වී අරන් ඉවරයි කියා ලොකු මෝල් හිමියන් කියනවා.. වී මිලදී ගැනීම ගැටළුවක්...- නි. ඇමති


වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වී තොග මේ වන විටත් මිලදී ගෙන ඇති බවට මහා පරිමාණ මෝල් හිමියන් පවසන බවයි.

මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රජය පිළිගන්නා බව ද ඔහු පැවසීය.

මෙහිදී පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් වෙත අනතුරු ඇඟවීමක් කළ අමාත්‍යවරයා, රජය සමඟ එකඟ වූ පරිදි නියමිත ප්‍රමිතියෙන් යුත් වී සඳහා නියමිත මිල ගොවීන්ට ලබා දිය යුතු බව අවධාරණය කළේය.

ගොවීන්ගෙන් අඩු මිලට වී මිලදී ගැනීමට උත්සාහ කරන පිරිස් වෙත ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගැනීමට රජය පසුබට නොවන බව ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





President to Hold Special Meeting on Rice Procurement Issues

A special meeting is set to take place between the President and leaders of large-scale rice mills to address the ongoing challenges in the rice procurement process, as revealed by the Deputy Minister of Agriculture and Livestock, Namal Karunaratne.

In remarks made to the media, Karunaratne indicated that representatives from major rice mills have assured them of having purchased sufficient quantities of rice. However, this situation has sparked certain problematic conditions within the market, which the government acknowledges.

The Deputy Minister issued a caution to private sector rice buyers, emphasizing that rice should be procured at established prices agreed upon with the government. He stressed the importance of adhering to these standards to ensure fairness in the market.

Additionally, Karunaratne asserted that the government would not hesitate to take stringent legal action against those attempting to purchase rice from farmers at below-market prices in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. උම්ඈබඇඈඈඈඈඈඈ

    ReplyDelete
  2. වල් ඇට වැපුරුවනම් වල්ම නෙලපිය. මම කිව්වෙ අපෙ ගොවියන් ට. ලබන කන්නෙ හරි නිවැරදී බීජ තොරගමු.

    ReplyDelete
  3. ඇත්ත්ටම ලංකාවෙ බාස්මතී විතරක් වගා කරානම් හරි. කන්න පුලුවන් හාල් බොහෝම අල්පයි. කීරි සම්බා කෑවම ශරීරෙ මහත් වෙනවා. දිය වැඩියාව හැදෙනවා. ගොඩක් හාල් පිදුරු කනවා වගේ

    ReplyDelete
  4. Thanakola වවමු. Dobilata සුදුසුම ඒවා.

    ReplyDelete
  5. Apata penda meseta gahuwata Namal uth Dudlige sakkuwe wage. Unuth ekai munuth ekai. Ekama system eka. Kisima deshapaluek wishwasa karanda ba. Bahutharayak chande denne naththe ekai. Moka awah ekmade thamai karanne. Pick pocket karayath anna hora kiyala kagahanawa.

    ReplyDelete
  6. පොර ටෝක් දිදී අමුඩ ගහගෙන ගොවීන්ව රවට්ටලා දැන් රෙද්දේ රෙවිල ගූ හත් පොලේ ගා ගෙන දඟලන ගොන් තැරි ජෙප්පෝ. මුන්ගේ රෙදි හෝදන ඩෝබිල තාම මූණු පොතේ ඉන්න එකනේ පුදුමෙ...

    ReplyDelete
  7. 88-89 කාලෙ දොරට යටින් තුණ්ඩුව දාල වැඩේ කරගත්ත වගේ ආණ්ඩු බලය ලැබුණමත් වැඩ කරන්න බෑ. ඉගෙන ගනිල්ලා...දැන්වත්

    ReplyDelete
  8. අපි සහතික මිලට වී ගන්න කිව්ව. එයාල ඒ මිලට අවශ්‍ය ප්‍රමානයම අරගෙන. තව වී අවශ්‍ය නෑ. ආන්ඩුව කියනවනම් ගන්නම් හැබැයි අපේ මිලට 80,100 වගේ. 😂😂😂😂 නාමලුත් ගොඩ ඩඩ්ලිත් ගොඩ😂😂😂
    වී කපන්න කලින් උන්ගෙ ගබඩා පිරුනෙ කොහොමද අහන්න කොන්දක් නැති ලොන්තයො….

    ReplyDelete
  9. හැබැයි ඉතින් ඩක්ලි මහත්තයා එහෙම කියනවා නම් ඉතින් ඒක තමයි ආණ්ඩුවේ නිල මතය. හොටු පෙරාගෙන අඩන්නේ නැතිව නිල මතයට අනුගත වෙන්න උත්සාහ කරන එක කාගෙ කාගෙත් ඇගට ගුණයි.

    ReplyDelete
Previous Post Next Post