බැන්ද අනුරයගේ පුතා මිහින් එයාහි වැඩළු. ගිය අවුරුද්දෙ බැන්දළු.
ReplyDeleteඋඹ දොස්තර කෙනෙක් නේද ?.කරුණාකරලා බොරු කියන්නෙ නැතුව උපතේදී ආයු කාලය අසූවක් වෙලා තියෙන ලේඛනය පෙන්නපන්..මේ වගේ වෙදාල ගෙන් බෙහෙත් ගත්ත ලෙඩ්ඩුන්ට අබ සරණයි.
ReplyDeleteThen it should be applied to all employees, not only for judges.
ReplyDeleteපැලවත්තෙ නාකි මයිනා කරලියට ගන්න වගේ ඔය හදන්නෙ…. නාකින්ට ගෙදර යතුර දෙන්න
ReplyDeleteඒ කියන්නෙ මේ ආණ්ඩුව තියෙනකල්ම අගවිනිසුරු තියා ගන්න පුළුවන් කියන එකනෙ.
ReplyDeleteකෝ පෙන්නපන් ඔය සංඛ්‍යාලේඛන 😂😂 පල උත්තෝ බොරු නොකියා ..
ReplyDeleteආරියතිලක
ReplyDeleteජවිපෙ හා ජාතික ජන බලවේගය විසින් 76 අවුරුද්දක ශාපයක් ගැන කියන ලද ප්‍රකාශ සම්පූර්ණ බොරුවක් බව හරිම විද්‍යාත්මකයි..තාර්කිකයි…
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියන
“ලංකාවේ උපතේ ආයු අපේක්‍ෂාව දැන් 80 වෙලා.. විනිසුරු වයස වැඩි කිරීම විද්‍යාත්මකයි.. තාර්කිකකයි..
මීට වසර 40කට පෙර මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 60ක්ව පැවති නමුත්, වර්තමානය වන විට එය වසර 80 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනගහනයේ ආයු කාලය වසර 20කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ, සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ඉතා සාධාරණයි” යන ප්‍රකාශ අනුව ඔවුන් විසින් 2024 මැතිවරණවලට පෙර හා පසු කියන ලද “පෙර පැවැති රජයන් විසින් අවුරුදු 76 ක ශාපයක් මේ රටට ඇති කළ බව” කියන ප්‍රකාශය විද්‍යාත්මකව හා තර්කානුකූල බිඳ වැටී ඇත.
මීට අවුරුදු 40 කට පෙර සිට ලාංකීය ජනග්‍රහනයේ ආයු කාලය වසර 20 කින් ඉහළ ගොස් ඇත්තේ පැවැති රජයන් මගින් ජනතාවට ජීවන තත්වය උසස් කිරීම සඳහා ගත් යහපත් රාජ්‍ය පාලන උපායමාර්ග නිසාවෙනි. කිසි ලෙසකින් ස්වයංක්‍රීයව රටක ආයු අපේක්ෂා ඉහළ නොයයි. දැනට වර්ෂ 40 කට පෙර සිට හෝ වර්ෂ 40 ක සිට හෝ රාජ්‍ය පාලනය මෙහෙය වූ ආණ්ඩු විසින් ගත් ආහාර සුරක්ෂිතතා, සෞඛ්‍ය, විවිධ වු අනෙකුත් සුභසාධක වැඩ සටහන් හේතුවෙන් ජනතාවගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව පැහැදිලි ය. 1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) විසින් ඇති කළ, 1971 හා 1987/88/89 රාජ්‍යද්‍රෝහී, රටට විනාශකාරි කැරළි දෙක, රටේ දියුණුවට මහත් බාධාවක් විය. එම කැරැළි දෙක හේතුවෙන් වර්ෂ ගණන් ආයු අපේක්ෂා තබා හෙට දවස පිළිබඳව අවිනිශ්චිත තත්වයක් උදාවිය. එදා රාජද්‍රෝහී කැරළි කරුවන් විසින් මහජනතාවට ආයු අපේක්ෂාව වෙනුවට ලබා දුන්නේ මරණය ය. ජවිපෙ එදා රටට ඇති කළ, විනාශ කාරී කැරළි දෙක හා එල්.ටී.ටී.ඊ ඇතුලු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය නො වන්නට මීට වඩා ආයු අපේක්ෂා ඉහළ යාමට ඉඩ තිබිණි.
කුමන තරම් ආයූ අපේක්ෂා ඉහළ ගියා යයි කීව ද, අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජතතාවගේ පරමාධිපත්‍ය බලය අමු අමුවේ උල්ලංඝනය කිරීම පමණක් නොව එය කොමියුනිස්ට්වාදී ඒකාධිපති බල වියරුව ක්‍රියාත්මක කිරීමේ මූලාරම්භය බව ද කිව යුතු ය.
ජනතාව ජවිපෙ ඇතුලු ජාතික ජන බවවේගය ආණ්ඩුව බලයට පත් කිරීමට, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය ක්ෂ්ණිකව හේතු විය. එසේ නැතිව ජනතා විමුක්ති පෙරමුණු කිසි ලෙසකින් මේ රටේ සංවර්ධනයට දායක වූ පිරිසක් නො වන බව ඉතිහාසය ඔප්පු කොට දී ඇත.
ජවිපෙ හා ජාතික ජන බලවේගය විසින් 76 අවුරුද්දක ශාපයක් ගැන කියන ලද ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව හරිම විද්‍යාත්මකයි..තාර්කිකයි…